මට Nursery ඉඳන් English උගන්වපු Teacher හම්බෙන්න හෙට ඒ ගෙදර යන්න ඉන්නේ. මට කිසි අඩුවක් නැතුව හොදට ඉගැන්නුව Teacher. English ලේසියෙන්ම අල්ලා ගත්තේ මේ Teacherට පින්සිද්ද වෙන්න. මොනවා හරි වැරදුනොත් Hacksaw Blade එකෙන් ගහන්නේ. ඉතිං මේ Teacher හම්බෙන්න යද්දී මොනවද ගෙනියන්න හොඳ? මං හිතන් ඉන්නේ Saree එකක් ගිහිං දෙන්න. ඒක හොදයිද?තව එහේ 8 වසරේ පොඩි එකෙක් ඉන්නවා. ඒ ළමයට Chocolate අරගෙන යනවා කියමුකෝ. දැං එතකොට Teacher ගේ Husband ටත් මොනවා හරි ගන්න ඕනැද? Liquor වගේ?