srilankan dasa kari

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන්ගේ වාහනය අනතුරට ලක් කර පැනයන්නේ යැයි චෝදනා කර වන්දි ඉල්ලා තර්ජනය කරමින් කාර්, වෑන් හෝ වෙනත් වටිනා චාහනවල හිමිකරුවන්ට තර්ජනය කර මුදල් කඩාවඩා ගන්නා ත්‍රිරෝද රථ හා යතුරුපැදි කල්ලියක් පිළිබඳව තලංගමින් වාර්තා වේ.

    මෙම කණ්ඩායම විසින් සුපිරි වෙළඳසල් අසල ගැවසෙමින් එහි පැමිණෙන පාරිභෝගිකයන් මුදල් වියදම් කරන අයුරු, ඔවුගේ අතේ මුදල් පවතින ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. එසේම මෙම කණ්ඩායමේ ඇස පාරිභෝගිකයා සුපිරි වෙළඳසැලට පැමිණි වාහනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබේ. ඇතැමෙක් බැංකු වැනි ස්ථානවල ගැවසෙමින් බැංකුවෙන් මුදල් ලබාගන්නා අය අතර වැඩි මුදලක් ලබාගන්නා අය පිළිබඳව අවධානය යොමු කරති. එසේ වයස්ගත, ආරවුලට බර නැති, තැන්පත් ලෙස හැසිරෙන පුද්ගලයන් මෙම කණ්ඩායමේ ඉලක්කය වී තිබේ. ඉන්පසු ඉතාමත් සූක්ෂම අයුරින් පාරිභෝගිකයාගේ වාහනය සීරීමට ලක් කිරීමක් හෝ එහි යම් තැනක තැලීමක් සිදුකරති. ඇතැම් විට අතෙහි හෝ සිරුරේ කිසියම් තැනක ලේ පැහැයෙන් කිසිවක් තවරා ගනී. ඒ බරපතළ තුවාලයක් සිදුව ඇති බව පෙනෙන අයුරෙනි.

    බොහෝ විට මෙසේ තවරා ගනු ලබන්නේ මාළු වෙළඳසල්වල මාළු කැපීමේදී ඉවත්වන ලේ කැටිතිය.

    ඉන්පසු මඳ දුරක් ඉලක්කගත වාහනය පසුපස ගමන් කර තමන්ගේ වාහනය හප්පා පලායන්නේ යැයි චෝදනා කරති. එම චෝදනාව නොපිළිගන්නේ නම් වාහනයේ සීරුණු තැන පෙන්වති. නැතහොත් පෙර කී ලෙස ලේ තැවරුණ ස්ථානය පෙන්වා එය අනතුර නිසා සිදුවූවක් බව පවසති. එසේ පවසා වන්දි ඉල්ලන ඔවුන් වන්දි නොදෙන්නේ නම් පොලිසි යන බවට තර්ජනය කරනු ලැබේ. එසේ බියගන්වා අතේ තිබෙන මුදල් සියල්ල බලයෙන් ලබාගනී. රුපියල් පන්දහස, දස දහස ඇතැම් විට ලක්ෂයක් පවා බලයෙන් ලබාගත් අවස්ථා පවතී. එවැනි අත්දැකීම්වලට මුහුණ දුන්නෝ මහරගම හා තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇත්තාහ. මේ වනවිට තලංගම පොලිසිය විමර්ශනයක් අද ආරම්භ කර තිබේ.

    සරත් අමරකෝන් මහතා ද එවැනි අත්දැකීමක් ලද එක් මහත්මයෙකි. මේ ඔහුගේ අත්දැකීමය.

    “මම හදවත් සැත්කමකට ලක්වුණ කෙනෙක්. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා වෛද්‍ය උපදෙස් ගන්න පසුගිය ජනවාරි 08 වැනිදා පස්වරුවේ මම තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ගියා. එහිදී මගේ හදවතේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නොකඩවා පැය විසිහතරක් තුළ නිරීක්ෂණය කිරීමට මොනිටරයක් සවිකළා. අපි රෝහලෙන් පිටත් වුණේ රාත්‍රී හතට විතර. අපි හෝකන්දර පාරට හැරෙන්න කලින් සුපිරි වෙළඳසලකින් බඩු ගත්තා. ඒ අරගෙන කිලෝමීටර් කාලක් විතර යද්දි අපේ වාහනය පස්සෙන් පන්නාගෙන ආ ත්‍රිරෝද රථයක් කෑ ගසමින් කිව්වා අපි එයාලගේ වාහනය හප්පාගෙන ආවා කියලා. අපි එහෙම කළේ නැහැ කිව්වාම අපේ වාහනයේ සීරුණ තැනක් පෙන්වා ඒක වුණේ ඒ වාහනය හැප්පූ නිසා කියලා කිව්වා. ඊට පස්සේ වාහනයේ අලාබය ඉල්ලුවා. අපි පාරේ හිටපු රථචාහන හසුරුවන පොලිස් නිලධාරියකුට මේ අවනඩුව කිව්වාම පොලිසියට යන්න කිව්වා. මම ඉන්න තත්ත්වය නිසා බියට පත්වූ මගේ බිරිඳ රුපියල් පන්දාහක් දීලා ඔවුන් පිටත් කර හැරියා. අපි තලංගම පොලිසියට මේ ගැන පැමිණිලි කළා. ඔවුන් පැමිණි රථයේ ඡායාරූපයක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහි රියදුරු අපි බඩු ගත් සුපිරි වෙළෙඳසලේ තාප්පය උඩ ඉන්නවා දැකපු නිසා මම පසුව එහි ගොස් ඔවුන්ගෙන් විමසා බැලුවා. එහිදී ඔවුන්ගේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර බැලීමේදී ඔහු අපි බඩු ගන්නා අතරතුර අපේ වාහනයේ බඳෙහි කුමක් හෝ සටහන් කරන අයුරු සටහන්ව තිබෙනු දුටුවා. දැනට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී එම ත්‍රිරෝද රථයේ අංකය ව්‍යාජ එකක් බව තහවුරු වී තිබෙනවා.”



    නම සඳහන් නොකළ තවත් අයෙක් ඔහුගේ අත්දැකීම අප සමග මෙසේ පැවසිය.

    “මට අවස්ථා තුනකදී මේ ප්‍රශ්නය ඇති වුණා. දවසක් මම අපේක්ෂා රෝහලට ගොස් ආපසු එද්දි අපේ පිටුපසින් ආපු ත්‍රිරෝද රථයක් අපි පසුකර ගොස් හරස් කර නැවැත්තුවා. ඉන්පසු අපේ වාහනයෙන් ඔහු අනතුරට ලක් කළ බවත් ඒ නිසා තුවාල සිදුව ඇති බවත් පවසමින් අතේ මැණික් කටුව අසල ලේ කැටියක් මිදී ඇති අයුරු පෙන්නුවා. අපි අතින් එවැනි අනතුරක් නොවූ බව කොයිතරම් කිව්වත් වැඩක් වුණේ නැහැ. රුපියල් පනන්දාහක් ඉල්ලගෙන ආපු ඔහුට රුපියල් දහදාහක් දීලා බේරෙන්න මට සිදුවුණා. පසුව මම ඒ ආසන්නයේ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් ඔහු ගැන විමසූ විට ඒ හොරෙක් යැයි පැවසුවා.

    එම සිදුවීම වුණේ සැප්තැම්බර් මාසයේදියි. ඉන්පසු පසුගිය නොවැම්බරයේදීත් මා මහරගම දෙසට රථය ධාවනය කරද්දී ගම්මාන පාර අසලදී යතුරුපැදියක් වේගයෙන් පැමිණ මා පසුකර නැවැත්තුවා. මම ඔහු හප්පාගෙන පැමිණි බව කීවා. කලින් අත්දැකීම නිසා මම එය ගණන් නොගෙන වේගයෙන් අපේ රිය ධාවනය කළා. ඔහු ආපසු හැරී යන්න ගියා.

    තෙවැනි දවසේ ඒ කියන්නේ පසුගිය 13 වැනිදා මම නාවින්න එක්තරා ආයතනයකට ගිහින් ආපසු මහරගම පැත්තට ආවා. මගේ පිටිපස්සෙන් යතුරුපැදියක් දිගටම එන බව පෙනුණා. ගෙදර කිට්ටු කරද්දි යතුරුපැදියේ පැමිණි දෙනාගෙන් එක් අයෙක් මගින් බැස්සා. පදවාගෙන ආපු කෙනා ගේ ළඟටම ඇවිත් මම ඔහු හපාගෙන ආපු බව කිව්වා. මුල්ම අවස්ථාවේදී වගේම අතේ මිදුණු ලේ කැටියක් පෙන්වා මම දරුවෝ තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. බයිසිකලේ හැප්පු නිසා මට දැන් තුවාලයි. රස්සාව කරගන්නත් බැරි වෙනවා. මට වන්දියක් දෙන්න කියලා ඉල්ලුවා. මම කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ. මම සල්ලි දෙනෙත් නැහැ කියලා. ඔහු කිව්වා මම දැන් රෝහල් ගත වෙනවා. පොලිසියට සියලු දේ කියනවා. එතනින් මේක බේරගමු කියලා. මමත් කිවේවා එහෙම කරන්න කියලා. ඒ නිසා ඔහු පිටව ගියා. මම මුලින් අවස්ථාවේ බියවී රුපියල් දහදාහක් දීපු නිසා තමයි බයට එහෙම කරයි කියලා හිතලා දිගටම මා පස්සේ පන්නන්න ඇත්තේ. මේ ගැන මම මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළා."

    මේ සිදුවීම් සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණ පරිදි මෙවැනි සිදුවීම්වලට තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේදී තවත් බොහෝ දෙනෙක් මුහුණ පා ඇත්තාහ. එහෙත් ඇතැමෙක් බියට මුදල් දී ජීවිතය බේරාගෙන යනවා හැර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සාහ කර නැත.

    තලංගම පොලිසිය පවසන පරිදි දැනට කරන ලද පරීක්ෂණවලදී එක් ත්‍රිරෝද රථයක පමණක් පින්තූර ලැබී ඇති බැවින් එහි අංකය අනුව එය ව්‍යාජ අංකයක් බව තහවුරු වී ඇති බව පෙනී ගොස් තිබේ. ආරක්ෂක කැමරා දර්ශන අනුව තවදුරටත් විමර්ශන සිදුකෙරේ.

    - මුදිතා දයානන්ද -
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔහොම ගියොත් තව ටික දවසකින් අපේ සුන්දර සිරි ලංකාවත් සවුත් ඇෆරිකා වගේ වේවි.

    වාහන හොරු, හප්පන තක්කඩින් ගෙන් බේරෙන්න ෆ්ලේම් ත්රෝවර් හයිකරන්න ඉලෙක්ට්‍රික් ෆෙන්ස් දාන්න වෙයි.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වාහනේ වැදුනම තේරෙන්නේ නැද්ද මේ වගේ ඒවට අහු වෙන්නේ.. එක දවසක් වැගන් ආර් එකක් යන්තම් හිරෙන්න පිටි පස්සෙන් වද්දලා වාහනේ මොකක් හරි පිපිරුව වගේ සද්දයක් ආවා.. බයික් ඒ විදිහටම වද්දලත් ලොකු සද්දයක් ආවා.. තව බයික් එකක් පැත්තෙන් ගාවලත් ඩක් ගාලා සද්දයක් ආවා...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩ්‍රයිවින් ශීට් එක යට වීල් බ්‍රරෂ් එක තියාගන්න කාලේ හරි

    ගොඩක් කල් ඉඳං තියං ඉන්නෙ. :D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    vaj.jpg
     
    • Like
    Reactions: hodakolla

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ko ube sir karayage weda? 😂 pinek hamudawa neme mokku tiyana hitiyath wedak ne molayak nentanm. Sirisenayata oita wada deyak karanna-uluwan kaiwaru vitarai rate horu mankolla karayo pisso wehiwahala paduwe jiwath wena minihekta jiwath wenna be ubalage karume tama 😞
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ko ube sir karayage weda? 😂 pinek hamudawa neme mokku tiyana hitiyath wedak ne molayak nentanm. Sirisenayata oita wada deyak karanna-uluwan kaiwaru vitarai rate horu mankolla karayo pisso wehiwahala paduwe jiwath wena minihekta jiwath wenna be ubalage karume tama 😞


    hituwa taram sir sara nane ban

    man hituwe sinhalu tika dadu kande gahala horu allala full gemak dey kiyala
    army/navy/airforce tika ekka ekatu wela :(
     
    • Sad
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Minissu bayawenne mokatada waradak karala natnam. Mama nam kelinma talk karanawa. Karalath thiyenawa. Ballo wage yanne eeta passe.
    Pissu hadenawa lankawata visit ekak dannath dan hitenne.. karume iwarawenne lesiyen 😰
     
    • Sad
    Reactions: shenat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතින් තලංගම පොලිසියට ගිහින් අන්ට්‍ර්ය්යක් දාල බලහන්කො. මට නම් පුක හපාගෙන එතනම මැරෙන්න හිතුනා.
    වැරදි කාරය ඉස්සරහ තියාගෙන අපි වැරදි කියනවා( පැමිණිල්ල දාපු අය). ලැජ්ජාවක් නෑ කියන්නේ පගා ගුහාවක්. තලවතුගොඩ / මාලබේ ඔය ස්පා ඔච්චරම තියෙන්නේ තලංගම පොලිසිය හොදට ගරනවා. අමුම සක්කිලි ඉන්නේ.