SUPER SiX Sri Lankan Movie

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    උදාර පල්ලියගුරුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන"සුපර් සික්ස්" චිත්‍රපටය ලබන වසරේදී තිරගතවීම ආරම්භවීමට නියමිතය. මොරටුව ප්‍රදේශයේ සය සාමාජික ක්‍රිකට් කණ්ඩායමක් පසුබිම් කරගනිමින් මෙම චිත්‍රපටයේ කතා පුවත ගොඩනැගී ඇත. "සුපර් සික්ස්" චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 77 ක මුදලක් වැය කර ඇති බව ද සඳහන් වන අතර 2010 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා රූගත කිරීම් සිදුකර ඇත.

    මෙම චිත්‍රපටය සදහා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, දුලීකා මාරපන, මැණිකේ අත්තනායක, පබෝධා සංදීපනී, අරුණි රාජපක්ෂ, මාලිකා සිරිසේනගේ, පුබුදු චතුරංග, චිත්‍රා වරකාගොඩ, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, ජීවන් හඳුන්නෙත්ති, සරත් කුලාංග, ජනේෂ් සිල්වා, සුනෙත් චිත්‍රානන්ද, හේමාල් රණසිංහ, ශ්‍රීමාල් සත්‍යජිත්, සමන් ඒකනායක, එරංග ජීවන්ත, සමන් හේමරත්න ඇතුළු නළු නිළියන් ඇතුළු 600 කට අධික පිරිසක් රංගන දායකත්වය ලබාදී තිබේ. මිනිත්තු 120 ක් පුරා දිවෙන සුපර් සික්ස් චිත්‍රපටය රූගත කිරීම් ශ්‍රී ලංකාවේ කොළඹ, නුවර, බදුල්ල, ත්‍රිකුණාමලය අවට,ඉන්දියාව හා මැලේසියාවේදී සිදුකර ඇති බව ද සඳහන්ය

    "සුපර් සික්ස්" චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සදේෂ් කුමාර් හා ශ්‍රීමතී සදේෂ් කුමාර්ගෙනි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ මෙහි කතාව නිෂ්පාදකවරයකු වන සදේෂ් කුමාර්ගෙනි. දෙබස් හා තිර රචනය අනුර ඒකනායකගේය. මහේෂ් දෙනිපිටිය සංගීත අධ්‍යක්ෂණය සඳහා දායකත්වය සපයා ඇත නැටුම් අධ්‍යක්ෂණය ඉන්දියානු ශිල්පී ශ්‍රීධර් සහ ගයාන් ශ්‍රීමාල්ගෙනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයා ඇත. සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර සහ ඉන්දියානු සටන් ශිල්පී පීටර් හෙයින්ගේය. ඇඳුම් නිර්මාණ මයිකල් විජේසූරිය සහ සුමති කුඩලිගමගෙනි.

    නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න, ගී පද රචනයෙන් නිලාර් එන්. කාසිම්, වසන්ත දුක්ගන්නාරාළ සහ නන්දන වික්‍රමගේ, ගී තනු නිර්මාණයෙන් මහේෂ් දෙනිපිටිය හා ඉරාජ් වීරරත්න, ගායනයෙන් රූකාන්ත ගුණතිලක, චම්පා කල්හාරි, සුරේන්ද්‍ර පෙරේරා සහ ශිහාන් මිහිරංග සහ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ශානක පොන්නම්පෙරුම සුපර් සික්ස් චිත්‍රපටයට දායකත්වය සපයා තිබේ. සුපර් සික්ස් D T S සහ සිනමාස්කෝප් තාක්ෂණයෙන් නිපදවන ලද චිත්‍රපටයකි. මේ සඳහා අති නවීන කැමරා තාක්ෂණය යොදා ගෙන ඇති බව ද සඳහන්ය. චිත්‍රපටයෙහි එන උඩු ගුවනේ රූ ගැන්වීම් සඳහා හෙලිකොප්ටරයක්‌ ද යොදා ගෙන ඇති බව සඳහන්ය.






    1325750934_s5.jpg

    19786433_s4.jpg

    822905979_s-1.jpg

    1517977982_822905979_s-1.jpg