රිසේන පිස්සෙක්ද?
සිරිසේන පිස්සෙක්ද? - Is it Siresena or The constitution
රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)
රට හදන්නට ආ හැත්ත කළේ කුමක්ද කියා අද වන විටත් නොතේරෙන ගොනෙක් ඉන්නවා නම්, ඌ මී හරකෙක් විනා වෙන මොකෙක්කත් නොවන්නේය. රනිල් හා සැටලයිට් නෝනා නටන්න යන සෙල්ලම හොඳින්ම අවබෝධ කොට ගත් සිරිසේන, මේ ගේම අත ඇරියේ නැතිය. ගේමට මුහුණ දීම සඳහා රනිල්/සැටලයිට් පන්තිය හා සිවිල් බුවාලාට එදිරි සෑම කෙනෙක්ම සිරිසේන ඉතා ආසාවෙන් වැළඳ ගත්තේය.
මාතලන් මේ ලිපියෙන් ලියන්නට අදහස් කරන්නේ, සිඳු වූ සිද්ධි දාමයවත් විය හැක්කේ කුමක්ද කියාවත් ලියන්නට නොවේය. මා ලිවීමට උතසාහ කරන්නේ, 2015 ජනපතිවරණ දේශපාලන වේදිකාවේත් නොගැසූ පරිදි, මේ අවස්ථාවේ සිරිසේන වෙත දමා ගසමින් තිබෙනා මඩ කන්දරාව ගැනය.
2015 වේදීකාවේ සිරිසේනට මඩ ගැසූ උන්ගේ ප්‍රධාන ප්‍රහාරයන් වලින් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ, සිරිසේන පෙන්දෙකු මෙන්ම රාජ්‍ය නායකත්වයට නුසුදුසු, පෞර්ෂයක් නොමැති පුද්ගලයකු යැයි කියනා එකය. ඒ හැර ඔහුගේ පෞද්ගලිකත්වයට එල්ලවූ චෝදනවා වන් වූයේ හොර අඹුවක් පිළිබඳ ගොසිප් එක පමණය.
අද මෙන්, ඔහුගේ ජන්මය ගැනවත්, ඔහුගේ පවුල් පසුබිම පිළිබඳවත්, ඔහුගේ හැසිරීම පිළිබඳවත්, ඔහුගේ ඉන්ගිලිස් නොලේජ් එක පිළිබඳවවත්, ඔහුගේ උගත් කම පිළිබදවවත්, ඔහු කළ රැකියාවන් පිළිබඳවවත්, ඔහුගේ දරුවන් කෙරේවත් කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට, එජාපයේ ගොබ්බ අලීන්ට වඩා මුඛරි බවෙන් අනූන, මඩ කරියන් වත් එදා පෙලඹුනේ නැතිය. අද මඩ ගසනා මේ සියල්ලන්ගේම සුපර් මෑන්ද, ඉස්පයිඩර් මෑන්ද, මෑන් ඔෆ් ද මැච්ද වූයේ පොලොන්නරුවේ ගමරාළය.
එහෙත් අවුරුදු හතරකට කිට්ටු කාළයක් කිසිවක්ම රටට නොකොට, "රාජපක්ෂ ජීවිත" ගත කරන්නට ගිය ගොබ්බ අලින්ට කෙළ වූවාට පසු, වැදගත් දේශපාලකයෙක් යැයි කියන මංගල, රටේ නායකයා හඳුන්වන්නේ "පර බල්ලෙකු" ලෙසය. ඒ තමන්ගේ ආතල් කුඩු වූ නිසාවෙන්මය.
ඔවුන් සිතුවේ සිරිසේන නොම්මර එකේ මෝඩයෙක් යැයි කියලාය. ඔවුන් උත්සාහ කළේ සිරිසේනගේ තටු කපා දමමින්, අප රටට කිසිඳු උදව්වක් උපකාරයක් නොකරන, බටහිර බලවේග හා දෙමළ දේශපාලුවන්ට අවශ්‍යව තිබෙනා, න්‍යායපත්‍රය ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමය.
කිසියම්ම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදි කැටගරියට නොවැටෙනා, 19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ගෙන එන අවුරුදු 4 ක් හා මාස 6 ක් යන තෙක් ආන්ඩුව විසිරුවා හැරීමේ බලය, ජනපතිගෙන ඉවත් කිරීමේ යෝජනවා සම්මත කර ගත්තේ, සිරිසේනට කෙලීමටත්, තමන්ට ආතල් ගැනීමටත් බව හොඳින්ම වැටහෙන්නේ, තමන් බලයට පැමිණි දිනක අවශ්‍ය නම් එහෙම එකක් නැතයි කියා ඔප්පු කිරීමටද ව්‍යවස්ථාවේම තුලම ඉඩ කඩ සලසා දී තිබෙනා නිසාවෙන්මය.
සිරිසේනගේ සදාචාරය ප්‍රශ්ණ කරනා අමු මී හරකුන්ගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ, මේන් මේ වගන්තිය කැඩුවේ කොහොමද කියනා එකය. මහ මැතිවරණ වලට මුදල් නාස්ති කරන්නේ කෙසේද කියනා එකය. එහෙම නම් හැමදාම මැතිවරණ තියන්න් ඕනාද කියනා එකය. රටට ජනතාවට මෙලෝ හසරක් නොකර තමන්ගේ ආතල් වලට පමණක් සියළු මුදල් භාවිතා කරමින් රාජපක්ෂ පන්නයේ පාලනයක්ම ගෙන යන්නේ නම්, උන් රාජපක්ෂලා නොව වික්‍රමසිංහලා වූවත් අනිවාර්යයෙන් එලවා දැමිය යුතුමය.
මේ ප්‍රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැණීමක් නැති සියල්ල දත් කියා සිතා රඹ ටෝක් ඉෂූ කරනා පොල් බූරුවන්ට කීමට ඇත්තේ, මෑත ඉතිහාසයේ ජපානය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේම මැතිවරණ ගැන විපරමක් කරපල්ලා කියනා එකය. අනෙක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය.
එයට ව්‍යවස්ථාව ප්‍රතිපාදන නැත්නම්, අලුතෙන් නීතී පනවා හෝ ඔවුන් එලවා දැමිය යුතුමය. තමන්ට වසර දෙකක් තිබෙද්දි මහින්ද ජනපතිවරණයකට යන්නේත් මේ නිසාමය. තම රජය ජනතාව අතර අප්පිරිය වී ඇති බව තමන්ට හොඳින් වැටහුන නිසාවෙන්මය. ඒ අනුව ජනාධිපති වරයා කර ඇත්තේ සධාචාර නොවූවත් ඉතාම නිවැරදි ක්‍රියාවක්ය.
අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන රඹ ටෝක් දෙන ජෙප්පෝ, ඔක්තෝබර් 23 වනදා පක්ෂයේ සියල්ලෝම කොටුව ඉට්ටේසම ඉදිරයට ගෙනවිත් සිරිසේනට කිව්වේ, කිසිවක්ම නොකරන, රට විකුණන, පට්ට ෆේල් ආන්ඩුව ගෙදර අරින්නෙයි කියලාය. එහෙම කියපු උන් අද කතා කරන්නේ පුකෙන්ද කියා ජෙප්පන්ගෙන් අහන්න වෙන්නේ, බොහෝම කනගාටුවෙන්ය.
සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් මාතලන්ගේ හිතවතුන්ය. ඒ අතරින් සිරිසේනගේ පෞද්ගලිකත්වයට පහර ගහන පිරිස හොඳින් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ, මේ පිරිසම ප්‍රේමදාස මහතාටත් මෙලෙසම පහර ගැසූ පුද්ගලයන් බවත්, ඔවුන් සමාජයේ නියෝජනය කරන්නේ සිරිසේනගේ හා ප්‍රේමදාසගේ පන්තිය බවත්ය.
මහා ළොකු සභ්‍යත්වයක් සදාචාරයක් කතා කරනා මිනිසුන් කිසි දිනෙක තවත් මිනිසෙකුට ගරහන්නේ නැතිය. පරිබව කරන්නේ නැතිය. එය ඊයේ, ගොම්මන්පිල අනුර කුමාර උපන් ලපයක් සහිත බල්ලෙකුට උපමා කිරීමේ සිට අනෝමා ජනාදරීගේ නිරුවත ගැනත්, ප්‍රේමදාස අඩු කුළේ ලැවරියා කාරයෙක් බවටත්, සිරිසේන නූගත් ඉන්ගිලිසි බැරි ග්‍රාමසේවකයකු දක්වාත් විහිදි යන්නේය.
මහින්ද යටතේ ජීවත් වීම වැඩවසම් පාලනයක් ලෙස හඳුන්වනා මොවුන්, රනිල්ලා යටතේ ජීවත් වීම සලකන්නේ ආඩම්බරයක් ලෙසය. එයට හේතුව ටොයි මානසිකත්වය හැර වෙන කිසිවක් නොවේය. උන් හිතන්නේ, ටයි කෝට් ඇද, රෙස්ටුරන්ට් වල කා, තමන්ට ඕනෑම දෙයක් කර, ඉහළ පන්තියේ උන් ගැවසෙන තැන්වල බඩට නොකා, වින්ඩෝ ෂොපින් කර, එය පොතක් මගින් හෝ චිත්තරපටියක් මගින් හෝ නාට්ටියක් මගින් හෝ අඩුම තරම ෆේස් බුක් එකේ හෝ දමා, අපි මාර රැඩිකල් ඩෝ අපි ඇවිල්ලා ටොයියෝ කියා පෙන්වීමය.
මුන්ට රනිල්ලාට සැටලයිට්ලාට වාගේ ඉන්ගිරිසියෙන් හිතා නියමාකාරයෙන් කඩ්ඩ වැනීමටත් බැරිය. ඒ නිසා සිරිසේනගේ දෙපැත්ත කැපෙන කඩුවෙන් වැනුවාම, මුන් කෑළී කෑළී වලට කැපිලා යනවාය.
ඇත්තම කතාව නම්, රනිල්/සැටලයිට් සමාජයට ගොඩ වීමට, රටේ ජනපතිවරුන් වූ සිරිසේන හා ප්‍රේමදාසලාටවත් නොහැකි බවය. එය ඈත අතීතයේ සිට පැවතෙනා උරුමයක්ම පමණි. ඇත්තටම මාතලන් මුන් හඳුන්වන්නේ "පුකේ රැඩිකල්" කාරයෝ කියලාය. උන්ට කොල්ලෙක් පුක එලියේ දමා බුකියේ පොටෝ දැමීමත් මාරම රැඩිකල්ය. උන් දෙන්නාගේ පුක නැති වෙන කොට අර රැඩිකල් කස්ටියගේ පුකත් නැතිය. උන් පැත්ත පලාතේත් නැතිය.
සිරිසේනට ඉතාම තුච්ඡ ලෙස මඩ ප්‍රහාර එල්ල කරන්නේ, මෙන්න මේ ටොයි ෆැන්ටසියේ ජීවත් වූ නොම්මර එකේ අලි බයියන්ය. උන්, උන්ගේ වෙඩින් දවසේ හෝ හතර අතේ ණයවී, තරු පහේ හෝටලයකින් කා, කුලී ලිමෝසියෙන් හනිමූන් ගොස්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් රට සවාරි ගසා, අපි ඇවිල්ලා මාර ටොයියෝ කියා කියනා නොම්මර එකේ බයි හිඟන්නන්ය. සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම, මේ අලි බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනා කාරණයක් බවට පත් වෙලා තියෙනවාය.
අනෙක් පිරිස ආර්ථික වශයෙන් ශක්තිමත් වූවත්, තමා කුඩා කළ විඳි දුක්බර කර්කෂ දරිද්‍රතාවයෙන් පිරි කාළකන්නි ජීවිත වලට වෛර කරනා, මානසික අර්බුධවලින් හෙබි පුද්ගලයෝය. සිරිසේනගේ එදා ජීවිතය යලි ඉස්මතු කරමින් පහර ගසන පිරිස අතර මොවුන්ද ඉදිරියෙන්ම ඉන්නේය. අනෙක් පිරිස මක්කුන්ද කියා ගාමිනි වියන්ගොඩ, සරත් විජේසූරිය හා දඹර අමිල හිමි දීලා තිබෙන ගේම් වලින් යස අගට පෙනෙන්නේය.
සිරිසේන පිස්සෙක් කියනා මුන් සියල්ලන්ටම පුකේ ඉදන් පිස්සුය.
මේ සියල්ලන්ටම මළ පැන ඇත්තේ තමන්ගේ ෆැන්ටසි කුඩු වූ නිසාය.
සිරිසේන සාමාන්‍ය පන්තියේ මිනිසෙකි. මහා විප්ලව තුලින් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීමය. ඉදින් සිරිසෙන වැනි පුද්ගලයකුට විධායක බලය හෙවත් රජකම ලැබීම ගැන 2015 දී සේම අදටත් අප ආදම්බර විය යුතු දෙයක්මය.
ඔහු පිස්සු කෙලියේ නම් දේශපාලන වශයෙන් ගත හැකිව තිබූ හොඳම තීරණය වූයේ, විපක්ෂයේද සහාය ලබා ගෙන දෝශාභියෝගයක් තුලින් ඔහු ඉවත් කිරීමය. එහෙත් දේශපාලන නූල් සූත්තර වල ජේ ආර් ප්‍රේමදාස හා මහින්දටත් එහා ගිය මෛත්‍රිපාල සිරිසේන, අර සුපිරි පන්තිය පරදා ජග ගත්තේය. එය නීතියට අනුකූලද නැද්ද යන්න, දෙසැම්බර් 7 වනදා ලැබෙනා තීන්දුවෙන් ලොව සියල්ලන්ටම දැන ගනීමට ලැබෙනු ඇත.
http://maathalan.blogspot.com/2018/12/is-it-siresena-or-constitution.html