Tech කතා

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    http://techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.

    Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න. http://www.techkatha.com/how-to-use

    පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

    වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් (http://techkatha.com/chat) කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.

    Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී SMS වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම, Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com) (http://www.techkatha.com/how-to-use/) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි.

    භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.

    මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.

    ඔබේ වෙමබ් අඩවියේ / බ්ලොග් සටහනේ , Techකතා වෙත සබැදියක්‌ එකතු කිරීමට Techකතා Badges (http://techkatha.com/badges) වෙත යන්න.

    Twitter : http://twitter.com/techkatha
    Facebook : https://www.facebook.com/groups/Tkatha/
    Google Groups : http://groups.google.com/group/techkatha
    iTunes : http://itunes.apple.com/podcast/id363485844
    iPhone Applications : http://itunes.apple.com/us/app/tech-katha/id452671508?mt=8
     
    • Like
    Reactions: gcj

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    menna mekta uttarayk dipallako

    kellek magen mehema prashnayak ahuwa.

    Rom kiyana system unit eka atule ara processor eka laga battery ekak tiyenne. e battery ekatada rom kiyanne?

    ane help karapalla mama meka ahala kora. :shocked: me attatama mokak genada ahanne ban? :confused: man kiwwa man pare inne gedara apu gaman kiyannam kiyala. :lol: help plz

    :(
    :(