Swift මෝටර් රථයේ ආරක්ශාව බිංදුවට බසී!
ඉන්දියාවේ නිපදවන සුසුකි Swift මෝටර් රථ තුල ගමන් කරන රියදුරුවරයා ඇතුළු මගීන්ට හදිසි අනතුරකදී ඇතිවන ජීවිත අවධානම ඉතා ඉහල බවජගත් නව මෝටර් රථ තත්ත්ව පරික්ෂා වැඩසටහන (Global NCAP- Car Assessment Programme)විසින් ජර්මනියේ දී සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළිවී තිබේ.
එම මෝටර් රථය 56 kmph සිට 64 kmph වේගයකින් ධාවනයකොට අනතුරට ලක්කිරීමෙන් අනතුරුව මෝටර් රථයට සිදුවන දේ පිළිබඳව එහිදී පරීක්ෂණ සිදුකොට තිබුණි. swift රථයේ ඉදිරිපස ගැටුමකදී ඉදිරිපස ගමන්කරන රියදුරා හා මගියාට ඇති ආරක්ෂාව "0" ලෙස එම වාර්තාව මගින් පෙන්වා තිබේ.
ජගත් නව මෝටර් රථ තත්ත්ව පරික්ෂා වැඩසටහන මගින් පරික්ෂාවට ලක්කරනු ලබන්නේ එයාර් බෑග් සහ ABS බ්රේක් පද්ධතියක් සහිත වාහන පමණක් වන අතර SWIFT මෝටර් රථයේ එක් වර්ගයක් එම පරීක්ෂාව සඳහා සුදුසුකම් නොලබා තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධව මෝටර් රථ සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දියාවේ සුරක්ෂිතතාවයන්ට අනුකුලව වාහන නිපදවීම සිදුකරනු බවයි.
Source - http://offair.nethfm.com/article/7165