Taboo Subjects පට්ට අනාවැකිය!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගෝඨාභයගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් වසර 5ක් සම්පූර්ණ කරතැයි සිතනු අසීරුය. වඩා ඉඩ ඇත්තේ වසර 2/3ක් තුළ එවන් රජයක් දරුණු ආර්ථික අර්බුදයකට ලක් වීමත්, ඒ අසීරු කාල සීමාවෙහිදී අගමැති තනතුරට වෙනත් නායකත්වයක් තෝරා ගැනීමත්ය. එය රනිල් වික‍්‍රමසිංහ වන්ට ඉඩ තිබේ.

    https://www.anidda.lk/2018/07/01/564-2/


    අම්මෝ Taboo Subjects! Golden days of ලංකාවේ blog sphere! ලංකාවේ හොදම මොළ ලංකාවේ නෑ කියලා මං තේරුම් ගත්තේ ඒ කාලේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    taboo, beyondtheframe vs රංග මිගාර වීරක්කොඩි and පෙරමුණේ රාළ. ඒකාලේ තමයි යකෝ කාලේ

    දැන් ඔය මේකේ ඉන්න මෝඩ අප්පුවා නම කොපි කරගෙන ඉන්නෙත් අටුවාවේ ලියපු පිටියේ අප්පු කියන එකෙන්. (උගේ කලින් ආත්මේ ඉදිරියේ රාළ කියල ගෙන හිටියේ පෙරමුණේ රාළ කියන එක කොපි කරලා)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    කාගේ සිත් බිඳුණද මේ ඇස් පනා පිට පෙනෙන සත්‍යයයි. සැකයක් වෙන කනෙකුට මේ සටහන් තුන කපා පරෙස්සම් කර තබා වසර කිහිපයකින් පිරික්සිය හැක්කේය.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Covid awe nattan 5yrs kalin kelawenne na gemak gahanawa un
    gahanawa pakak

    Pattama blog eka... Eeth uu expose unane... Eka dawasen blog eka makuwa
    [email protected] thaama matakai
    makanna nm hethuwak na bn mata hithanne hack kathawa aththa kiyala, mita awrudu 12katath kalin wechcha seen ne bn owa
    ------ Post added on Aug 12, 2022 at 5:21 PM

    taboo, beyondtheframe vs රංග මිගාර වීරක්කොඩි and පෙරමුණේ රාළ. ඒකාලේ තමයි යකෝ කාලේ

    දැන් ඔය මේකේ ඉන්න මෝඩ අප්පුවා නම කොපි කරගෙන ඉන්නෙත් අටුවාවේ ලියපු පිටියේ අප්පු කියන එකෙන්. (උගේ කලින් ආත්මේ ඉදිරියේ රාළ කියල ගෙන හිටියේ පෙරමුණේ රාළ කියන එක කොපි කරලා)
    eka eka knowledgebase tyena minissu hitya bn mama nm godak dewal igena gaththa godak ewunwa adura gaththa blog hinda,
    ------ Post added on Aug 12, 2022 at 5:22 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    taboo, beyondtheframe vs රංග මිගාර වීරක්කොඩි and පෙරමුණේ රාළ. ඒකාලේ තමයි යකෝ කාලේ

    දැන් ඔය මේකේ ඉන්න මෝඩ අප්පුවා නම කොපි කරගෙන ඉන්නෙත් අටුවාවේ ලියපු පිටියේ අප්පු කියන එකෙන්. (උගේ කලින් ආත්මේ ඉදිරියේ රාළ කියල ගෙන හිටියේ පෙරමුණේ රාළ කියන එක කොපි කරලා)
    ගෝල්ඩන් ඒජ් ඒක
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගෝල්ඩන් ඒජ් ඒක
    Ranga meketh athal dunna..

    gahanawa pakak


    makanna nm hethuwak na bn mata hithanne hack kathawa aththa kiyala, mita awrudu 12katath kalin wechcha seen ne bn owa
    ------ Post added on Aug 12, 2022 at 5:21 PM


    eka eka knowledgebase tyena minissu hitya bn mama nm godak dewal igena gaththa godak ewunwa adura gaththa blog hinda,
    ------ Post added on Aug 12, 2022 at 5:22 PM
    appa.. awrudu 12kuth gehin da
    ------ Post added on Aug 12, 2022 at 5:31 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දාන එකක් ඔක්කොම දාපං ලංකාවේ මීඩියාකාරයො වගෙ නැතුව 😑 මේවාටද උබල මොල කියන්නෙ?
    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වීම තියා මහින්දවාදී කඳවුරෙහි (ඊනියා ‘පොහොට්ටුවෙහි’) ජනාධිපති අපේක්ෂකයා වීම වුව තවමත් අවිනිශ්චිත සංසිද්ධියකි. ලේඛකයාගේ අදහස නම් ජනාධිපතිවරණයකදී දීප ව්‍යාප්තව වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් දිනා ගත හැකි රාජපක්ෂ පවුලේ සාමාජිකයා බැසිල් රාජපක්ෂ බවය. (මහින්ද රාජපක්ෂගේ අවස්ථාව ව්‍යවස්ථානුකූලව නැති කොට ඇති බව සිහි කළ මැනව.) 1990ට පසු උපන් මිලියන දෙකකට කිට්ටු තරුණ පිරිසක් මෙම ජනපතිවරණයේදී තම ඡුන්දය භාවිත කරන හෙයින් හා ඔවුන්ගේ ප‍්‍රතිශතය මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් 17% තරම් ඉහළ හෙයින් නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම වුව සලකා බැලිය හැකි එක්ස්පෙරිමෙන්ට් එකකි. සුළුතරයන් අතර ඔහු කෙරෙහි ගොඩ නැඟී ඇති අවිශ්වාසය සලකන කල ගෝඨාභය රාජපක්ෂ හොඳ අපේක්ෂකයෙක් නොවේ. එහෙත් ලේඛකයා වැරැුදි විය හැකිය. ‘‍බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත්ව මහජන ඡුන්දයෙන් ජනාධිපති පදවියටද තේරී පත් වන්ට ඉඩ නැතිවාම නොවේ. ලේඛකයාගේ අභිලාෂය වූයේ ඈඳුතු සටහන් තුනෙකින් එසේ වන්නේ නම් විය හැක්කේ කුමක්ද යන්න විශ්ලේෂණය කිරීමයි. ඉන් දෙකක් ඔබ කියැවූයෙහිය. මේ සමාප්ති සටහනයි.

    පළමු සටහන් දෙකේදී ඊනියා ‘ජාතික ආණ්ඩුවක්’‍ යටතේ ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කෙසේ වනු ඇතිද අපි සලකා බැලීමු. මේ සටහනේදී අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිල සහායකින් තොරව, පාර්ලිමේන්තු සරල බහුතරයක් අතැතිව රට කරන අයුරු සලකා බලමු. මෙය වන්ට ඉඩ නැත්තේම නැති මුත් සාපේක්ෂව අඩු අවස්ථාවකි. අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂට වැඩිම ලාභයක් අත්පත් වනු ඇත්තේ මේ පසුබිමෙහිය. එසේම පේදුරු තුඩුවේ පටන් දෙවුන්දර තුඩුව දක්වා ඔහුගේ අනුගාමිකයන් (වෙඬරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළුව) දකිනු රිසි සේ ‘සොඳුරු ආඥාදායකයාගේ’‍ භූමිකාව ඔහුට රඟපාන්ට අවස්ථාව ලැබෙන්නේද මේ පසුතලයේය.

    පසුගිය දෙසතියෙහි පුන පුනා කී යමක් යළිදු සඳහන් කරන්නේ නම්, මේ අවස්ථාව එළැඹෙන්ට නම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉන් පෙර සැපිරිය යුතු අවශ්‍යතා රාශියක් වේ. මේ එක එක සඳහන් කිරීමේ අදහසක් නැතද, නිගමනවලට බසින්නේ ඒ සියල්ල සලකා බැලීමෙන් පසුව පව පාඨකයා සිහි තබා ගත යුතුය. නිදසුනක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් පිණිස චීනයේ උදු සහාය ජනාධිපතිවරණයට පෙර සේම පසුවද අනිවාර්ය සාධකයකි. එසේම මුස්ලිම් ඡන්දවලින් 30-40%ක් වත් දිනා ගැනීමේ හැකියාව ඔහු සතු විය යුතුය. මෙවැනි කාරණාවලදී අපි අපේ පහසුව පිණිස සැකයේ වාසිය ගෝඨාභය රාජපක්ෂට දෙමු.

    ගෝඨාභය රාජපක්ෂ සරල පාර්ලිමේන්තු බහුතරය ගොඩ නඟා ගන්නේ කෙසේද? වත්මන් මහින්ද රාජපක්ෂ කඳවුර (පොදුජන පෙරමුණ හෙවත් ඊනියා පොහොට්ටුව) නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වේය උපකල්පනය කළද, සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ ඔවුනට ආසන 107ක බහුතරයක් ලබා ගැනීමේ ඉඩ අවමය
    . මුස්ලිම් මන්ත‍්‍රීවරුන් අඩක් පමණද, මැදරට දෙමළ මන්ත‍්‍රීවරුන් යම් ප‍්‍රමාණයක්ද ගෝඨාභය රාජපක්ෂට සහාය දෙතැයි සිතමු. දෙමළ මන්ත‍්‍රීවරුන්ගේ සහාය ඔහුට ලැබීමේ ඉඩ අඩුය. ජවිපෙ සහායද බලපොරොත්තු විය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂටම වාසිය දී ජවිපෙ ආසන පහක් හා (එජාප නොවන) දෙමළ මන්ත‍්‍රීවරුන් 15ක් උපකල්පනය කළොත් එතැනම 20 කි. වත්මන්හි ආසන 106ක් හිමි එක්සත් ජාතික පක්ෂයට දැඩි ලෙස අවාසිදායක තත්ත්වයකදී පවා ආසන 87ක් ලබා ගන්ට අපහසුම නැත. එකට එක්වන්නේ නම් එතැනම බහුතර විපක්ෂයක් ඇති වේ. මේ උගුලෙන් ගැළවෙන්ට ගෝඨාභය රාජපක්ෂට කළ හැකි එකම එක දෙයකි. එනම් ‘දෑත් ශක්තිමත් කිරීමේ’‍ කොන්ත‍්‍රාත්තුවට ඔළු ගෙඩි කිහිපයක් එක්සත් ජාතික පක්ෂයෙන් බිලී බා ගැන්මය. වත්මන් දේශපාලන සන්දර්භයෙහි මෙය නොකළ හැක්කක් නොවේ. සරල බහුතරයට අඩු ඔළුගෙඩි කිහිපයක් පමණක් නම් ගෝඨාභය රාජපක්ෂ මේ විසඳුම කරා යනු ඇතැයි සිතිය හැක. තුනෙන් දෙකේ බලයක් නොලැබුණද එය ඔහුට වඩා පහසුය. හිතට, පසුව කෙසේ වෙතත් මුලින් සුවදායකය. පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව වන පක්ෂයේ කන්‍යාභාවයද යම් පමණෙකට රැකේ. එය නොඉඳුල් යුවතියක ‘අනේ අයියා, ඒක නම් කරන්න බෑ, ඒ වෙනුවට මේක කරමු’‍ කියන ජාතියේ විසඳුමකි. සර්වසම්පූර්ණ නැත. අවශ්‍යතාව ඉටුවේ.
    දැන් ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ අනුගාමිකයන්ගේ බලපොරොත්තුව පරිදිම ‘සොඳුරු ආඥාදායකයාය’‍. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක්ද ඔහුට හිමිය. ඉතින් ඊට පස්සෙ?‍

    මැදි කාලීන චිත‍්‍රය (ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ අවස්ථාවේ පටන් වසර දෙකක් හා තුනක් අතර කාලය)
    ලේඛකයා කලින් සටහනකදීද සඳහන් කළ ආකාරයට මෙසේ වී නම් ඇතිවනු ඇත්තේ 2010-2013 අතර කාලය තුළ ඇති වූවාක් මෙන් සාපේක්ෂව ප‍්‍රබල හා ආර්ථික සංවර්ධන වේගය වැඩි, පොළොව මත යම් යම් දේවල් සිදුවන බව පෙනෙන තත්ත්වයකි. මීට ප‍්‍රධාන හේතුව වනු ඇත්තේ චීනය විසින් කරනු ඇතැයි සිතිය හැකි සාපේක්ෂව විශාල ආයෝජනයයි. එසේම ගෝඨාභයගේ අධිකාරවාදී නායකත්වය මෙවැනි අවස්ථාවකදී විශාල ශක්තියක් වන බවටද සැක නැත. කොටින්ම මෙසේ වන්නේ නම් ජනතාව මේ යුගය හඳුනා ගනු ඇත්තේ 2010 – 2015 මහින්ද රාජපක්ෂ යුගයේ දිගුවක් ලෙසිනි. එය දුෂණයෙන් තොර, සියයට සියයක් කාර්යක්ෂ්ම තත්ත්වයක් නුවුවද, රටෙහි යම් ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකි ජනතාවට කෙටි කාලීන හෝ ප‍්‍රතිලාභ ලැබෙන යුගයක් වනු ඇති බව කිව හැක්කේය.
    එසේම පෙර සඳහනක් නැවත උපුටා දක්වන්නේ නම් මේ චීන ලොකු අයියා හා ලංකා චූටි නංගිගේ අපූරු චිත‍්‍රයෙහි ඇති ලොකුම අඩුව ලංකාවට චීනය ‘මට ඔබ විතරක් වුණාට, ඔබට ඉන්නෙ මං විතරද?’‍ වීමය. චීනය සිය ආර්ථික හා දේශපාලනික අරමුණු තකා දැවැන්ත ආයෝජනයන්හි යෙදෙන එකම රට ලංකාව නොවේ. දකුණු ආසියාවෙහි පමණක් එය ඉන්දියාවට යම් පමණෙකට එරෙහිව පාකිස්ථානයෙහිද, බංග්ලාදේශයෙහිද දැවැන්ත ආයෝජන සිදු කළේය. මීට අමතරව බොහෝ ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍ය චීනය සිය දැවැන්ත චෙස් පෙතෙහි ඉත්තන් කොට ගෙන සිටියි. ඒ සිතියමෙහි අපට උරුම වන්නේ දංකුඩ කන බල්ලාගේ මට්ටමට පොඩියක් උඩින් මට්ටමක් විය හැකිය. හැබැයි රටෙහි විශාලත්වය හා සසඳන කල එය වුව ප‍්‍රමාණවත් ස්ථානයකි. චීනයට සුළුදිය බින්දුවක් සේ පෙනෙන ආයෝජනයක් වුව අපට මහමෙරකි.

    දිගු කාලීන චිත‍්‍රය (ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ අවස්ථාවේ පටන් වසර පහකට පසු කාලය)
    මේ අවස්ථාව යටතේ ගෝඨාභය රාජපක්ෂට අසීරුතාවන්ට මුහුණ දෙන්ට වනුයේ දිගු කාලීනවය. මෙයට එක හේතුවක් චීනය ඔවුනට වාසිදායක ව්‍යාපෘති පිණිස මිස අපට වාසිදායක ව්‍යාපෘති පිණිස ආධාර නොකිරීමය.

    මීට හොඳම උදාහරණයකි මත්තල ගුවන් තොට. ලංකාවට මත්තල තව ගුවන් තොටක් අවශ්‍ය නොවීය. එය තනන්ට වැය කළ මුදල් සම්භාරයෙන් සුළු කොටසක් යොදවා කටුනායක ගුවන් තොටුපළෙහි නව ගුවන් පථයක් ඉදි කළේ නම් අපේ බොහෝ ප‍්‍රශ්න විසඳෙන්ට ඉඩ තිබුණේය. අයහපත් කාලගුණ තත්ත්වයක් හෝ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් ඇති වූ විටෙක ගුවන් යානාවක් ගොඩ බස්සා ගන්ට චෙන්නායි, බැංගලෝර්, ත‍්‍රිවැන්ද්‍රම්, තිරුචිලාපල්ලි හා කොචින් ගුවන් තොට පහක්ම වෙයි. (රටේ යුද්ධයක් නැති සමයෙක මෙය අතිශය කලාතුරෙකින් ඇතිවන අවශ්‍යතාවකි.) එහෙත් චීන්නු අපට අවශ්‍ය නොවන ගුවන් තොටක් දුන්හ. ඊට වැය කෙරුණේ චීන ධනයයි. ඔවුන්ගේ මූල්‍ය ගැටලූවක් සුළුවෙන් හෝ විසඳිණි. අපට බරපතළ මූල්‍ය ගැටලූවක් එක් විය. දිගු කාලීනව ගෝඨාභය රාජපක්ෂට මුහුණ දෙන්ට වනුයේ මෙවන් නාස්තිකාර චීන ව්‍යාපෘතිවලට ගත් විසල් ණය පියැවීමේ ගැටලූවටය. එය ඔහුගේ රාජ්‍ය කාලයෙහි ගත් ණයවලට අමතරව මහින්ද රාජපක්ෂ යුගයේ පටන් එකතු වන ණයද එක් වී තිබෙනු ඇත්තේය.

    ප‍්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට ඒ තරම් දුරට යන්ට වත් ඉඩක් වේද යන්නයි. ඒ ඔහුගේ වරද නිසා නොවේ. චීනය දකුණු ආසියානු කලාපය තුළ චණ්ඩියා වීම දකිනු නොරිසි බලවතුන් දෙදෙනෙක්ම අඩු තරමින් වෙති. ඉන්දියාවට චීනය උදු තර්ජනයකි. ඇමෙරිකාවට වක‍්‍ර තර්ජනයකි. මේ දෙදෙනාම චීන ලොකු අයියා ලංකා චීටි නංගී පැහැරගෙන ගොස් කරකාරයට ගැන්ම ගැන සතුටු වේය සිතිය නොහේ. එය වළක්වා ගනු පිණිස ඔවුන් හැකි හැම දෙයක්ම කරනු ඇත්තේය. මේ බල තරගයට අලූතින්ම එක්වනු ඇත්තේ කොළඹ නගරය තුළ ඒ වන විට දැවැන්තම විදේශ දුත කාර්යාලය හිමි පුටින්ගේ රුසියාවයි. ව්ලැදිමීර් පුටින්ගේ ආශීර්වාදය ගෝඨාභයට හිමිවනු ඇතත් ඉන්දීය සාගරයේ මර්මස්ථානයක ඇති ලංකාව තුළ චීන බලය ගොඩ නැඟීම පුටින් පවා ඉවසනු ඇතැයි සිතිය නොහේ.

    මේ බල තරගය තුළ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් වසර පහක් සම්පූර්ණ කරතැයි සිතනු අසීරුය. වෙන්ට වඩා ඉඩ ඇත්තේ වසර දෙක තුනක් තුළ එවන් රජයක් දරුණු ආර්ථික අර්බුදයකට ලක් වීමත්, ඒ අසීරු කාල සීමාවෙහිදී රටේ ජනතාව අගමැති තනතුරට වෙනත් නායකත්වයක් තෝරා ගැනීමත්ය. එය රනිල් වික‍්‍රමසිංහ වන්ට හෝ නොවන්ට ඉඩ තිබේ. පරාමිතීන් වැඩි වන නිසා මේ තරම් දුරට විශ්ලේෂණය අසීරු හා ඵලරහිත වේ.

    ඉතාම කෙටියෙන් කියන්නේ නම් අවසාන නිගමනය ඔහුට ඉතාම වාසි දායක දේශපාලන තත්ත්වයන් යටතේ පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන රජයක් අස්ථායී, දුර්වල හා අඵලදායී එකක් මිස 2010-2013 අතර කාලයේ තුබුණාක් මෙන් ස්ථායී ඵලදායී එකක් නොවන බවය. කාගේ සිත් බිඳුණද මේ ඇස් පනා පිට පෙනෙන සත්‍යයයි. සැකයක් වෙන කනෙකුට මේ සටහන් තුන කපා පරෙස්සම් කර තබා වසර කිහිපයකින් පිරික්සිය හැක්කේය.
    (සමාප්තයි.)
    සැයූ : ඔක්කොම හයිලයිට් කලේ නෑ 🤣 පිස්සෙක් ලියපු බව ප්‍රත්‍යක්ෂ වූ පසු අතැර දමන ලදී.
     
    • Like
    Reactions: kasun_kbp

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    හොඳට කියවල බලන්න මේ කියල තියෙන්නෙ වෙන scenario එකක් ගැන

    "මේ සටහනේදී අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිල සහායකින් තොරව,
    පාර්ලිමේන්තු සරල බහුතරයක් අතැතිව රට කරන අයුරු සලකා බලමු."


    මේක ලියපු කෙනා හිතපු විදිහට ගෝටාභයට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් විතරයි හම්බවෙන්නෙ
    ඒක නිසා ආණ්ඩුව භාගයක් දුර යද්දි ආර්ථික අර්බුධයක් ඇවිල්ල පාර්ලිමේන්තුව විසින් රනිලව පත් කරනව අගමැති කමට පොහොට්ටුවෙ එකාව එලවල.
    මේක ලියල තියෙන්නෙ Easter bomb සිද්ධියට කලින් නිසා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් විතරක් හම්බවෙයි කියල අනාවැකි කරල ඇත්තේ.
    එත් පොහොට්ටුව පාර්ලිමේන්තුවේ de facto 2/3 ක බලයක් එක්ක ආණ්ඩු කරේ.
    තාමත් පෙන්නන කිව්වොත් ඔය බහුතරය පෙන්න්න පුලුවන් උන්ට මෙච්චර කෙල වෙලා තියන වෙලාවෙදිත්.
    එක නිසා මේ ඇනලසිස් එකේ කියල තියන දේ වෙලා නැහැ..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හොඳට කියවල බලන්න මේ කියල තියෙන්නෙ වෙන scenario එකක් ගැන

    "මේ සටහනේදී අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිල සහායකින් තොරව,
    පාර්ලිමේන්තු සරල බහුතරයක් අතැතිව රට කරන අයුරු සලකා බලමු."


    මේක ලියපු කෙනා හිතපු විදිහට ගෝටාභයට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් විතරයි හම්බවෙන්නෙ
    ඒක නිසා ආණ්ඩුව භාගයක් දුර යද්දි ආර්ථික අර්බුධයක් ඇවිල්ල පාර්ලිමේන්තුව විසින් රනිලව පත් කරනව අගමැති කමට පොහොට්ටුවෙ එකාව එලවල.
    මේක ලියල තියෙන්නෙ Easter bomb සිද්ධියට කලින් නිසා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් විතරක් හම්බවෙයි කියල අනාවැකි කරල ඇත්තේ.
    එත් පොහොට්ටුව පාර්ලිමේන්තුවේ de facto 2/3 ක බලයක් එක්ක ආණ්ඩු කරේ.
    තාමත් පෙන්නන කිව්වොත් ඔය බහුතරය පෙන්න්න පුලුවන් උන්ට මෙච්චර කෙල වෙලා තියන වෙලාවෙදිත්.
    එක නිසා මේ ඇනලසිස් එකේ කියල තියන දේ වෙලා නැහැ..
    seriously? yako easter bomb ekata kalin tibba thathwe oka, easter bomb eken une record win ekak krpu eka, ithuru condition serama ekai

    දාන එකක් ඔක්කොම දාපං ලංකාවේ මීඩියාකාරයො වගෙ නැතුව 😑 මේවාටද උබල මොල කියන්නෙ?

    සැයූ : ඔක්කොම හයිලයිට් කලේ නෑ 🤣 පිස්සෙක් ලියපු බව ප්‍රත්‍යක්ෂ වූ පසු අතැර දමන ලදී.
    ammo ha
    Ranga meketh athal dunna..


    appa.. awrudu 12kuth gehin da
    ------ Post added on Aug 12, 2022 at 5:31 PM
    ade sirawatama ewa nm miss una mata, uta awayawa jawaram case ekak watunata passe sadde adu unada manda
    ------ Post added on Aug 12, 2022 at 6:01 PM
     
    • Like
    Reactions: kevin_levin

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    eka eka knowledgebase tyena minissu hitya bn mama nm godak dewal igena gaththa godak ewunwa adura gaththa blog hinda,
    ------ Post added on Aug 12, 2022 at 5:22 PM

    ගෝල්ඩන් ඒජ් ඒක

    ඒ දේශපාලන වලි දැන් වගේ අමු කුණුහරප නෙවෙයි

    Ranga meketh athal dunna..

    අඩෝ මිගාරය මේකෙත් හිටියද? :rofl: