.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    රෝහිත් ෂර්මා ලකුණු 264 යි :shocked:



    rohit-sharma.jpg

    එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා අද සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාව සමග දැන් පැවැත්වෙන සිව් වන එක් දින කි‍්‍රකට් තරගයේදීයි. ෂර්මා අද තරගයේ ලකුණු 264 ක් රැස් කළා. ඒ සදහා ඔහු වැය කළේ පන්දු 173 ක් පමණයි. ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත්. රෝහිත් ෂර්මා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 72 කදීයි.

    ශතකය වාර්තා කිරීමට පන්දු සියයක් වැය කළ ඔහු ලකුණු 150 ක් රැස් කළේ පන්දු 125 කින්. ෂර්මා සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 151 කදීයි. තවත් පන්දු 15 කදී ඔහුට ලකුණු 250 සීමාව පසුකර යාම විශේෂත්වයක්. මීට පෙර ලොව වැඩිම එක්දින ලකුණුලාභියා වුයේ ඉන්දියාවේම විරේන්ද්‍ර ෂෙවාග්. ඔහු ලබාගෙන තිබුණේ 219 ක් පමණයි. රෝහත් ෂර්මා අද දිනයේදී තවත් කි‍්‍රකට් වාර්තා දෙකක් පිහිටුවීමද විශේෂත්වයක්. එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වීම ඉන් පළමු වාර්තාවයි. මීට පෙර ෂර්මා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 209 ක් රැස්කර ගෙන සිටියා. එක්දින තරගයකදී ලකුණු 250 සීමාව පසු කළ ලොව පළමු කී‍්‍රඩකයාවීම ෂර්මා පිහිටවු අනෙක් වාර්තාවයි.

    අද තරගයේදී රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දු 4 ක් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. ලකුණු 4 ක් රැස් කර ගෙන සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී ගියා. රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දුවක් රැක ගැනීමට තිබූ අවස්ථාවක් අජන්ත මෙන්ඩිස් අතින් ගිලිහී ගියේ ඔහු ලකුනු 52 ක් රැස්කර ගෙන සිටියදීයී. ලකුණු 197 දී නුවන් කුලසේකර අතින්ද , ලකුණු 206 දී ෂමින්ද එරංග අතින්ද ෂර්මා ලබාදුන් තවත් උඩ පන්දු දෙකක් ගිලිහී ගියා.
    තරගයේ කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 404 ක්.

    එය කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ 9 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකුට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට අද දවසේදී හැකි වුණේ නැහැ. නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 44 කදී කඩුලූ 2 ක් බිද හෙලූවා. නුවන් කුලසේකරගේ පන්දුවාර 9 දී ලකුණු 89 ක් ද, අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවාර 7 දී ලකුණු 70 ක්ද, තිසර පෙරේරාගේ පන්දුවාර 5 දී ලකුණු 43 ක් ද රැස් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.



    NETHFM
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Marven ta loku barak karata ganna wei issarahata... me thiyana thathwe anuwa world cup eke group stage ekawath dinanna ba... bowling, fielding anthimai. catch keeyak miss karada.. catch tika gaththanam match eka meeta wada wenas wenawa...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ape cricket board eka thama cricket winasa kale... me tour eka dagaththe unta thiyana salli peretha kamata... ape team eka hoda training ekaka hitiye eka nawaththala eka paratama tour ekak dagaththa... dan eke prathipala widinne ape team eka... meka godak awaasiyak wenawa ape team ekata world cup yanakota. indiawe un dakkath baya wenawa...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    28.5
    Patel to Mathews, OUT, lovely stumping by Uthappa. Mathews is down the wicket again, Patel pulls the length back, Mathews tries to defend, is hit on the pad, the ball ricochets to Uthappa, who gets a good bounce, and completes the stumping
    AD Mathews st †Uthappa b Patel 75 (68b 9x4 1x6) SR: 110.29