
ශ්රී ලාංකිකයන්ට අදාළ StarLink Internet පැකේජ ගාස්තු කරළියට


ශ්රී ලාංකිකයන් සඳහා හඳුන්වාදෙන ලද StarLink Internet පැකේජ ගාස්තු මේ වන විට එහි වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කර තිබේ. මේ වන විට ශ්රී ලංකාව සඳහා හඳුන්වාදී ඇත්තේ එක් පැකේජයක් පමණි. එයද ගෘහාශ්රිත Unlimited Internet පැකේජයක් වන අතර මාසිකව ගෙවිය යුතු මිළ රු. 15 000 වේ.

මේ වන විට කිසිදු Office Internet පැකේජයන් හෝ වෙනත් පැකේජ කිසිවක් හඳුන්වාදී නොමැත. එමෙන්ම StarLink Hardware උපාංග සඳහා ගෙවිය යුතු මුදල රු.105 000 වේ.

StarLink උපාංගයන් ස්ථාපනය කළ යුතු වන්නේ පැහැදිලිව අහස දර්ශනය වන ස්ථානයකය. එයට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට App Store වෙතින් හෝ Play Store වෙතින් StarLink App එක Download කරගත හැක.

විවිධ කාළගුණික තත්ත්වයන් ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති මෙම StarLink උපාංගයන්ට හිම සහිත කාලගුණයන්, ඉතා තද වැසි සහ තද සුලං තත්ත්වයන් වලට වුවද මුහුණ දීමේ හැකියාව ඇත.

StarLink වෙබ් අඩවියේ දැක්වෙන පරිදි දින 30ක Free Trial එකකින් පසු Connection එක පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවේ නම් ඔබ ගෙවූ සම්පූර්ණ මුදල නැවත ලබාගත හැක.
For More Updates Follow Us

Sky inside