Su-35 vs F-22

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    B0bKXOy.png

    රුසියානු යුද ගුවන් යානා සිරියාවේ කරන ලද ගුවන් මෙහෙයුම් නිසා පසුගිය සමයේදී ලෝකයේ අවධානයට පාත්‍රවිය.රුසියානු ගුවන් යානාවල හැකියාව කොතරම්ද යන්න පැහැදිලි කිරීමට මෑත කාලයේදී ලැබුණු අනර්ඝ අවස්ථාවක් ලෙස සිරියානු සිවිල් යුද්ධය දැක්විය හැකිය.රුසියානුවන් සතු මෙහෙයුම්වල යෙදවිය හැකි නවතම ප්‍රහාරක ගුවන් යානය වන්නේ Su-35 ය.සිරියාවේදී යානයේ තරඟකරුවා වූයේ ඇමෙරිකානු F-22 යානයයි.මේ දෙදෙනා ගුවන් සටනකට පිවිසුන හොත් කවුරුන් ජයග්‍රහණය කරයිද?



    F-22 Raptor

    zs7ptTj.jpg


    උපරිම වේගය:පැයට සැතපුම් 1,726
    උපරිම පරාසය:සැතපුම් 1,840
    මිනුම්:පියාපත් දිගහැරුම:අඩි 44.5;දිග:අඩි 62;උස:අඩි 16.7
    එසවීමේදී උපරිම බර:රාත්තල් 83,500
    එන්ජින්:F119-PW-100 turbofan එන්ජින් දෙකක්(two-dimensional thrust-vectoring nozzles)
    අවි:වට 480ක් සහිත M61A2 තුවක්කුවක්(20-mm),යානය ඇතුලත සවිකල ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-9(තාප සංවේදී )මිසයිල 2ක්,යානය ඇතුලත සවිකල රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි AIM-120 මිසයිල 6ක් හෝ රාත්තල් 1000 GBU-32 බෝම්බ 2ක්(මේවාට JDAM නම් මාර්ගෝපදේශන කට්ටලය සවි කර තිබේ) සහ රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-120 මිසයිල 2ක්




    Su-35 Flanker

    9Md5f2J.jpg


    උපරිම වේගය:පැයට සැතපුම් 1,490
    උපරිම පරාසය:සැතපුම් 1,940
    මිනුම්:පියාපත් දිග හැරුම:අඩි 50.2; දිග:අඩි 72.9; උස:19.4
    එසවීමේ උපරිම බර:රාත්තල් 76,060
    එන්ජින්:TVC නැසින් සහිත Saturn 117S turbofan එන්ජින් දෙකක්
    අවි:මි.මී.30 වට 150ක් අඩංගු අභ්‍යන්තර GSh-30 තුවක්කුව,යානය සතුව අවි සවිකල හැකි ස්ථාන 12ක් තිබෙන අතර ඒවා සම්පුර්ණ කල විට උපරිම කි.ග්‍රෑ.8000 බර අවි ගෙන යා හැකිය.ගුවනේ සිට ගුවනට,ගුවනේ සිට ගොඩබිමට එල්ල කල හැකි මිසයිල,රොකට් සහ බෝම්බ




    ගුවනේ හැසිරවීමේ හැකියාව - Maneuverability​

    3vgzOKQ.jpg
    2013 පැරිස් ගුවන් සංදර්ශනයේදී සිය Maneuverability හැකියාව පෙන්වූ Su-35 යානය​

    නූතන ගුවන් සටන් වලදී අතිශය වැදගත් හැකියාවක් වන්නේ ගුවන් යානයේ ඉරියව්,වේගය ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවයි(Maneuverability).අප කතා කරන ගුවන් යානා දෙක අතරින් මෙම හැකියාව වැඩිම යානය රුසියානු Su-35 යානයයි.Maneuverability හැකියාව නිසා ගුවන් සටනකදී රුසියානු යානයට වැඩි අගයක් ලැබී තිබේ.මෙම යානාවල ටර්බෝෆෑන් එන්ජින් සමග එන නැසින්නයන්හි තාක්ෂණය නිසා Maneuverability හැකියාව ඉහළ ගොස් තිබේ.නමුත් සටනකදී මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට නම් දක්ෂ පළපුරුදු නියමුවන් අවශ්‍ය වේ.




    ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව

    gVr03ay.jpg
    Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය Su-34 යානයක සවිකර තිබෙන අයුරු​

    ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව ගුවන් සටනකදී අතිශය වැදගත් අංගයකි.වර්තමානයේ සතුරු යානා ඉලක්ක කිරීමට මෙන්ම අනෙකුත් ක්‍රියා සඳහා ඉලෙක්ට්‍රොනික උපාංගවල සහාය අනිවාර්යය වේ.මේවා නොමැති නම් අතීතයේ මෙන් පියවි ඇසට පෙනෙන පරාසය තුල සටන් කිරීමට ගුවන් නියමුවන්ට සිදුවේ.නමුත් සියල්ල පරිගණක සහ තාක්ෂණයට භාරදීම හරහා යම් අනතුරු දායක තත්ත්වයක්ද මතුවේ.රුසියානු යානය සතුව තිබෙන Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය යොදාගෙන සතුරු යානාවල පෙනීමේ හැකියාව අවම කල හැකිය.එනම් ඇමෙරිකානු යානාවල අනාවරණ පද්ධතියේ රුසියානු යානා දර්ශනය වීමේ කාලය පමා කල හැකිය.සරලව කිව හොත් මෙය ඇමෙරිකානු යානාවලට එරෙහිව jamer ලෙස ක්‍රියාත්මක වේ.2014 වසරේදී Su-34 යානයක සවි කල Khibiny අවිය යොදාගෙන ඇමෙරිකානු නෞකාවක(USS Donald Cook)Aegis Combat System හෙවත් නෞකාවේ ආරක්ෂාවට තිබෙන රේඩාර් පද්ධතිය(සහ එහි මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මිසයිල පද්ධතිය ) අක්‍රිය කල බවට වාර්තා පළවිය.




    වෙඩි බලය

    6IBJwfR.jpg
    පුර්ණ සන්නද්ධ Su-35 යානයක්​

    සාපේක්ෂව වෙඩි බලය/ අවි බලයෙන් වැඩි යානය වන්නේ රුසියානු Su-35 යානයයි.Su-35 යානය මිසයීල 12ක් ගෙන යද්දී F-22 යානය ගෙන යන්නේ මිසයිල 8ක් පමණි.අවි සවිකල හැකි ස්ථාන 4ක් F-22 යානය සතුය.Su-35 යානය සතුව එවැනි ස්ථාන 12ක් තිබේ.කොතරම් අවි තිබුණද පළමුව නිවැරදි පහරදීම කරන්නේ කවුද යන්න මත ජයග්‍රාහකයා තීරණය වේ.





    ස්ටෙල්ත් හැකියාව

    qO4crQL.jpg
    F-22​

    මෙම හැකියාව අතින් ඇමෙරිකානු F-22 යානය ප්‍රබල ස්ථානයක සිටියි.ලොව දැනට මෙහෙයුම්වල යොදවා තිබෙන කිසිදු ප්‍රහාරක ගුවන් යානයකට වඩා ස්ටෙල්ත් හැකියාව අතින් F-22 යානය ඉදිරියෙන් සිටියි.




    ජයග්‍රාහකයා

    nqLKlZU.jpg
    Su-35 vs F-22​

    ඉහත කරුණු අනුව Su-35 සහ f-22 යානා හැකියාවන් අතින් එකිනෙකට වෙනස්ය.රුසියානු Su-35 යානයට වැඩි අවි බලයක් තිබෙන අතර වැඩි දුරක් පියාසර කල හැකිය.ඊට අමතරව හැසිරවීම(Maneuverability) අතින් කිසිදු යානයකට දෙවැනි නොවේ.මිලෙන්ද අඩුය.ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව අතින්ද එය F-22 යානය ඉක්මවා යයි.Su-35 යානය පියවි ඇසට පෙනෙන පරාසයේ ගුවන් සටනකින් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩිය.නමුත් ස්ටෙල්ත් හැකියාව සහිත F-22 යානය සමග පියවි ඇසට නොපෙනෙන පරාසයේ සටනකදී යානයට අවාසි සහගත තත්ත්වයක් මතුවීමට ඇති ඉඩ වැඩිය.ඉතිහාසය තුල ඇමෙරිකානු ප්‍රහාරක යානා මගින් රුසියානු යානා වැඩි ප්‍රමාණයක් බිම හෙළා තිබෙන මුත් සෝවියට් දේශය පැමිණි සමයට වඩා රුසියානු ගුවන් යානා තාක්ෂණය වර්තමානයේදී අතිවිශාල දියුණුවක් අත්කරගෙන සිටියි.

    uGsAAxN.jpg
    F-22 යානයේ නියමු කුටියට පිවිසෙන ගුවන් නියමුවෙක්

    Source:Businessinsider.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: crazzychathu

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Nice thread macho :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    එල. fighter jet වල නියමුවන්ට A/C තියනවද බන්. නැත්නම් වෙන මොකක හරි cooling system එකක් තියනවද?? ඔක වාතයෙ වේගයෙන් යද්දි රත් වෙන්නව නෙ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල. fighter jet වල නියමුවන්ට A/C තියනවද බන්. නැත්නම් වෙන මොකක හරි cooling system එකක් තියනවද?? ඔක වාතයෙ වේගයෙන් යද්දි රත් වෙන්නව නෙ..

    OW A/C tiyenawa