සිම්බාබ්වේ පකිස්ථාන ක්‍රිකට් තරඟය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගනයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්ථානය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය පැවති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය පිටත ඊයේ රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. බෝම්බකරු පොලිසිය විසින් නතර කිරීමත් සමඟ ඔහු එය පුපුරවාගෙන ඇති අතර එහිදී පොලිස් උප පරීක්ෂකවරයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත්, ක්‍රිකට් තරඟය අඛන්ඩව පවත්වාගෙන ගිය අතර නරඹන්නන් කළබලයට පත්වී තෙරපීමක් සිදුවිය හැකි බැවින් සිද්ධිය ඊයේ දිනයේ වාර්තා නොකිරීමට පාකිස්ථාන බලධාරින් තීරණය කර තිබෙනවා. කෙසේ නමුත්, ඒ පිළිබඳව පාකිස්ථාන මාධ්‍ය අද හෙළිදරව් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන 2009 වසරේ මාර්තු 3 වනදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය ආසන්නයේදීයි.



