T.V_සීරීස්

Jan 18, 2012
14
11
0



මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක නියමයි .සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , දැන ගන්න ලැබුන විදියට මේ පාර සුමති සම්මාන උළෙල හොදම නාට්‍ය විදියටත් තේරිලාලු )

කොහොමත් ලංකාවේ පෙන්නන ඉන්දියාවේ අච්චාරු නාට්‍ය බලනවට වඩා මට නම් ටී.වී සිරිස් එකක් බලාගෙන ඉන්න එක සැපයි.මොකද ඔය මෙගා කියලා පෙන්නන ඒවාගේ ( මෙගා කියන්නේ මම දන්න තරමට දැවැන්ත නිෂ්පාදනයක් නම් නේ , ඒ උනාට ලංකාවේ මෙගා නම් ? ) අද බලන කොටසයි , තව මාසයකින් බැලුවමත් මහ ලොකු වෙනසක් නැහැ.


මේ පල්ලෙහා තියෙන්නේ මම දැනට බලන / බලපු ඒවා ටිකකුයි , මගේ යාළුවෝ බලන ටී.වී සීරිස් ටිකයි.මේවා නම් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන හරි බැලුවට පාඩු නැහැ.


1. Nikita - කතාව හොදයි , දැනට දෙවැනි සීසන් එක යන්නේ

2. Outsourced - කෝල් සෙන්ටර් එකක් ඉන්දියාවට අවුට්සෝස් කරපු කතන්දරයක් තියෙන්නේ.කොමඩියක්,එක සීසන් එකයි තියෙන්නේ.මම බලපු සිරාම එකක්.
3. Vampire Diaries - දැනට තුන්වෙනි සීසන් එක යන්නේ , දැනට මම බලපු ඒවගෙන් හොදම එකක්.
4. Breakout Kings - Prison Break හදපු සෙට් එකමයි හදලා තියෙන්නේ , මමත් මේ දවස්වල බලමින් ඉන්න එකක්.
5. Californication - X-Files වල හිටපු මෝල්ඩර් මේකේ ඉන්නේ.දැනට සීසන් 4 තියෙනවා.
6. Community - සිරා කොමඩියක් තියෙන්නේ මේකෙත්.කතාව සිරා , සීසන් 3 තියෙනවා.

ඔය සෙට් එක තමයි ඉතින් මේ දවස්වල බලන්නේ , ඕවාට අමතරව මේ ටිකත් මගේ ලිස්ට් එකේ තියෙනවා. The Secret Circle, Alphas, CSI, LOST ,Chuck,Whit Collar,Castle,Sherlock Holmes,Merlin,The Walking Dead,The Office,Suits,V,Hung,The Event


Prison Break,Supernatural,The Legend of the Seeker,Kyle XY ඒවත් හොදයි.


බුකියේ තියෙන මෙන්නේ මේ
Entertrainement World කියන පේජ් එකේ අලුතින්ම එන ටී.වී සිරිස් / ෆිල්ම්ස් ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්.ඩවුන්ලෝඩ් කරන්න ඕන අයට Direct ලින්ක්ස් එහෙමත් තියෙනවා.පොඩ්ඩක් ඔළුව දාලා බලන්න.

ටී.වී සීරිස් ගැනම අපේ දෙන්නෙක් අතරේ උනු කතාබහකින්ම මේ පොස්ට් එක ඉවරකරන්නම්කො.


මෙට්‍රෝ එකට මාතර පැත්තේ ඉදන් ආපු බුවෙක් දවසක් අපේ එකෙක් ගෙන අහලා තියෙනවා ,

" මේ මට නිකිටා එකේ සීසන් වන් එකේ 5 වෙනි එපිසෝඩ් එක දීපන්කෝ " කියලා
ඕකට ඉතින් උත්තරේ විදියට ලැබිලා තියෙන්නේ ,
" අනේ නිකන් පලයන් බන් යන්නේ , කෝපි-කඩේ බල බල හිටපු උබලට මොන නිකිට ද "
ප්‍රශ්නේ අහපු බුවා ඉතින් ඊට පස්සේ නෝ-කතා.

උපුටා ගැනීමකි හොදේ