ඊයා වෙසියේ.. ගූ කාපන් යකෝ![]()
business bro businessටී56 ගැන පොලීසියට ඔත්තුව දීලා ලක්ශ 10 අරගෙන පොලීසියෙ එකෙක්ට ලක්ශ 5ක් දීලා ටී 56 පන්නනවා. වෙන එකෙක්ට ඒක තව ලක්ශ දෙකකට විකුනනවා. ආයෙ පොලීසියට ඔත්තුව දෙනවා. ආයෙ ලක්ශ 10ක් හම්බෙනවා. සයිකල් රිපීට්ස්..![]()
ලක්ෂ 9ට අඩුවෙන් බ්ලැක් මාකට් එකෙන් ගන්න පුලුුුවන් නම්, ලක්සයක් ලාබ තියන් දෙතෑකි
Hora T56 tiyan un gena danna ewun innawada balala unta shot eka dennada dan na..T 56ක් නෙවෙයි 1000ක් විතර දවසට දාන පොට් තියෙනවා.
මේ අර බංකුවක් අරන් ගිහින් ඉගෙනගත්ත ටියුෂන් වල පාඩමක් ද ??
T56ක් අල්ලන්න ලක්ෂ 10ක් දෙන්න වෙන ආරක්ෂක අංශයකට පාතාලය සම්පුර්ණයෙන් නැති කරන්න නම් කොච්චර වියදමක් යයි ද ??
ආරක්ෂක වියදම් අඩු කරා නේද ??
මිනිස්සුන්ට සල්ලි දීල ද දැන් පොලිස් වැඩේ කරන්න වෙලා තියෙන්නේ ??
අපරාදේ මුන්ට දෙන පඩි , පුහුණුව ..
this is called a bounty,,,, this is very normal
thopita magic unata api mona karannada
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ළහිරු සම්පත් නැමැති පෙදරේරු වෘත්තියෙහි නිරත සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.
'මං සෙව්වන්දි ඉන්න තැන දන්නවා ඔන්න ඕගොල්ලො ඔක්කොම මං කියන තැනට එන්න. මට ලක්ෂ 12 ගන්න පුළුවන් නේද?' කියමින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබේ.
ඔහු කියූ තැන ඉෂාරා සෙව්වන්දි නොසිටි බවත් ඒ සමාන හැඩරුව ඇති වෙනත් කාන්තාවක සිටි බවත් පවසන පොලිසිය මේ තුළින් අන් අය අපහසුතාවයට ලක්කරන්නට හා පොලිසියේ කාලය හා ශ්‍රමය අපතේ යවන්නට ඔහු උත්සාහ කළ බව කියා තිබේ.බොරුවක් පැවසුවේ ඇයිදැයි විමසීමේදී මං හිතුවේ ඒ එයාම තමයි කියල.. දැනුයි දන්නෙ වෙන කෙනෙක් කියලා.. යයි පිළිතුරු සපයා තිබේ.ආරංචි මාර්ග පවසන්නේ කිසියම් කෙනෙකුට කළ විහිළුවක් ලෙස මෙම ඔත්තුව පොලිසියට සපයා ඇති බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.