Still Pure Buddhism!!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මං එලුවනම් නෙවෙයි. :rofl:
මෙහෙම කතාවක් තියෙනවා: අපේ රජවරු විවාහ වීම සඳහා ඉන්දීය රජපවුල්වලින් කුමාරිකාවන් ගෙන්නුවානෙ. ඉතින් ඒ බිසෝවරුන්ට වන්දනා කිරීම සඳහා විහාරය තුළම දේවාලත් හැදුවාලු. ඒ කාලෙ විහාර හැදුවෙ බොහෝවිට රජ්ජුරුවොමනෙ. අනික බිසෝවරුන් එක්ක තව පිරිස් ආවා; ඒ වගේම ඇතැම් රජවරුන්ට (උදා: සීතාවක රාජසිංහ) උපදේශකයන් ලෙස හිටියෙත් හින්දුවරු. ඒ නිසා හින්දු ආගමේ විශ්වාසත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා.

සමන්, කතරගම වගේ දෙවිවරු හින්දු දෙවිවරුම නෙවෙයි. විශේෂයෙන් සමන් දෙවියන් ගැන කියන්නෙ බුදු රජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ විටෙක බුද්ධාගම වැළඳගත් දෙවි කෙනෙක් කියල. මට මතක හැටියට මහියංගන චෛත්‍යයද කොහෙද හදන්නත් සමන් දෙවියන් මුල් වෙලා තියෙනවා. සිරීපාදෙ කියන්නෙ සමන් දෙවියන් වැඩ සිටින අඩවිය; නමුත් බෞද්ධයන් එහි යන්නෙ සමන් දෙවියන් වැඳිමට නොවෙයි- එහි බුදු රජාණන්වහන්සෙගෙ සිරිපා සළකුණ ඇති නිසා එය වැඳපුදා ගන්න. සමන් දෙවියන් කෙරෙහි ඇත්තේ ගෞරවයක්- එතුමන් මේ අඩවිය සහ එහි යන බැතිමතුන් ආරක්ෂා කරනවායැයි විශ්වාස කරන නිසා.

කතරගම දෙවියන් වැනි අය යහපත් ජීවිතයක් ගත කර මිය ගිය පුද්ගලයින්. (වැද්දන්ගෙ නෑ යකුන් ඇදහීම වගේ, නෙහ්?) මහසෙන් රජු වැනි පුද්ගලයිනුත් මිය ගිය පසු දේවත්වය ආරෝපණය කර ගරු සැළකිලි දක්වන්න මිනිසුන් පෙළඹුණා. බුදු දහමෙ ඉගැන්වෙනවනෙ යහපත් ජීවිතයක් ගත කරන අයට මරණින් මතු දෙව් ලොව උපත ලැබිය හැකි බව. මෙහෙම දේවත්වය ආරෝපණය කරන්නෙ ඇත්තෙ ඒ නිසයි.

දැන් කාලෙ විහාර ඇතුළෙ දේවාල ගහන්නෙනම් තනිකරම හිතන්නෙ නැතිකමට. පුරුදු වෙලා තියෙන දේවල්, කාලාන්තරයක් පැවත ආ විශ්වාස ලෙහෙසියෙන් අත් ඇර ගන්න බැහැනෙ. දෙවියන් යදින්න, පුද පූජා තියන්න පුරුදු වුණු කෙනා බයයි මේක නොකර ඉන්න- දේව කෝපයට ලක් වෙයි කියලා. හුඟක් ගම්වල හාමුදුරුවරුත් අවබෝධයකින් ත්‍රිපිටකය හදාරල නැහැ; අනික කාලාන්තරයක් කරගෙන ආ දේවල්වලට විරුද්ධ වෙන්න තරම් හිතේ හය්යක් නැහැ.
නමුත් දැන් දැන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වැනි භික්ෂූන්වහන්සේලා මේ දේවල් පෙන්නා දෙනවා. කරන්නන් වාලෙ කරගෙන ආ දේවල් ගැන දැන් මිනිස්සු කල්පනා කර බලන්න පෙලඹෙනවා.

ඔය කතරගම, විෂ්ණු ආදී හින්දු ආගමට අදාල දෙවිවරු පිළිබද මත ලංකාවට ආවේ ප්‍රධාන වශයෙන්ම මහනුවර යුගයේ රජවරු න්‍යක්කර් වංශිකයන් විවාහ කරගැනීමෙන් හින්දු සංස්කෘතිය මෙරටට පැමිණීමෙන්..:rolleyes::rolleyes:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය කතරගම, විෂ්ණු ආදී හින්දු ආගමට අදාල දෙවිවරු පිළිබද මත ලංකාවට ආවේ ප්‍රධාන වශයෙන්ම මහනුවර යුගයේ රජවරු න්‍යක්කර් වංශිකයන් විවාහ කරගැනීමෙන් හින්දු සංස්කෘතිය මෙරටට පැමිණීමෙන්..:rolleyes::rolleyes:

ඔව්. සීතාවක රාජසිංහ වගේ අය උපදේශකයන් ලෙස හින්දූන් පත් කරගත් නිසාත් ඒ සංස්කෘතිය බෞද්ධ ක්‍රම සමග මුහු වුණා.

රජවරු.....එයාල හිතුවෙ එයාල රජ පවුල්වලින්ම විවාහ වෙන්න ඕනෙ කියල. කුල ක්‍රමය බුදු හාමුදුරුවන් ප්‍රතික්ෂේප කළ බව දන්නෙ නෑ වගේ හරියට. මං හිතන්නෙ ඒ කාලෙ ඉඳලම පාලකයන් බුදුදහමට සළකන්න ඇත්තෙ මහජනයා තමන්ව එළවයි කියන බයට-හැමෝම නෙවෙයි, නමුත් වැඩි දෙනෙක්. ඒකනෙ මේ වගේ බුදු හිමියන් ප්‍රතික්ෂේප කළ දේවල් පිළිපදින්න ගිහින් ධර්මයට, රටට හානිකර පියවරවල් ගත්තෙ. මිනිසුන් පවා හිතුවෙ රජකමට රජ කුලයක කෙනෙක්ම එන්න ඕනෙ කියල. එතනින් එහාට ගිහින් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් පත් කර ගත යුතු බව හිතුවනම් නායක්කර් වංශිකයන් හෝ බටහිරයන් අතට ලංකාවේ රාජ්‍යත්වය යන්නෙ නෑ.
 
ඔතන වුනේ මේකයි.
මහනුවර යුගයේ රජවරු සිය අගබිසවට අමතරව අන්තඃපුර බිසෝවරු සදහා ඉන්දියාවේ නායක්කර් වංශිකයන් ගෙන්න ගෙන තියනවා.
නමුත් අගබිසව සදහා සිංහල කෙනෙක් තමයි තෝරගෙන තියෙන්නෙ.
ඒත් අටවන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා අගබිසව සදහා නායක්කර්වංශික කාන්තාවක් තෝර ගත්තා. නායක්කර් සිරිත අනුව රජකම උරුම වෙන්නෙ පියාගෙන් පසු පුතාට නොව බිරිදගේ මල්ලිට. ඉතිං නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සෙ නායක්කර් වංශිකයෙක්ට තමයි ඔටුන්න ගියේ..:dull:

ඒ කාලේ නීතියක් තිබුණා රටේ රජතුමා සිංහල නමකින් රජවිය යුතුයි+ බුද්ධාගම වැලදගත යුතුයි කියලා. ඉතිං මෙයාලා බුදුදහම වැලදගෙන තියෙන්නෙ රජකම ගන්නනෙ. එයාලගේ හින්දු මතවාද බුදුදහමට එහිදී එකතු කරන් ඇති(දැනුවත්ව හෝ නැතිව)

කවුද රජකෙනෙක් දළදා මාලිගාව වටේ දේවාල 4කුත් හැදුවා ඔය කාලෙ..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කවුද මන්දා නුවර දේවාල හැදුවෙනම්. නමුත් මේවා පන්සලෙන් බාහිරව නොවෙයි, ඒ හා මුසුව එහිම කොටසක් වගේ තමයි පවතින්නෙ. ඒකනෙ දළදා පෙරහැරටත් සහභාගී වෙන්නෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කවුද මන්දා නුවර දේවාල හැදුවෙනම්. නමුත් මේවා පන්සලෙන් බාහිරව නොවෙයි, ඒ හා මුසුව එහිම කොටසක් වගේ තමයි පවතින්නෙ. ඒකනෙ දළදා පෙරහැරටත් සහභාගී වෙන්නෙ.

:dull::dull:eeka thamai kossa..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:dull::dull:eeka thamai kossa..
ඒ කාලෙ ඒව හදපු එක කොහොම හරි පැහැදිලි කරගන්න පුලුවන්. නමුත් වර්තමානයේ පවා ඇතැම් පන්සල්වල අලුතින් දේවාල හදනවා. :no:

වාසනාවකට මේ දේවල්වල ඇත්ත ත්‍රිපිටකය ආශ්‍රයෙන් පැහැදිලි කරලා දෙන හිමිවරුත් වැඩ ඉන්නවා. ඒකට ත්‍රිපිටකය ඉතිරිව තිබීම කොච්චර දෙයක්ද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ කාලෙ ඒව හදපු එක කොහොම හරි පැහැදිලි කරගන්න පුලුවන්. නමුත් වර්තමානයේ පවා ඇතැම් පන්සල්වල අලුතින් දේවාල හදනවා. :no:

වාසනාවකට මේ දේවල්වල ඇත්ත ත්‍රිපිටකය ආශ්‍රයෙන් පැහැදිලි කරලා දෙන හිමිවරුත් වැඩ ඉන්නවා. ඒකට ත්‍රිපිටකය ඉතිරිව තිබීම කොච්චර දෙයක්ද?

සහතික ඇත්ත..:):)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අර මාලු බාන සයිට් එකටත් මේ ලිපිය ගැන දැනුම්දුන්නා. කෝ තාම රිප්ලයි නෑ...හික්ස්...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අර මාලු බාන සයිට් එකටත් මේ ලිපිය ගැන දැනුම්දුන්නා. කෝ තාම රිප්ලයි නෑ...හික්ස්...
ඒගොල්ලො දැන් කීයක් විතර බා ගත්තද දන්නෙ නෑ.:rofl:
 
Statements concerning the authenticity of Buddhist sacred books. Christmas Humpreys, author of the book ‘Buddhism’, says of himself that he studied Buddhism for thirty years and of Buddhism in the world today he knows more than most and he has this to say about the Buddhist Scriptures:

“The Buddha himself wrote nothing, and none of his teaching was written down for at least four hundred years after his death. We, therefore do not know what the Buddha taught, any more than we know what Jesus taught; and today at least four schools, with sub-division in each, proclaim their own view as to what is Buddhism”.

The disappearance of original teachings and practices of Buddha are almost complete today, for the Buddhists are sunk in superstitions, idol worship and Hindu religious rituals. Original Buddhism has changed colors completely.

no more pure BUDDHISM .... :(:(
 
TRANSSEXUAL IS BACK:lol::lol:

This is not the reply buddy..... :lol::lol::lol:

you are buddhist just becoz your parents are buddhist. your parents are buddhist just becoz thier ancesters are buddhist.

do you think the buddhism which you and your ancesters following is the original form of buddhism ??

mark my words!! today buddhism is nothing but a form of superstitions, idol worship and Hindu religious rituals.
no more pure BUDDHISM ....