Sri Lankan පාස්පෝට් එක පසු බසි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…


    image


    2025 වසර සඳහා නිකුත් කෙරුණු නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය පූර්ව වීසා බලපත්‍රයක් රහිතව පිවිසිය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව, එහි ගෝලීය ශ්‍රේණිගත
    මෙම වසරේදී ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ස්ථාන 97 වන අතර, එය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ 96 වැනි ස්ථානයට වඩා පසුබෑමක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට වීසා රහිතව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව 41ක් ලෙස මෙම දර්ශකයේ සඳහන් වන අතර, ඉරානය ද ශ්‍රී ලංකාව සමඟම 97 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    ලොව පුරා ගුවන් ගමන් බලපත්‍ර 199ක් සහ ගමනාන්ත 227ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින්, ගෝලීය ප්‍රවේශය පිළිබඳ පුළුල්ම දත්ත සපයන, වඩාත් විශ්වාසනීය සහ පුරාණතම දර්ශකයක් ලෙස හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය සැලකේ. මෙම දර්ශකයේ සමස්ත ශ්‍රේණිගත කිරීම් 105ක් අන්තර්ගතයි.