TCP & UDP කියන්නෙ මොනවද? 🙂

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    මේ protocols දෙකම use වෙන්නෙ data transfer කරන්න. මුලින්ම අපි බලමු TCP කියන්නෙ මොකද්ද කියම්ලා...😙

    TCP (Transmission Control Protocol) 🔄

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    ඔයාලා දන්නවා ඇති අපි කොහෙටහරි Data transfer කරනවනම් නැත්තන් කොහෙන්හරි අපිට data transfer වෙනවනම් ඒවා exchange වෙන්නෙ data packets විදිහට. නැත්තන් කෑලි කෑලි විදිහට තමයි Data transfer වෙන්නෙ.

    දැන් හිතන්න..අපි කාටහරි මොකක්හරි file එකක් යවනවා. මේ ෆයිල් එක අදාළ කෙනාට යන්නෙ data packets විදිහට කියලා ඔයාලා දැන් දන්නවා. 😙 අපිට File එක යවන්න ඔින කෙනාගෙ IP address එකට පැකට් ටික යනවා. wait....🙂 එහෙම යම්න දෙන්න බෑ. යනවනම් සැක ඇරලා යවන්න ඕන. 😌මෙතෙන්දි තමා 3-Way hadshake එක වෙන්නෙ. ප්‍රධාන messages 3 ක් මෙතෙන්දි දෙපැත්ත අතර හුවමාරු වෙනවා. SYN, SYN-ACK, ACK කියන්නෙ ඒවට. ඒ ගැන අපි වෙනම article එක්කින් කතාකරමු. 😋

    Handshake එක වුණාට පස්සෙ TCP එක Open වෙනවා, packets ටික reciever ට යනවා. ගියාට පස්සෙ පැකට් ටිකට පිළිවෙළට ඉන්න විදිහ TCP ස කියලා දීලා තමයි තියෙන්නෙ. 🙃 ඒක හින්දා file එක අපිට ලස්සනට පිළිවෙළට බලාගන්න පුලුවන්.😍 හැබැයි, ගියපු ෆයිල් එකේ miss වුණ Data packets තියෙන්න පුලුවන්. එතකොට කොහොමත් ෆයිල් එකෙන් වැඩක් නැතිවෙනවා.🙁 (Corrupted) හැබැයි TCP එහෙම වෙන්න දෙන්නෙ නෑ.😌 පැකට් ගියාට පස්සෙ පොර අහනවා.."මචන්, මොනවහරි මිස් වෙලාද 🙄?" එතකොට ෆයිල් එක ගන්න පොර නැත්තන් receiver, මදි පැකට්ස් ගැන sender ට කියනවා. එතකොට ආයෙමත් අදාළ පැකට් එක යවනවා..එහෙම එහෙම ෆයිල් එක ගානට හැදෙනකම්ම TCP අඩුපාඩු බලලා වැඩේ තිතට කරනවා. 😇 Web site එක්කට යද්දි වුණත් use වෙන්නෙ TCP නම් Site එක ලස්සනට පිළිවෙළට load වෙනවා.




    UDP (User Datagram Protocol) 🔄

    ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

    UDP හරියට machine gun එකක් වගේ. 😂 Data packets මිස් වෙනවද අදාළ නෑ..ඕන එකම දේ, දීලා තියන ip එකට පුලුවන් වේගෙන් packets ටික යනව එක. ආය හොයලා බැලිල්ලක් නෑ. එහෙනන් ඇයි මේක පාවිච්චි කරන්නෙ? 🙂 මොකද UDP එක TCP එකට වඩා ගොඩක් Fast..🤤 ඒත් පැකට් මිස් වෙනවනෙ 😶? ඔව්... ඒ වුණාට සමහර තැන්වලදි අපිට real time connection එකක් ඕන වෙනවා...උදාහරණ විදිහට voice calls, video calls, gaming වලදි පැකට් එන වේගේ අඩු වුණොත් ඒක ලොකු අවුලක් වෙනවා. ඒක නිසා ඒවගේ අවස්ථාවලදි UDP පාවිච්චි වෙනවා. පැකට් මිස් වෙන එක නොසලකා හරින්න වෙනවා.😅 මොකද ඒකෙන් එහෙමට කියලා ලොකු අවුලක් වෙන්නෙ නැති නිසා. අපි ගන්න Call වල කටහඩේ පොඩි jitter ගතියක් එන්න හේතුව ඒකයි. 🙂❤️

    අදට ඉවරයි. මොනවහරි දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා. එහෙනන් තවත් article එක්කින් හම්බෙමු. 😙❤️


    Written by : @SusaEpic

    #UDP #TCP
    STUFF : https://t.me/STUFFuckthesystem
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    tcp-vs-udp-72027733.png