Super 30
Super 30 යනු කාලෙකින් බලපු හොද හින්දි film එකක් සත්‍ය කතාවක් පදනම්ව නිර්මාණය උන දෙයක් නිසා කම්මැළි නැතුව බලන්න පුළුවන් මෙහෙ කතා නායකයා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බිහිවූ අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් වටයි පවතින ඉන්දියාවේ IIT-JEE විභාගයට මුහුණ දීම සඳහා දක්ෂතා ඇති දුප්පත් ළමයින් සූදානම් කිරීමට ආනන්ද් කුමාර් පටත් ගත් ව්‍යාපෘතිය Super 30 ලෙස හැදින් වේ.
Ananda kumar and hrithik
ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක් කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්නේ
මෙහි එන සමහර දෙබස් ප්‍රේක්ෂකයාගේ හිතට තදින්ම දැනෙන විදිහට නිර්මාණය කරලා තියනවා
ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා…
එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…
ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..
අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…
හරි වෙලාව ආවම..
හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,
හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…
එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…
ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..
අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…
හරි වෙලාව ආවම..
හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,
හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…
එක දෙයක් කරන්න..
මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,
මං ගැන ලියන්න එහෙම එපා..
මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..
උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…
*******ආනන්ද් කුමාර්*****
මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,
මං ගැන ලියන්න එහෙම එපා..
මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..
උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…
*******ආනන්ද් කුමාර්*****
