මෙම මස 15 වනදා දඹුල්ලේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ හට හිමිව තිබෙනවා. මෙම තරඟාවලිය එක්දින තරඟ පහකින් යුක්ත වනවා. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම, පසුගිය 2020 19 න් පහළ යොවුන් ලෝක කුසලානයෙන් පසුව සහභාගි වන පළමු තරඟය මෙයයි.
වර්තමාන 19 න් පහළ ලෝක ශූරයින් වන බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලිය සඳහා ඊයේ (7) පස්වරුව් මෙරටට ළඟා වුණා. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ජෛව බුබුළු පරිසරයකට ඇතුළත් වීමට නියමිතයි. තරඟාවලියේ තරඟ සියල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟ කාලසටහන හා ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය පහත පරිදි වේ.
තරඟ කාලසටහන
ඔක්තෝම්බර් 15 : පළමු එක්දින තරඟය
ඔක්තෝම්බර් 18 : දෙවන එක්දින තරඟය
ඔක්තෝම්බර් 20 : තෙවන එක්දින තරඟය
ඔක්තෝම්බර් 23 : සිව්වන එක්දින තරඟය
ඔක්තෝම්බර් 25 : පස්වන එක්දින තරඟය
SQUAD
වර්තමාන 19 න් පහළ ලෝක ශූරයින් වන බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලිය සඳහා ඊයේ (7) පස්වරුව් මෙරටට ළඟා වුණා. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ජෛව බුබුළු පරිසරයකට ඇතුළත් වීමට නියමිතයි. තරඟාවලියේ තරඟ සියල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟ කාලසටහන හා ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතය පහත පරිදි වේ.
තරඟ කාලසටහන
ඔක්තෝම්බර් 15 : පළමු එක්දින තරඟය
ඔක්තෝම්බර් 18 : දෙවන එක්දින තරඟය
ඔක්තෝම්බර් 20 : තෙවන එක්දින තරඟය
ඔක්තෝම්බර් 23 : සිව්වන එක්දින තරඟය
ඔක්තෝම්බර් 25 : පස්වන එක්දින තරඟය
SQUAD
- Dunith Wellalage (Captain – St. Joseph’s College, Colombo)
- Ryan Fernando (S. Thomas’ College, Mount Lavinia)
- Raveen De Silva (Nalanda College, Colombo)
- Sadeesha Jayawardena (St. Joseph’s College, Colombo)
- Jeewaka Shasheen (Devapathiraja College, Rathgama)
- Pawan Pathiraja (Trinity College, Kandy)
- Chamindu Wickramasinghe (St. Anthony’s College, Katugasthota)
- Vinuja Ranpul (Nalanda College, Colombo)
- Sadisha Rajapaksa (Royal College, Colombo)
- Shevon Daniel (St. Joseph’s College, Colombo)
- Harindu Jayasekara (St. Thomas College, Matara)
- Lahiru Dawatage (St. Peter’s College, Colombo)
- Sasanka Nirmal (Devapathiraja College, Rathgama)
- Malsha Tharupathi (Madampe MMV, Madampe)
- Wanuja Sahan (St. Peter’s College, Colombo)
- Danal Hemananda (St. Peter’s College, Colombo)
- Treveen Mathews (St. Anthony’s College, Katugasthota)
- Yasiru Rodrigo (S. Thomas’ College, Mount Lavinia)
- Matheesha Pathirana (Trinity College, Kandy)
- Lahiru Abeysinghe (St. Anthony’s College, Katugasthota)




.