හරි මචන් මම කියන්නේ නෑ film එකකට තාක්ෂණය අවශ්‍ය වෙන්නේ නෑ කියල, මම කියන්නේ film එකක කොච්චර ලොකු තාක්ෂණයක් තිබුනත් වැඩක් නෑ, ඒ film එකේ කතාව සහ අධ්‍යක්ෂණය හරියට නැත්නම්, මම හිතන විදිහට "Super Six" film එකටත් වෙලා තියෙන්නේ මේ දේම තමයි, තාක්ෂණය නම් තියෙනව ඒත් එක දිගට ගලාගෙන යන ශක්තිමත් කතාවක් නෑ,(බගෙට ඇඳගත්ත නළු නිළියො ටිකක් දාලා සටන් ජවනිකා ටිකක් දාලා තිබ්බ පලියට ඒක හොඳ film එකක් වෙන්නෙ නෑ)
අද අපේ සිනමා කර්මාන්තයට වෙලා තියෙන්නෙ මේ දේ තමයි, මේ හින්දා තමයි අපේ රටේ ගොඩක් දෙනෙක් ගේ සිනමා රසාස්වාදය මොට වෙලා ගිහින් තියෙන්නේ, උඹ කිව්වනේ පරන films අද ඉන්න කට්ටිය බලන්නේ නෑ කියල, හරි මෑත කාලයේ දී නිර්මාණය කෙරුනු films වලින් "පුර හඳ කළුවර", "ලේ කිරි කඳුළු", "සමනළ තටු", වගේ films වල මහ ලොකු තාක්ෂණයක් යොදා ගෙන නෑ, ඒ උනාට ඒ films වල ගොඩක් ශක්තිමත් කතාවක් වගේම හොඳ අධ්‍යක්ෂණයක් තියෙනව,
අපේ සිනමා කර්මාන්තය ට තාක්ෂණය අවශ්‍යයි තමයි, ඒත් film එකකට ඒක යොදා ගන්න ඕනෙ එක්තරා ප්‍රමාණයකට විතරයි,
මම හිතන විදිහට film එකක කොච්චර තාක්ෂණයක් තිබුනත් වැඩක් නෑ ශක්තිමත් කතාවක් සහ හොඳ අධ්‍යක්ෂණයක් තිබුනේ නැත්තම්, "Super Six" ගැන කියනව නම් ඒකේ මේ දෙකම නෑ, ඒකෙ තියෙන්නේ තාක්ෂණය විතරයි, මම දැක්ක කවුරුහරි සහෝදරයෙක් thread එකක් දාල තිබුනා "Super Six" කියන්නෙත් දෙමළ film එකක කොපි එකක් කියල, ඒ කතාව ඇත්ත නම් මචන් film එකට කොච්චර ලොකු තාක්ෂණයක් තිබුනත් වැඩක් තියෙනව ද ?, මේ ලඟදි ආපු උඹත් බලන්න ඇති "Colour" film එකට මහ ලොකු තාක්ෂණයක් යොදා ගෙන තිබුනෙ නෑ, ඒ උනාට ඒකෙ කතාව ඔය "Super Six" වලට වඩා හොඳයි, ඒකයි මචන් මම කියන්නේ film එකකට තාක්ෂණයට වඩා වැදගත් වෙන්නෙ කතාව සහ අධ්‍යක්ෂණය කියල
ඒ වගේම මචන් මට පොඩ්ඩක් කියන්න මිනිස්සු film hall එකකට යන්නේ මොකටද කියල ?
මචන් මේක තනිකර දෙමල ෆිල්ම් එකක් කොපි කරලා.(film name chennei 600028) joke පවා දෙමල එකෙන් කොපි කරලා මෙච්චර කරපු එකේ කතාවත් අලුතෙන් කරා නම් හොදයි.හැමදාම හින්දි දෙමල චිත්‍රපට වල ලැටි ගාන එකේ.
මේ කතාව වැරදී. ෆිල්ම් එකක් "නිදිමත"ද නැද්ද කියන්නෙ ඒකෙ තාක්ෂනෙන් නෙමෙයි. අද්යක්ෂනයෙන්.
නව තාක්ෂනය "අත්‍යවශය" නෑ. හොඳම උදාහරනය Dark Knight Rises. Nolan මෙ ෆිල්ම් එකට නව තාක්ෂනය (3D) යොදන්න ප්රතික්ෂේප කලා.ඔහු කියා සිටියේ නව තාක්ෂනය මගින් DKRහි කතාව නිසිලෙස නිරූපනය නොකලහැකි බවයි.
එතෙක් මෙතෙක් දැකප්ය් හොඳම හොලිවුඩ් Sci-Fi එකක් විදිහට සැලකෙන Man From Earth එකේ ඔය මොන ලබුගෙඩියක් වත් නෑ නෙ.
එතෙක් මෙතෙක් දැකප්ය් හොඳම හොලිවුඩ් Sci-Fi එකක් විදිහට සැලකෙන Man From Earth එකේ ඔය මොන ලබුගෙඩියක් වත් නෑ නෙ.
අඩුම තරමෙ හරි හමං කැමරාවක් වත් නැද්ද කොහෙද![]()