Super 30

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Super 30

    Super-30-Hindi-Movie-1.jpg

    Super 30 යනු කාලෙකින් බලපු හොද හින්දි film එකක් සත්‍ය කතාවක් පදනම්ව නිර්මාණය උන දෙයක් නිසා කම්මැළි නැතුව බලන්න පුළුවන් මෙහෙ කතා නායකයා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බිහිවූ අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් වටයි පවතින ඉන්දියාවේ IIT-JEE විභාගයට මුහුණ දීම සඳහා දක්ෂතා ඇති දුප්පත් ළමයින් සූදානම් කිරීමට ආනන්ද් කුමාර් පටත් ගත් ව්‍යාපෘතිය Super 30 ලෙස හැදින් වේ.

    Hrithik-01_ALL_TB--Read-Only-_16bd7c0a0e2_large.jpg

    Ananda kumar and hrithik

    ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක් කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්නේ

    මෙහි එන සමහර දෙබස් ප්‍රේක්ෂකයාගේ හිතට තදින්ම දැනෙන විදිහට නිර්මාණය කරලා තියනවා​



    ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා…
    එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…
    ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..
    අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…
    හරි වෙලාව ආවම..
    හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,
    හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…



    එක දෙයක් කරන්න..
    මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,
    මං ගැන ලියන්න එහෙම එපා..
    මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..
    උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…

    *******ආනන්ද් කුමාර්*****
     
    • Like
    Reactions: slx

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    අවසානය ඔයිට වඩා හොදට ගන්න තිබ්බා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අවසානය ඔයිට වඩා හොදට ගන්න තිබ්බා

    ඔව් එක නම් ඇත්ත ඒ 30 දෙන අද ඉන්න තැන පෙන්නුම කරන්න තිබ්බා එක ගොඩක් වටිනවා :yes::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    ඔව් එක නම් ඇත්ත ඒ 30 දෙන අද ඉන්න තැන පෙන්නුම කරන්න තිබ්බා එක ගොඩක් වටිනවා :yes::yes:

    ඔව් අනික අර දුෂ්ඨයෝ ටිකට මොකද වෙන්නේ කියලාත් පෙන්නන්න තිබ්බා. අනික වෙලාවකට හිතෙනවා ඌ පපඩම් විකුන විකුන නන්නත්තාර වෙලා ඉද්දි අර උදව් කරපු මනුස්සයාට කරපු වැඩෙත් හරි නෑ කියලා.එතකොට ඒ දුෂ්ඨකම් උනත් සාධාරණයි කියලාත් හිතෙනවා.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔව් අනික අර දුෂ්ඨයෝ ටිකට මොකද වෙන්නේ කියලාත් පෙන්නන්න තිබ්බා. අනික වෙලාවකට හිතෙනවා ඌ පපඩම් විකුන විකුන නන්නත්තාර වෙලා ඉද්දි අර උදව් කරපු මනුස්සයාට කරපු වැඩෙත් හරි නෑ කියලා.එතකොට ඒ දුෂ්ඨකම් උනත් සාධාරණයි කියලාත් හිතෙනවා.

    :yes::yes::yes::yes:උදව් කරපු මනුස්සයා කපලා දැම්මා එක පාරටම (ටිකක් එතන අවුල්)