ප්රශ්න කීපයක් තියෙනව.
1. pharmacist owner නිසා location approval ඕනෙම තැනකට ලැබෙනව. හැබැයි procedure එකෙන් ගන්න ඕනෙ. ඒකට අවුරුද්දක් වගේ යනව.
2. documents submit කරන්න building එකේ අයිතිය නැත්නම් බදු ඔප්පුවක් ඕනෙ. බදු ඔප්පුව register වෙන්න මාස 3යි. එතන ඉදන් location approval ඇවිත් ෆාමසිය පටන් ගන්න අඩුම තව අවුරුද්දකුයි ගියාම නිකන්ම මාස අඩුම 15කට rent ගෙව ගෙව ඉන්න වෙනව. හදාගෙන යන බිල්ඩිමකට දැන්ම බදු ලියා ගන්න පුලුවන් නම් වාසියි. නැත්නම් එක්කො documents submit කරල හොරෙන් ෆාමසිය පටන් ගන්න ඕනෙ නැත්නම් හිත හදන් රෙන්ට් ගෙවන්න ඕනෙ වහල තියෙන කඩේට.
3. ඉස්සර නම් pharmacy license ආවම තමා BR එක දෙන්නෙ, ඒකට වෙනම තව මාස 3ක් වගේ යනව. හැබැයි දැන් license එක ගන්න BR එක ඕනෙ කියනව. ඒත් BR එක ගන්න ගියාම license නැත්නම් BR එක දෙන්නෙ නෑ. මේකට සංශෝධනයක් තියෙනව කියනව හරියටම දන්නෙ නෑ.
4. license එක ගන්න බෙහෙත් stock කරල කරල පෙන්නන්න ඕනෙ හැබැයි බෙහෙත් ගන්න ගියාම license එක ඉල්ලනව සියලුම agency වලින්. පහුගිය කාලෙ මේ ආන්ඩුවෙන් license නැති අයට agency වලින් බෙහෙත් දීල සෑහෙන්න නඩු දැන්ම ඒ නිසා දැන් ගොඩක් අය license නැත්නම් බෙහෙත් දෙන්නෙ නෑ. එතකොට ඔයාට කොහොමත් එක්කො pettah wholesale sub කරන market එකෙන් ගන්න ඕනෙ. එහෙම නැත්නම් delivery sub කරන අයගෙන් හොරාට ගන්න වෙනව.
හැබැයි කම්පැනි බෙහෙත් නම් ගන්න වෙන්නෙ නෑ ලයිසන් එක එනකම්. ඒ කියන්නෙ කොහොමත් BR එකයි license එකයි එනකම් cipla, glaxo, sun pharma, sunshine වගේ ඒවගෙන් නම් අවුරුද්දට වැඩිය යනව බෙහෙත් ගන්න. සමහර බෙහෙත් සබ් නැති නිසා කොහොමත් ඇවුරුදු 2ක් වගේ යනව ඔක්කොම හරියටම හැදෙන්න.
5. ඕනෙම තැනක වේගෙන්ම මූව් වෙන බෙහෙත් විතරක් පොඩි qty වලින් stock කරන්න. 2M වගේ හොදටම ඇති. මොකද ඔයාට වෙන ෆාමසි වල කස්ටමස්ල තමා ගලවන්න වෙන්නෙ. ඒක එහෙම ලේසි නෑ. එයාල මුලින්ම එන්නෙ පැනැඩෝල් පිරිටන් ගන්න පස්සෙ ටිකටික කල් ගිහින් තමා පොත ගේන්නෙ. එතකොට Herbesser R වගේ drug එකක් තිබ්බොත් ඒක නැත්නම් තුන්ඩුවම ආපහු යනව එපා කියල. හැබැයි ඔයා ඒක available කලොත් බොහෝ දුරට expire වෙනව. ඕකම තමා ගනන් බෙහෙත් වලට වෙන්නෙ. මුල්කාලෙ rosucor, vasolip, වගේ available කලොත් expire වෙනව. හැබැයි නැති උනොත් තොරමෝරු අල්ලගන්න බැරි වෙනව. CNS බෙහෙත් එහෙම මුල්කාලෙ තොග පිටින් expire වෙනව. ඒ නිසා අඩුවෙන් stock කරගන්න.
pharmacy වල තියෙන්නෙ linear growth එකක් නෙමේ exponential growth එකක්. ඒ නිසා slow run එකකින් පටන් ගන්න.