හැමදාමත් දුම්රිය සේවයේ ලස්සන එලකිරි අඩවියට අරගෙන ආපු නිසා අද හිතුවා ඔයාලගේ දැනුමට යමක් එකතු කරොත් හොඳයි කියලා. එහෙම හිතුනේ පහුගිය සති දෙක තුනේ දපු කෝච්චි ත්‍රෙඩ් වලට ආපු කමෙන්ට්ස් හා PM නිසයි. ගොඩක් අය අහලා තිබුනා දුම්රිය සේවය ගැන, දුම්රිය ඇන්ජින් ගැන විස්ථර හොයා ගන්නේ කොහොමද කියලා. ඒ විස්ථර එයාලත් දැන ගැනීමේ ආසාවෙන් පසුවෙනවා කියලත් කියලා තිබුනා. ඒ නිසා ත්‍රෙඩ් කීපයක් මඟින් දුම්රිය සේවයේ විස්ථර එලකිරි අඩවියට අරගෙන එන්න ඕන කියලා හිතුනා.
මුලින්ම අපි බලමු අපේ දුම්රිය සේවයේ මේ තාක් කල් භාවිතා වෙච්ච දුම්රිය ඇන්ජින් ගැන පොඩි සාරාංශයක්.
අද වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවයට දුම්රිය ඇන්ජින් Locomotives,D.M.U.,Shunters,Rail cars, Narrow Gauge Locomotives, Powered Sets ඔක්කොම ගත්තොත් 393ක් අපේ රේල් ට්‍රැක් එකේ ධාවනය වෙලා තියෙනවා. අද වෙනකොට නම් මේ 393ම භාවිතා වෙන්නේ නෑ. කිහිපයක් විනාශ වෙලා ගිහින්.
මේ 393ක් වෙච්ච ඩීසල් දුම්රිය ඇන්ජින් ගැන කතා කරන්න කලින් ඔයලා දැන ගතයුතු තව දෙයක් තියනවා.
අපේ දුම්රිය සේවයේ සෑම දුම්රියක්ම පන්තිකරනය කරලයි තියෙන්නේ. උඩ තියන පින්තූරයේ ඔයාලට පේනවා ඇති Class M4 කියලා දුම්රිය ඇන්ජින් අංකයට උඩින් පන්තිය සටහන් කරලා තියෙනවා. මොනාද මේ දුම්රිය පන්ති කියලා ඉස්සෙල්ලාම අපි හදූනා ගනිමු.
අද වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ඇන්ජින් පන්ති 08ක් භාවිතා වෙලා තියෙනවා. අපි බලමු මේ එක එක පන්තියෙන් කියවෙන්නේ මොනවාද කියලා. ඒ එක්කම මම සඳහන් කරන්නම් ඒ පන්ති වලට් අදාලව අපෙ දුම්රිය සේවයට ආපු පන්ති අංකත් මොනවද කියලා.
Class G - Shunters Diesel Electric
මුලින්ම බලමු Diesel Electric එන්ජිමක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා. Diesel Electric ඇන්ජිමක් කියලා කියන්නේ ඩීසල් දහනය කරලා ඒ දහනය වෙන ඩීසල් මගින් ජෙනරේටරයක් කරකවාගෙන ඒ ජෙනරේටරයේ බලය මගින් ඇන්ජිම ගමන් කරවන ආකාරයේ පද්ධතියක්. (There is no mechanical connection between the engine and the wheels) ඒ වගේම මොකද්ද මේ Shunting කියන්නේ. ඔයාලා දැකලා ඇති සමහර දුම්රිය ස්ථාන වල එහෙම දුම්රියක් ගමන් ආරම්භ කිරීමට පෙර දුම්රිය මැදිරි නිසිලෙස සැකසීම වගේම නියමිත වේදිකාවේ නැවැත්වීම වගේ දේවල් සිදුකරනවා කුඩා ප්‍රමානයේ ඇන්ජින් යොදා ගනිමින්. ඒ ආකාරයෙන් දුම්රිය මැදිරි එහා මෙහා ගෙනයාමට තමයි shunting කියලා කියන්නේ. එතකොට Class G එකට අයත් වන්නේ Shunting කිරීමට යොදා ගන්නා Diesel Electric වර්ගයේ දුම්රිය ඇන්ජින්. G1 හා G2 තමයි G පන්තිය යටතේ දුම්රිය සේවයට එකතුවෙච්ච පන්ති දෙක.
S - Suburban Train Units
Suburban කියන වචනයෙන්ම ඔයාලාට මේ පන්තියේ ඇන්ජින් මගින් කියවෙන්නේ මොකද්ද කියලා. දීර්ඝ ගමන් වලට නොව, කෙටි නගර අතර ධාවනය සදහා යොදා ගන්නා දුම්රිය ඇන්ජින් තමයි S පන්තියෙන් වර්ගකරලා තියෙන්නේ. S1 වල ඉඳලා S11 වෙනකන් දුම්රිය ඇන්ජින් අපේ රටට ඇවිල්ලා තියෙනවා.
T - Rail Cars
රේල් කාර්, බස් ගනයට වැටෙන දුම්රිය ඇන්ජින් තමයි මේ පන්තියට ඇතුලත් කරලා තියෙන්නේ. T1 තමයි T Class එකෙන් අපේ රටට ආවේ. T2 දෙකකුත් ගෙන්වලා තියෙනවා. (වැඩි විස්ථරයක් නෑ)
P - Narrow Gauge Diesel Mechanical
අපේ රටේ Narrow Gauge හෙවත් පටු දුම්රිය මාර්ග පද්ධතිය ගැන ඔයාලා දන්නවා ඇති. ඒ පටු දුම්රිය මාර්ග පද්ධතියේ ධාවනය වෙච්ච ඩීසල් දුම්රිය ඇන්ජින් තමයි මේ පන්තියෙන් හදූන්වන්නේ. P1 තමයි අපේ රටට ආනයන කල ඇන්ජින් පන්තිය.
M - Main Line Diesel Electric
Class M තමයි ප්‍රසිද්ධම දුම්රිය ඇන්ජින් පන්තිය. දුර ගමන් වලට භාවිතා වෙන Diesel Electric වර්ගයේ දුම්රිය ඇන්ජින් පන්තිය තමයි Class M මගින් හදූන්වන්නේ. M1 ඉඳලා අද වෙනකොට M9 වෙනකන් ඩීසල් ඇන්ජින් අපේ රටට ගෙන්වලා තියෙනවා. (M3 ඇන්ජිම අපේ රටේ නිෂ්පාදනයක්. S1 දුම්රියේ ඇන්ජිම මගින් තමයි මේ M3 ඇන්ජිම නිපදවා තියෙන්නේ. විස්ථර ඉදිරි ත්‍රෙඩ් මගින් ගෙන එන්නම්)
N - Narrow Gauge Diesel Hydraulic
පටු දුම්රිය මාර්ග පද්ධතියේ ධාවනය වෙච්ච Hydraulic තාක්ෂනයේ ඩීසල් ඇන්ජින් තමයි මේ පන්තියට අයත් වෙන්නේ. ඒ කියන්නේ Diesel Electric ඇන්ජින් වල වගේ නෙමෙයි. ඩීසල් දහනයෙන් කෙලින්ම රෝදවලට බලය සපයනවා. N1 හා N2 යන දෙවර්ගයේම ඇන්ජින් අපේ රටට ආනයනය කරලා තියෙනවා.
W - Main Line Diesel Hydraulic
දිගු දුර ධාවනය වෙන Diesel Hydraulic වර්ගයේ එන්ජින් තමයි මේ පන්තියට අයත් වෙන්නේ. W1 හා W2 ආනයනය කර තිබෙනවා. (W3 අපේ රටේ නිෂ්පාදනය කර තිබෙනවා)
Y - Shunters Diesel Hydraulic
Shunting වලට යොදාගන්නා Diesel Hydraulic වර්ගයේ ඇන්ජින් තමයි මේ පන්තියෙන් හදුන්වන්නේ. Y හා Y1 තමයි මේ වර්ගයේ ඇන්ජින් වලින් අපේ රටේ ධාවනය වෙන්නේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාවිතා වෙන පන්ති පිළිබඳ සරල ආකාරයේ හැදින්වීමක් තමයි ඒ ඔයාලට මම ලබා දුන්නේ. නැවත අපි එහෙනම් යමු මම මුලින් සඳහන් කරපු ඇන්ජින් 393 වෙතට. මේ ඇන්ජින් 393 වර්ගකරනය වෙන්නේ මෙහෙමයි. ඒ වර්ගයට අදාල ඩීසල් දුම්රිය පන්තිත් මම ඉදිරියෙන් සඳහන් කරන්නම්.
1. Locomotives - 183 M1,M2,M3,M4,M5,M6,M7,M8,M9,W1,W2,W3
2. D.M.U. (Diesel Multiple Units) - 128 S2,S3,S4,S5,S6,S7,S8,S9,S10,S11
3. Shunters - 44 G1,G2,Y,Y1
4. Rail Cars - 23 T1,T2
5. Locomotives (Narrow Gauge) - 12 P1,N1,N2
6. Powered Set - 03 S1
මේ වර්ගීකරනය කරගෙන යනකොට තව එක දෙයක් කියන්න හිතුනා. ඒ DMU හා Powered Set ගැන. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි හැම DMU එකකටම Powered Set එකක් කියන වචනය භාවිතා කරනවා. නමුත් ඒ දෙකේ වෙනස්කමක් තියනවා. DMU එකක් පෙට්ටි පෙට්ටි වෙන්කරන්න පුළුවන් කම තිබුනත් Powered Set එකක් ඒ ආකාරයෙන් වෙන් කරන්න හැකියාවක් නෑ. අපේ රටට් ගෙනාපු එකම Powered Set එක S1 එක විතරයි. S1 Powered Set 03 ම අද වෙනකොට අපිට බලා ගන්න ඉතුරු වෙලා නෑ.
මේ තියෙන්නේ S1 දුම්රිය. ඔයාලාට මේ පින්තූරයේ පේනවා ඇති මෙහි මැදිරි කිසිවක් එකින් එක ගලවන්නට හැකියාවක් නෑ. මේ දුම්රිය ධාවනයෙන් අයින් කරන්නට හේතුවා තියෙන්නෙත් ඒ හේතුවමයි. දුම්රියේ පැත්තක් දිරා යාම නිසා තමයි මේ දුම්රිය ධාවනයෙන් ඉවත් කරලා තියෙන්නේ. මෙ දුම්රිය දෙකක තිබුන එන්ජින් 02ක් මගින් තමයි M3 ඩීසල් දුම්රිය ඇන්ජිම නිපදවලා තියෙන්නේ.
ඒ වගේම පහල මම කියන්න යන්නේ මේ ඩීසල් ඇන්ජින් ආනයනය කරපු රටවල් මොනාද කියල. පහල වගුවේ මුලින්ම ආනයනය කරපු රටත්, දෙවනුව ඇන්ජින් ප්‍රමානයත් ඊට අදාල ඇන්ජින් පන්තිත් සටහන් වෙනවා.

Counrty - No of Locos - Class
England - 108 - S1,T1,P1,M1,M7 & Y
West Germany - 96 - S3,S4,W1 & M6
Japan - 53 - S5,S6,S7,S8,M5 & N2
China - 30 - S9 & S10
Canada - 26 - M2,M2a,M2b,M2c & M4
East Germany - 15 - W2
Switzerland - 15 - S2
Korea - 10 - S8
India - 19 - S11, M8 & M8a
France - 10 - M9
Sri Lanka - 9 - W3, M3 & Y1
America - 2 - M2d
England - 108 - S1,T1,P1,M1,M7 & Y
West Germany - 96 - S3,S4,W1 & M6
Japan - 53 - S5,S6,S7,S8,M5 & N2
China - 30 - S9 & S10
Canada - 26 - M2,M2a,M2b,M2c & M4
East Germany - 15 - W2
Switzerland - 15 - S2
Korea - 10 - S8
India - 19 - S11, M8 & M8a
France - 10 - M9
Sri Lanka - 9 - W3, M3 & Y1
America - 2 - M2d
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ඇන්ජින් පිළිබඳව මූලික අවබොධයක් ඔයාලාට ලැබුනා කියලා මම හිටහන්වා. ඒ අවබොධය මගේ ත්‍රෙඩ් මාලාව ඉදිරියට අරගෙන යනත් උපකාරී වෙයි කියලා හිතනවා. ඒ නිසා මේ දුම්රිය පන්ති වලින් එක පන්තියක් ගැන අද මම විස්ථර කරන්නම්.
Last edited:
machan train duwanne electricity walinda?moter walinda poddak kiyahan 