STF 300 ක් වස දී මරා දාන්න
ඩුබායි මෙහෙයුම නොකළා නම් එස්ටීඑෆ් 300 ක් වස දී මරා දාන්න මධූෂ් සැලසුම් කර තිබුනා; මධූෂ් වැටලීමේ සත්‍ය කතාවේ තවත් කොටසක්..!
ඩුබායි වලට බැස මාකඳුරේ මධූෂ් ඉක්මන් කර අල්ලා නොගත්තා නම් ඔහු එස්ටීඑෆ් භටයන් 300 ක් එකවර මරා දැමීමට සැලසුම් කර තිබූ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
පාතාල නායකයෙකු වූ මධූෂ් ප්‍රභාකරන් වැනි දේශපාලන අරමුණක් සහිත ත්‍රස්තවාදීන් මෙන් ආරක්ෂක අංශවල විශාල පිරිසක් ඝාතනය කරන ත්‍රස්ත ක්‍රියාවකට සැලසුම් යොදා ඇත්තේ ඔහුගේ මොළය වන් හේවාසුදු අකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා එස්ටීඑෆ් භටයන් විසින් ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙසය.
කඹුරුපිටියේ හොරපාවිල උපන් මානෙල් රෝහණ හෙවත් තිලක් 2018 ජුනි මාසයේ දී මාතර අකුරල විල්පිට රක්ෂිතය අසලදී එස්ටීඑෆ් භටයන් විසින් පසුපස හඹා විත් වෙඩි තබා ඝාතනය කර තිබිණ. එස්ටීඑෆ් ඔත්තුකරුවන්ට ඔත්තුව ලැබී තිබුනේ එම ත්‍රීවීලර් රථයේ එන්නේ මධූෂ් කියා ය. නමුත් ප්‍රහාරයෙන් පසු බැලූ විට මිය ගොස් තිබුනේ තිලක් නමැත්තාය. පසුව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ මධූෂ් සිදුකළ සියළුම ප්‍රහාර මත්ද්‍රව්‍ය ගණුදෙනු වල පසුබිමේ සිටි සාර්ථක සැලසුම් කරුවා වී හිඳ ඇත්තේ තිලක් බවයි. තිලක්ට පහර දී මරා දැමීමත් සමග මධූෂ් වියරු වැටී ඇති අතර ඊට පළි ගැනීම් වස් එස්ටීඑෆ් හි භටයන් 300 ක් එකවර මරා දැමීමට සැලසුම් දියත් කර ඇත.
වස දීම
සැලසුම වී ඇත්තේ දකුණේ ඇති එස්ටීඑෆ් කඳවුරු 3 ක ආහාර වලට එකවර වස මිශ්‍ර කර 300 ක් මරා දැමීම ය. ඒ සඳහා කඳවුරු 3 ක අරක්කැමියන් මුදලට ගැනීමට සැලසුම් දියත් කරනවාත් සමගම පාහේ ඒ බව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් ට ඒ බව ආරංචි වී අදාල ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මධූෂ් එනතුරු බලා නොසිට ඔහු සිටින තැන සොයා ගොස් පහර දී විනාශ කිරීමට එස්ටීඑෆ් ප්‍රධානියා තීන්දු කර ඇත්තේ ඉන් අනතුරුව ය. ඒ වන විටත් රාජ්‍ය මට්ටමින් මධූෂ් ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පොල් රතු වරෙන්තු පවා ලබා ගෙන තිබිණ.
දාවුද් ඊබ්‍රාහිම් කව්ද මධූෂ් කව්ද
එවක පොලිසිය බාර ඇමැති සාගල පොලිස්පති පූජිත ඇතුළු කණ්ඩායමට එස්ටීඑෆ් කොමඩාන් වරයා කරුණු පැහැදිලි කර දී ඇත්තේ ඉන්ටර්පොල් වරෙන්තුව පලක් නොවන බවයි. බොම්බායේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට වග කිව යුතු යැයි පැවසෙන දාවුද් ඊබ්‍රාහිම් සහ ඔහුගේ ඩී කොම්පැනි නායකයන්ට ඉන්දියාව රතු වරෙන්තු නිකුත් කර තිබුනද ඔවුන් සැඟව සිටින්නේ ඩුබායි නගරයේ ය. කින්ග්ෆිෂර් ගුවන් සේවාවේ සල්ලි බිලියන ගණනින් වංචා කළ වංචනිකයන් සැඟව ඉන්නේ ඩුබායි නගරයේ ය. ඔවුන්ට එරෙහිවද ඉන්ටර්පොල් රතු වරෙන්තු නිකුත් කර තිබේ. එපමණක් නොව චීන පාතාලයන්ද වැඩි පිරිසක් සිය ආරක්ෂාව පතා සැඟවෙන්න යන්නේ ඩුබායි වෙත ය. චීනය ඉන්දියාව ආදී බලවතුන් රතු නිවේදන නිකුත් කළද ඒ කිසිවෙකු හෝ ඩුබායි රාජ්‍ය ලෙහෙසියෙන් පිටුවහල් කර නැතිනම් ලංකාව වැනි පුංචි දූපතේ මධූෂ් වැන්නෙකුට එරෙහිව අප රතු වරෙන්තු ලබා ගත්තා කියා ඩුබායි විසින් මධූෂ් ලංකාවට එවනු ඇතැයි බලා සිටීම අනතුරක් බව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් සාගල පූජිත ඇතුළු පිරිසට කරුණු පැහැදිලි කර දී ඇත.
එසේ නම් කුමක් කරම්දැයි විමසූ විට ලතීෆ් තම අරමුණ මධූෂ් එනතුරු බලා නොසිට ඔහු සිටින තැන සොයා යෑම යැයි අවධාරණය කර තිබේ.
පොලිසියටත් නීති කඩන්න සිදුවීම
ඒ වන විට ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඩුබායි විදේශ ඇමැතිවරයාටද මේ බව පවසා ඔහුගේ සහාය ලබා ගැනීමට සාගල ඇමැතිවරයා කටයුතු යොදා ඇති අතර ලතීෆ් සහ පිරිස ලංකාවේ සිටින ඩුබායි තානාපතිවරයා හමුවී මධූෂ් සහ පාතාල ක්‍රියාකාරකම් ගැන කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදී. ඉලංගකෝන් පොලිස්පතිවරයාව සිටියදී ඩුබායිහි පැවැති සමුළුවකදී ලතීෆ් විසින් එරට කුමාරයෙකු සමග සබඳතා ගොඩ නගාගෙන තිබීමත් ඔහු මුස්ලිම් ජාතිකයෙකු වීමත් අතිරේක වාසියක් විය. එරට පොලිසියට භාෂා පරිවර්තනයෙන් සහාය වන ලාංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමගද ලතීෆ් සබඳතා ගොඩ නගාගෙන තිබිණ.
මේ කරුණු සිදුවෙද්දී එස්ටීඑෆ් කොමඩාන් විසින් හොර රහසේම තම රහස් ඔත්තුකරුවන් දෙදෙනෙකු ඩුබායි වෙත පිටත් කරන ලද්දේ ය. ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා දී ඇත්තේ නීතියට අනුගත නොවන උණ්ඩියල් ක්‍රමයෙනි. ජාතික අරමුණු වෙනුවෙන් පොලිසියකට වුව නීතියට පිටින් ක්‍රියා කිරීමට සිදුවන අවස්ථා පිළිබඳ එය හොඳ උදාහරණයකි.
වෙනත් රටක් තුලට ගොස් එරට සිටින අපරාධකරුවෙකු අල්ලා ගෙන ඒම හෝ පහර දීම ලෙහෙසි පහසු වැඩක් නොවනවා සේම ඒ රට ආරක්ෂක අංශද ඊට කැමැත්තක් දක්වන්නේ නැත. ඒ සියළු බාධක ජයගෙන අවසානයේ මාකඳුරේ මධූෂ් නමැති ප්‍රධාන ඉලක්කය කරා ලඟ වූ එස්ටීඑෆ් කණ්ඩායමට ඔහු පමණක් නොව ලාංකීය පාතාලයෙන් සියේට 90 ක් පමණ වූ නායකයන් තොගයක්ද ඩුබායි අත් අඩංගුවට අරන් දීමට හැකියාව ලැබිණ.
ඇස්සෙන් මිස් වූ දෙන්නා
වාර්තා වන අන්දමට ඇස්සෙන් මිස් වූ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු වෙති. එකෙකු නම් මධූෂ්ට ඩුබායි පැනීමට උදව් උපකාර කළ ලක්ෂ්මන් යාපාගේ වැඩිමහල් පුත් ඔසඳ යාපා ය. අනෙකා අන් කවරෙකු හෝ නොව පොලිස්පතිවරයාද, මහින්ද රාජපක්ෂද ඇතුළු රටේ ප්‍රධාන පෙළේ සැවොම සමග පාහේ පින්තූර වලට පෙනී හිඳිමින් ඒ පින්තූර ප්‍රචාරය කරමින් තම පාතාල ක්‍රියාකාරකම් වලට වාසි අත් පත් කරගන්නා කැරොකේ වසන්ත හෙවත් ක්ලබ් වසන්ත හෙවත් සන්හිල් වසන්ත ය. සන්හිල් වසන්තට මධූෂ්ගේ පාටියට සහභාගි වීම සඳහා ඩුබායි යෑමට ගුවන් යානය වැරදී තිබේ.
ගණිකාවන් 3000 ක් හයර් කරන වසන්ත
වසන්ත ගැනද කෙටියෙන් හෝ සටහනක් තැබිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහුගේ ප්‍රධාන ජාවාරම වන්නේ ගණිකාවන් සැපයීමේ ජාවාරමයි. දුරකථන ඇමැතුමකින් රටේ ඔ්නෑම ස්ථානයකට ලබා ගත හැකි ඔහු ලඟ සිටින ගණිකාවක් ප්‍රමාණය ඇසුවොත් පුදුම හිතෙනු ඇත. එය ගණනින් 3000 ඉක්මවා ඇත. සෑම ගණිකාවකගෙන්ම දිනකට ඔහුට රුපියල් දහසක් ලැබේ. ඒ අනුව ගණිකා ජාවාරමෙන් ඔහු අවම වශයෙන් දිනකට උපයන මුදල රුපියල් 30,00,000/- ඉක්මවයි. ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන් ගෙන්වා පාටි දැමීමට තවත් හේතුවක් වන්නේ ඔහු සමග හිඳින ගණිකාවන් ඔහු හැර යෑම වළක්වා බියට පත් කිරීමට ය.
පාතාල නීතිඥයාගේ රෙදි ගැලවේ
මේ අතර නීති ලෝගුවෙන් සහ සමාජවාදයෙන් තම පාතාල දිවිය වසාගෙන සිටි උදුල් ප්‍රේමරත්න නමැති තක්කඩියා මධූෂ් ඇතුළු පාතාලයන්ගේ සහායට ඩුබායි යෑම ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව්වෙන් පසු වසන් කළ නොහැකි දෙයක් වී තිබේ. මුලදී ගායක අමල් වෙනුවෙන් ඩුබායි ගියා යැයි බොරු කී උදුල් ලංකා ඊ නිව්ස් පුවතින් පසු ඉංග්‍රීසි පුවත්පතකට කියා ඇත්තේ ඔහු දැන් ඩුබායි තිබෙන ලංකාවේ කොන්සල් කාර්යාලයෙන් අවසර ලබා ගන්නා බවයි. ඔහු අවංකව ගියා නම් අමල්ගේ නිල නීතිඥයා ශාබ්දික මෙන් යෑමට ප්‍රථම අවසර පැතිය යුතුය.
ඒ කතා බොරුය. උදුල් නම් පාතාලයා ඩුබායි ගියේ මධූෂ් ඇතුළු පාතාලයන් පිරිස කෙසේ හෝ හමුවී ලංකාවේ මේ වන විට නන්නත්තාර වී සිටින අනෙකුත් පාතාල ගෝල බාලයන්ට අවශ්‍ය පණිවුඩය ගෙන ඒමට ය. ඒ සම්බන්ධීකරණය තමන් හරහා පවත්වා ගනිමින් පාතාල නායකත්වයේ ඊලඟ අඩිය ඉදිරියට තැබීමට ය.
උදුල් ප්‍රේමරත්න නමැත්තා ගැන ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව්වෙන් පසු දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ මිනිසුන්ගෙන් කාන්තාවන්ගෙන් පමණක් නොව ඔහුගේ ඥාතීන්ගෙන් පවා ඔහුගේ පාතාල සහ දූෂිත ක්‍රියාකාරකම් ගැන දිනපතා වැල නොකැඩී තොරතුරු ගලා එමින් තිබේ. ඒවා කිරා මැන බලා ඉදිරියේදී තව තොරතුරු හෙළිදරව් කරන්නෙමු. මන්ද යත් මධූෂ්ලාට වඩා සමාජයකට හානිකරන්නේ උදුල්ලා වැනි තක්කඩියන් නිසා ය.
-චන්ද්‍රප්‍රදීප්-