ආත්ම ඝාතනය එය අද සමාජයේ ප්‍රධාන ගැටලුවක් අතිතයේ සිටම අදටත් සිද්ද වෙන දෙයක් .මෙ ගැන බොහෝ දාර්ශනිකයන් විවිධ අයුරින් විවාදයට අරගන තියන කරුණක්. මෙම කරුණ ගැන ප්‍රධානවම කරුණු ඉදිරිපත් කල සමාජවිද්‍යඥයෙක් වන්නේ එම්ල් ඩුර්කයිම්ය. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක් සියදිවිනසා ගන්නා ක්‍රම විශාල ගනනක් තිබුනද එම පුද්ගලයා සියදිවි නසාගන්නා තත්වයට පත්වකු ලබන්නේ ප්‍රධාන කරුණු 4 ඇතුලත එහි අංශයන්ගෙන් කිහිපයක් හො සියල්ලම හේතුකොටගනය .
මෙම සිය දිවි නසා ගැනිමෙ ප්‍රධාන අංශයන් වනු ලබන්නේ
1. ආත්මිය සියදිවි නසාගැනිම.
2. අනෝමිය සියදිවි නසා ගැනිම.
3. පරහිත කාමි සියදිවි නසා ගැනිම.
4 . විනාශකාරි සියදිවි නසා ගැනිම.
මෙයින් පළමුවන කරුණ වන ආත්මිය සියදිවි නසා ගැනිම ඇතිවනු ලබන්නේ තමා විසින් තමාට එරෙහිව යැමේ ප්‍රතිළුලයක් වශයෙනි. එනම් මෙම සමාජය තුල අපගේ ජිවිතය පවත්වාගන යෑමෙදි ප්‍රධාන කරුණක් වනු ලබන්නේ අපි අපගේ ජිවිතයට ඇති කැමැත්ත බලාපොරොත්තු හා හැගිම්ය. එය සදහා පුද්ගලික මෙන්ම සමාජිය අවශ්‍යයතාවයන් රාශියක් සම්පුර්ණ කර ගත යුතුය.එහෙත් යම් පුද්ගලයකුට මෙම අවශ්‍යයතාවයන් සපුරා ගැනිමට හැකියාවක් නොමතිව යැම එය සිදුකර ගැනිම සදහා තම පවුලේ සමාජිකයන්ගෙන් හිත මිතුරන්ගෙන් පිටුබලයක් නොලබෙන කල ඔහු හුදකලා තත්වයට පත්වනු ලබන අතර එම තත්වය ඔහුට ආත්මිය වශයෙන් බලපානුලබයි . එම තත්වය මත තමා පිළිබද කරකිරිමක් ඇතිවිම කරණ කොට මෙම ආත්මිය සියදිවි නසා ගැනිම තත්වයට පත්වනු ලබයි .එමෙන්ම පවතින සමාජක්‍රමයට අනුගත විමට නොහැකියාව මතද මෙම තත්වය හටගනි .බොහෝ විට ආත්මිය සියදිවි නසාගැනිමට යොමු වන්නේ තමා හා සමාජය අතර වැඩි හැගුම්බර සම්බන්ධතාවයන් ඇති පුද්ගලයන්ය.
මෙහි දෙවැන්න වන්නේ අනෝමිය සියදිවි නසාගැනිමයි.ආත්මිය සියදිවි නසාගැනිම තුල තමා තමාට එරෙහිව ගිය අයුරින්ම මෙහිදි සිදුවනු ලබන්නේ පුද්ගලයා සමාජයට එරෙහිව යාම හේතු කොට ගෙන සියදිවි නසා ගැනිමයි . .අනේමිය යනු නිති විරහිත භාවය ධර්මතා විරහිත භාවයයි) සමාජයේ යම් පුද්ගලයෙක් සමජය තුල පවතින නිති රිති ධර්මතාවයන් පිළිනොගන්නා නැතහොත් අභියේගයට ලක්කරණ අවස්ථා ඇත. එම ධර්මතා පිළිගැනිමට පසුබට විම් දක්නට ඇත. මෙහිදි ඔහු පිළි නොගන්නා අභියෝගයට ලක් කරණ කරණු පිළිගන්නා සමාජය තුලින් ඔහුව කොන් විමකට ලක්විමක් බොහෝවිට සිදුවණු ලබයි. එය තුලින් එම පුද්ගලයා තුල අපෙක්ෂාභංගත්වයක් ඇතිවන අතර එම තත්වය තුලින් ඹහු අනෝමිය තත්වයට ගමන් කිරිමේ අවසාන ප්‍රතිළුලය වන්නේ සියදිවි නසාගැනිම කෙරහි යොමුවිමයි .එමෙන්ම සමාජයේ හදිසියේ ඇතිවන කැළබිලි තත්වයන් මතද අනෝමිය සියදිවි නසාගැනිම් වලට ලක්වන බව එමිල් ඩුර්කයිම් පවසයි .
ආත්මිය හා අනෝමිය සියදිවි නසාගැනිම් වලට වෙනස්ම තත්වයක් පරහිතකාමි සියදිවි නසාගැනිම තුල පවති. ආත්මිය හා අනෝමිය සියදිවි නසා ගැනිමේ දක්නට ඇත්තේ තමාට එරෙහිව යමක් සහ සමාජයට එරෙහිව යමක් තුලින් ඇතිවන සිය දිවි නසා ගැනිමක්ය. නමුත් මෙම පරහිතකාමි සියදිවි නසා ගැනිම තුල සිදුවන්නේ තම සමාජයට ,සංවිධානයට, ආයතනයට ,ආගමික සංස්ථාවට, ඇති දැඩි බැදිම හේතුකොටගෙනය.මෙම තත්වය තුලින් ජිවිතය නිමා කරගන්නා පුද්ගලයා එම සමාජයට සංවිධානයට අයතනයට ආගමික සංස්ථාවට දැඩි බැදිමක් සහිත සහ එම සමාජ සම්බන්ධතා කෙරහි හැගුම්බරතාවයකින් යුතු පුද්ගලයන් වන අතර තමා නියෝජනය වන එම සමාජයට ආගමික මතවාදයට දෙශපාලන සංවිධානයට සිදුවන්නාවු අනාරක්ෂිත භාවයක් හේතුකරගන නැතහොත් එහි අරමුණු මුදුන් පත් කර ගැනිමට ,තම සංවිධානයට අවදානය යොමුකරවා ගැනිමට මෙම අකාරයෙන් සියදිවි නසා ගැනිම සිදු කරගනි .වර්ථමාන සමාජයෙහි වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති අතර උදාහරණ ලෙස කොටි සංවිධානය බොහෝ මුලධර්මවාදි මුස්ලිම් සංවිධානයන්(හාමාස් අල්කයිඩා) ගතහැකිය. එමෙන්ම මෙම තත්වයට පත්විම කෙරහි ඔවුන්ගේ ඉගැනිම් තත්වයද බලපාන අතර සිදුවන්නාවු බොහෝ සියදිවි නසාගැනිම තුල දක්නට ලැබෙන්නේ ඔවුන් පිටත පුද්ගලයකුගේ ,සංවිධානයක බලපැම යටතේ ස්වාධිනතාවයකින් තොරව මෙය සිදුවන අකාරයයි.පරහිත කාමි සියදිවි නසාගැනිමෙ තත්වයන් වැඩිවිම සදහා ප්‍රධානම හේතුවක් වනු ලබන්නේ එසේ මරණයට පත් පුද්ගලයා නියෝජනය කරන සමාජය ඔහු විරත්වයට ඔසවා තැබිමයි .
විනාශකාරි සියදිවි නසා ගැනිම යනු ඉහත සදහන් අරමුණු වලින් බැහැරව තමා ,සමස්ථ සමාජය ඇතුළු සියලුම අංශයන් කෙරහි අකමැත්තක් මත එ සියලුම අංශයන් විනාශ කරගනිමින් සිදු කරගන්නාවු සියදිවිනසා ගැනිමයි.