දැම්ම, තව ගානකුත් ගෙවන්න තිබ්බ FD interest වලට, එකත් ගෙව්වා. IRD උන් කිව්ව විදිහට 2024-2025 period එකේදී, ඔක්කොම බැංකු වල accounts IRD, TIN එකත් එක්ක connect වෙයි. දැනට BOC විතරයි connect වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම interest income populate වෙනවා.
එතකොට කොහොමත් return එක දාන්න වෙයි සහ FD declare කරන්නත් වෙයි
මේක මට කෙනෙක් කිව්ව දෙයක්. දැන් ඔය ටැක්ස් රිටන් ඔන්ලයින් අප්ලෝඩ් කරන්න අනිවා කලානෙ. එතකොට වෙනව කියන්නෙ මේකලු. Bank accounts තියෙන සියලුම අයගෙන් WHT කැපෙනවනෙ කීය හරි. ඔය ඩීටේල්ස් ටික Central bank එකට යනවලු. Central bank එකෙන් ඔය ටික IRD එකට යනවලු. Tax return අප්ලෝඩ් කල අයගෙ details ටික මහ බැන්කුවෙන් එව්ව details ටිකත් එක්ක ටැලි කරගත්තම Tax return අප්ලෝඩ් නොකල සෙට් එකයි හරියට Income tax නොගෙව්ව සෙට් එකයි ඔක්කොම ලස්සනට identify කරගන්න පුලුවන්.
සල්ලි අතේ තිබිල ඒව Bank account එහෙක නොදම, ටැක්ස් නොගෙව බේරිල හිටිය කියමුකො. එහෙම අයට ඉස්සරහට තමන්ගෙ නමින් ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න ඔය මොකුත් බැරි වෙනව. ගත්තොත් අහුවෙනව.
ඉස්සරහට බොහෝදුරට ඔය හැම එකකදිම TIN number එක දාන එක අනිවා කරයි. TIN එකක් නැත්නම් හෝ කරන මිලදී ගැනීම් වලට සාපේක්ශව ප්රමාණවත් ටැක්ස් එකක් ගෙවල නැත්නම් ඔය මොකුත් කරන්න බැරිවෙයි. කලින් ආණ්ඩුවෙන් අදායම් බලපත්රය අලුත් කරද්දි TIN එක දාන්න implement කරන්න ගියානෙ. ඉස්සරහට ඕව වෙයි.
ටිකක් පෙන්නල ටිකක් හන්ගල හිටිය කියමුකො. ඒ අයට තමන්ගෙ හිතේ හැටියට වියදම් කරල ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න බැරි වෙනව. මොකද තමන් ඔය දේවල් වලට යට කරන මුදල තමන් ගෙවපු ටැක්ස් ප්රමාණයට ටැලි නොවෙන ලොකු ප්රමාණයක් වුනොත් ඒ අමතර මුදල් කොහෙන්ද ආවෙ ඒවට ඇයි ටැක්ස් නොගෙව්වෙ කියල උත්තර බදින්න වෙනව වගේම ඊටපස්සෙ දඩත් එක්කම ගෙවන්න වෙනව.