චන්ද්‍රිකාවක් යැවූ බව චීනය කියූවත්, ශ‍්‍රී ලංකාව ගැන සදහනක් නෑ
Published on Wednesday, 28 November 2012 17:37
Mirror - චීනය සාර්ථකව සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ බව චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන 'සිනිහුවා' ප‍්‍රවෘත්ති සේවය සඳහන් කර ඇතත්, එම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් කිසිවක් චීනයේ වේලාවෙන් ඊයේ රාතී‍්‍ර 7.57 ට නිකුත් කළ එම පුවත් වාර්තාවේ සඳහන් නොවේ.
ඊයේ සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද වාර්තා වෙයි.
මෙය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසෙයි.
ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබේ. මෙය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.