Steve jobs කියපු_දේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලොව හෙල්ලූ මිනිසෙක්‌ මරණ මංචකයේදී කී කතාව


    127FAD444E94063318ABF7.jpg


    ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.

    ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක්‌ විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය.

    මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

    මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.

    එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.

    මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.

    අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.

    ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.

    ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.

    අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.

    මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.

    දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.

    මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.

    අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.

    ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.

    මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?

    ඒ ගිලන් ඇඳයි..

    ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.

    නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.

    ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.

    අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.

    එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.

    ඔබට ආදරය කරන්න.

    ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.

    සටහනෙ හිමිකරු
    * නිම්මි මුදිතා හේරත්
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    කව්ද යකෝ මේවා ලියන්නේ.. මොන පිස්සුද steve jobs කියන්නේ wealthy person කෙනෙක්..

    (being rich is having money being wealthy is having Lot Of Option To Enjoy Life)

    අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කව්ද යකෝ මේවා ලියන්නේ.. මොන පිස්සුද steve jobs කියන්නේ wealthy person කෙනෙක්..

    (being rich is having money being wealthy is having Lot Of Option To Enjoy Life)

    අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused:

    :lol:ඉතින් ඔයි ඒක තමා කියලා තියෙන්නේ ඌට කොච්චර සල්ලි තිබ්බත් උගේ ලෙඩේ හොදකරගන්න බැරි උනානේ.කැන්සර් එකක් හැදිලා විදවලා මැරෙන එක සැපද උබ හිතන්නේ?:lol:


    අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused:

    සිත නිවන කථා:lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    :lol:ඉතින් ඔයි ඒක තමා කියලා තියෙන්නේ ඌට කොච්චර සල්ලි තිබ්බත් උගේ ලෙඩේ හොදකරගන්න බැරි උනානේ.කැන්සර් එකක් හැදිලා විදවලා මැරෙන එක සැපද උබ හිතන්නේ?:lol:


    අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused:

    සිත නිවන කථා:lol::lol:

    :yes::lol:දැන් ඉන්න උන් උදේ පාන්දරම ගංජා ගහලද කොහෙද මේකට ඵන්නේ..:lol::lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:ඉතින් ඔයි ඒක තමා කියලා තියෙන්නේ ඌට කොච්චර සල්ලි තිබ්බත් උගේ ලෙඩේ හොදකරගන්න බැරි උනානේ.කැන්සර් එකක් හැදිලා විදවලා මැරෙන එක සැපද උබ හිතන්නේ?:lol:


    අනිත් එක ඌ මරණය ගැන හැම තැනම කිවේ ලෝකේ තියෙන හොදම සොයා ගැනීම තමයි මරණය කියල:confused::confused::confused:

    සිත නිවන කථා:lol::lol:

    :lol:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Sihina dakinna bari e sihina haba yanna bari adukule para hetta jiwithe jaya gattu minihek allala eminiha muhuna paapu apahasuthathwayak allala hita hadagannawa. ane nikan ponna talk denna epa ban oka kiwe stew jobs kiyanna source ekath ekka dapanko. yako awuru 46 n merena naatta hamilath innawa. unge asimitha hakiyawan tibila un ewa ekkama wala pallata yanawa Stew Jobs kiyanne thama hakiyawan walin uparima pala nelagatta kenek ewage kenekta aye maranaya gena duk wenna deyak na. maranaya kaatath podui thopi wage anathayoth marila yanawa jiwithe jaya gatta minissuth marila yanawa. maranayen katawath berenna be . jiwithe jagattu wijayak grahayeku lesa miya yanawada natinam parajithayeku lesa miya yanawada kiyana de thmai tiranaya karanna ona
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    විකාරද බන්. උ දවස ගානේ මරණය සිහි කරපු එකෙක්. හැමදාම උදේ කන්නාඩිය ඉස්සරහට ගිහින්
    "iIf today were the last day of my life, would I want to do what I am about to
    do today?’ කියලා අහපු එකෙක්. අනික උගේ innovations පට්ට විදියට speed වෙන්න ගත්තේ
    උට cancer හදුනා කියලා දැනගත්තට පස්සේ. ඒක වෙන්න ඇති මැරෙන්න හේතුව. ඒ ස්ට්‍රෙස්ස් ඒක.

    අනික උ cancer diagnos වෙලා හිටියා ගොඩක් කල්. ඒක announce කරේ 2009 ද කොහෙද
    (not sure the year). ඒ iPhone 4S launch එකේදී ද කොහෙද කිව්වේ කැන්සර් කියලා උට.
    ඒ වෙනකොට iphone 5 එකත් පටන්ගෙන තිබ්බ කියල තමයි කියන්නේ.. එතකොට ස්ටීව් ගේ
    ෆයිනල් product ඒක 4s or i5 වෙන්න ඕනි.
    ඒක ඒක කතා නම් කියනවා සමහ‍ර තැන වල තියෙන්නේ
    2004 ඉදන් කැන්සර් ඒක තිබ්බ කියලා.
    එහෙම නම් ඒකම තමයි රහස මුගේ
    innovations වලට. මොකද පොර මැරෙනවා කියල දන්නා නිසා.

    අනික පොර vegan diet එකක් පාවිච්චි කරපු කෙනෙක්. කැන්සර් එකෙන් ගොඩ යන්න නම් ට්‍රයි
    කරා ගොඩක්.

    RIP Steve. We miss u :(:(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ ත්රෙඩ් එක බැලුවහම ස්ටීව් ලොක්කා අවසන් කතාව විදිහට හෙන කතා ගොඩක් කියල තියනවනේ.. :yes:

    මොකක් වුනත් මරණය වේදනාවක්.. හැමෝම කවදාක හරි ඒ වේදනාව විදින්න ඔනි සල්ලි වලින් පුලුවන් මරණය ටිකක් ඉස්සරහට දාගන්න ඒත් කවද හරී එකට මූන දෙන්න වෙනවා.

    "ඔය තරහ මරහ අත ඇරපල්ලා, අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ.."