ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
පැහැර ගැනිමකට ලක්වු බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්න්තුවට අද (13) පැමිණ තිබෙනවා. ඒ සිව්වෙනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සදහායි.
ඊයේ දිනයේදි මෙම නිලධාරිනියගේ නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදුකරමින් ප්‍රකාශ කලේ ඉදිරි ප්‍රකාශ ලබා ගැනිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හට ස්විට්සර්ල්නත තානාපති කාර්යාලයට පැමිණ එය සටහන් කර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදෙස් තානාපති සේවයට අයත් බැවින් එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
මෙම නිලධාරිනියගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැදවන ලෙස ඊයේ අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඇයට පැනවු විදෙස් ගමන් තහනම ද දෙසැම්බර් 17 වෙනිදා දක්වා දිර්ඝ කරනු ලැබුවා.
Neth



