TENET බැලුවද

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අපේ ගමේ හේතුහාමි කියලා ගොඩක් වයස මුත්තා කෙනෙක් ඉන්නවා.
    මුත්තා ටැලිවිෂන්, බයිස්කෝප් මුකුත් බලන්නේ නැහැ. ඒත් සමහර කතා අහන්න කැමතියි.
    අපි මේ කතාව අමුතු නිසා එක්කෙනා කොටස කොටස බෙදාගෙන කතාව එහෙමම කිව්වා. (එක්කෙනෙක් කොහොම කියන්නද නේහ් 🥴)
    මුත්තා ඇහුවා උන්දැගේ වෙනත් ඒවා නැත්දැයි කියාලා.
    අපි Inception කතාවත් බලලා කොටසින් කොටස කට්ටිය කිව්වා.
    මුත්තා වැඩිපුරම කැමති වුනේ Inception එකට. 😊

    අවසානේ මුත්තා කිව්වා,
    "උඹලා ඔය කියන උන්දැගේ බයිස්කෝප් බලපල්ලා කොල්ලනේ කෙල්ලනේ!
    ඒවායේ වෙන දේවල් ඒ විදියටම සත්තමය කියාලා හිතන්ට යන්ට ඕනෑන්නේ නෑ!
    නමුත් උන්දෑ ඔය කියන්ට දඟලන්නේ මේ ලෝකේ ඇත්ත තමා උන්දැගෙම විදියකට!
    උඹලාට උඩින් පේන්නේ ඒ ඇත්ත නොවෙයි. ඒක තේරුම් ගන්ට නම් උන්දෑ වගේම ඔළු ගෙඩියෙන් හිතාපල්ලා!"
    කියලා. 😮
     
    • Like
    Reactions: NRTG and Error365!

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,566
    113
    Eeye baluwe, download කරා බං තවම බලන්න වෙලාවක් හම්බුනේ නෑ
    මම මේ දෙවෙනි පාර බලනගමන්, දැන් තේරෙනවා වගේ සීන් එක මොකද්ද කියලා
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,125
    671
    113
    මුලින්ම ෆිල්ම් එකේ අපිට වැදගත් වෙනත් චරිත ටික ගැන කෙටියෙන් කියන්නම්.

    • The Protagonist - ෆිල්ම් එකේ අන්තිම වෙනකන්ම අපි follow කරන්නේ මෙ චරිතය. මෙයාට නමක් නෑ. ඒ නිසා John (ජෝන්) කියල කියන්නම්.

    • නීල් - මෙයාව අපිට මුලින්ම හම්බවෙන්නෙ ඉන්දියාවේදි. protagonist මෙයාගෙන් එක මිශන් එකකට උදව්වක් ගන්න තමයි හම්බවෙන්නෙ.

    • ප්‍රියා සිං - අර නීල්ව හම්න්බවෙන්නෙ මෙන්න මේ ප්‍රියාගෙ ගෙදරට ඇතුලුවෙන මිශන් එකට. ප්‍රියා කියන්නෙ ඉන්දියානු අවි ජවාරම් කරන කෙනෙක්. සේටොර් පවිච්චි කරන උණ්ඩ විකුනනෙත් මෙයා තමයි.

    • Sator - මේ තමයි අපේ main villain. Sator කියන්නෙ රුසියාවෙ stalks-12 ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක්. මෙයා තරුණ වයසෙදි ඒ ප්‍රදේශයේ න්යශ්ටික අවියක් පිපිරෙනවා. මේ සිද්දියෙන් පස්සෙ ඒ නගරේ තියෙන තවත් න්යශ්ටික අවි හොයන්න කට්ටිය බදව ගන්නවා. හැබැයි විකිරණවල බය නිසා කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒත් සේටොර් මේකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම පොලොවෙ වලලපු විශේෂ දෙයක් මෙයාට හම්බෙනවා.
    (ඉස්සරහට කියන්නම් ඒ ගැන )

    • Kat - සේටෝර්ගෙ බිරිද තමයි මෙයා. කැට් වැඩ කරන්නේ පෞරානික බඩු තක්සේරු කරන ආයතනයක. කැට්, ඇරෙපෝ කියන කෙනත් එක්ක සම්බන්දයක් පවත්වනවා. මේ විශ්වාසය නිසාම එයා ඇරෙපෝ විකුනනන පැරැණි චිත්‍රයක් හොදම එකක් කියලා තක්සේරු කරනවා. මේක මිලියන 8ට සේටොර් මිලදී ගන්නවා. ඒත් පස්සෙ මේක බොරු එකක් කියලා ඔප්පු වෙනවා. ඉතින් මේක තක්සේරු කරේ කැට් නිසා, සේටෝර් මේක කැට්ව බය කරගෙන ඉන්න තුරුම්පුව විදියට තියාගෙන ඉන්නෙ.

    • Ives - අයිව්ස් කියන්නෙ tenet සංවිධානයේ military කණ්ඩායමේ නායකයට.

    ඔන්න දැන් මේ චරිත වල නම explanation එකේ කියවෙද්දි මේ විස්තර ටික පොඩ්ඩක් මතක තියන් ඉන්න.

    ඔන්න ෆිල්ම් එක පටන් ගන්නෙ ඔපෙරා හවුස් එකක. මෙතනදි තමයි අපිට protagonist (John) මුලින්ම හම්බවෙන්නෙ. CIA එකෙන් සේටොර්ට ලැබෙන්න තියෙන ප්ලූටෝනියම් වගයක් අරගන්න යන මිශන් එකක් තමයි මේක. මෙතනදි තමයි අපිට මුල්ම inverted bullet shot එකක් දකින්න ලැබෙන්නේ. කෙනෙක් ඇවිල්ලා Johnව මේ උන්ණ්ඩෙන් බේර ගන්නවා. එයාගෙ බෑග් එකේ රතුපාට ටැග් එකක් තියෙන බවත් අපිට පෙන්නනවා.(මේ රතු ටැග් ඒක මතක තියාගන්න) John ඔපෙරා හවුස් එකෙන් එලියට ආවත් සේටෝර්ගෙ මිනිස්සුන්ට අහු වෙනවා. එතනදි John සයන්යිඩ් කරලක් කාල ජීවීතෙ නැති කරගන්නවා. හැබැයි අපිට පෙන්න්නවා ඒ පෙත්ත නිසා මැරෙන්නෙ නෑ, ඒ වෙනුවට ඒක කන කෙනා කෝමා තත්වයකට පත් වෙනවා කියලා. කණ්ඩායම පාවා නොදී තමන්ගෙ ජීවීතෙ උනත් නැතිකරන්න සූදානම් agentල හොයාගන්න තමයි මේකෙ අරමුණ. ඉතින් අපේ ජෝන් වත් මේ tenet කියන සංවිධානයට තෝරගන්නවා.

    ඊට පස්සෙ John මේ invert කරපු දේවල් ගැන දැනගන්නවා. මේතනදි වෙන්නේ මේ දේවල්වල entropy එක රිවස් වීමක්. ඒ කියන්නෙ ඒ දේවල් කාලය දිගේ පිටිපස්සට තමයි ගමන් කරන්නෙ. ඒ කියන්නේ ඔයාට අතීතයට යන්න ඔනේ නම් අාපස්සය ජීවත් වෙන්න වෙනවා. සරලව කිව්වොත් අද දෙසැමබර් 06 වෙනිදා නේ, ඔයාට දෙසැම්බර් 1 වෙනිදාට යන්න ඔනේ නම් දෙසැම්බර් 5,4,3,2 කියන දවස් ටික පහු කරන් තමයි යන්න ඔනේ. ඒක පාරට 6 වෙනිදා ඉදන් 1 වෙනිදට පනින්න බෑ.

    ඔන්න John හොයගන්නවා අර ඔපෙරා හවුස් එකේ සේටොර්ගෙ මිනිස්සු පාවිච්චි කරපු බුලට් විකුනල තියෙන්නෙ ප්‍රියා සිං කියලා. එයාගේ ගෙදරට පනින්න උදව්වට කෙනෙක් ඉල්ලුවාම එවන්නෙ නීල්ව. අපේ Johnට නීල්ව මුලින්ම හම්බවෙන්නෙ මෙතනදි උනාට නීල් John ගැන දන්න බව අපිට අගවනවා. John මිශන් එකක්දි alcohol බොන්නෙ නැති බව, එයාගෙ කැමතිම drink එක වගේ දේවල් නීල් දන්නවා.

    John: ඔයා නම් ගොඩක් දේවල් දන්නවා වගේ.
    Neil: මගේ රාජකරිය තමයි හැමදේම දැනගෙන ඉන්න එක.

    අපිට අන්තිමට තමයි ඔය දෙබසේ හරිම තේරුම දැනගන්න පුලුවන් වෙන්නේ.

    ඔන්න එයාල ප්‍රියාව හම්බවෙලා දැනගන්නවා සේටෝර්ට අනාගතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සෙ John සේටොර්ට ලං වෙන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමා සේටොර්ගෙ බිරිද කැට්. John, Katව හමුවෙනවා. මෙතන වෙන කතාවෙදි අපිට පෙන්නනවා සේටෝර් Katට සලකන්නෙ නපුරු විදියට කියලා. Kat කියනවා එයාට සේටෝර් ගැන ආදරයක් හිතුන එකම අවස්තාව එයාලා වියට්නාමයේ බෝට්ටුවෙන් ගියපු නිවාඩුවෙදි විතරයි කියලා. John, Katට යෝජනාවක් කරනවා ඒ තමයි සේටෝර්ව Johnට මුනගැස්සුවොත්,.. Katව බයකරගන්න සේටෝර් ලග තියන්න ඉන්න චිත්‍රය අරගෙන විනාශ කරන්නම් කියලා.(චරිත ගැන විස්තර කරපු තැනදි මම කියපු චිත්‍රය ) චිත්‍රය තියෙන්නේ satorට අයිති Free-port එකක. Johnට ඇත්තටම උවමනා වෙන්නෙ මේ Rotas කියන ෆ්‍රීපෝට් එකේ අර inverted අායුධ තියෙද කියලා බලන්න. John සහ නීල් දෙන්නා එකතු වෙලා ප්ලේන් එකක් මේ ෆ්‍රීපෝට් එකේ හප්පලා ඇතුලට පැනගන්නවා. එතනදි එයාලට inverted weapons හම්බුනේ නැති උනාට Turnstile එකක් හම්බෙනවා.

    Turnstile කියන්නෙ ඕනෙම දේක entropy රිවර්ස් කරන කුටීරයට. මේකෙන් තමා කාලයෙ පිටිපස්සට ගමන් කරන්න පුලුවන් වෙන්නේ. මේ කුටීරයෙ පැති දෙකක් තියෙනවා.
    නිල් සහ රතු.

    රතු පැත්තෙන් ඉස්සරහට යන දෙයක් ඇතුලු උනාම ඒක රිවස් වෙනවා. ඒ කියන්නෙ නිල් පැත්තට යනවා.

    නිල් පැත්තෙන් රිවස් යන දෙයක් ඇතුලු උනාම ඒක නැවත ඉස්සරහට යන විදියට ඒ කියන්නෙ රතු පැත්තට හැරෙනවා.

    ඉතින් John සහ නීල් turnstile කාමරේ ඉන්න කොට කුටීරෙ ඇතුලෙ ඉදන් agentල දෙන්නෙක් එලියට එනවා එක්කෙනෙක් රීවර්ස් යනවා. අනිත් කෙනා ඉස්සරහට යනවා. රිවර්ස් යන කෙනා John එක්ක සටන් කරන අතරේ ඉස්සරහට යන කෙනා පස්සෙ නීල් යනවා. එතනදි නීල්ගෙ අතින් අර agentගෙ වෙස්මූන ගැලැවෙනවා. ඒත් එක්ක්ම නීල් ආයෙ John ගාවට දුවල ඇවිත් අර Agentව මරන්න එපා කියනවා. එවෙලෙම ලොකු පිපුරුමක් ඇවිත් අර Agent එලියට විසි වෙනවා.
    ඊට පස්සෙJohn යනවා ප්‍රියාව හම්බෙන්න. එතනදි ප්‍රියා Johnට කියනවා ඔය entropy reverse තාක්ශණය සේටොර්ට අනාගතයෙන් ලැබුනු එකක් කියලා.

    ඊලගට Kat චිත්‍රය විනාෂ උනා කියලා හිතලා, සේටෝර්ට Johnව මුන්ගස්සනවා. මෙතනදි සේටෝර්ට ප්ලුටෝනියම් 241 අරගෙන දෙන්න John බොරුවට පොරොන්දු වෙනවා. මොකද Johnට ඕනෙ සේටොර් අනගතය එක්ක තියෙන සම්බන්ධෙ ගැන හොයගන්න.ඒත් එක්කම ඔන්න අපි ෆිල්ම් එකේ හරි මැදට එනවා. ඒ තමා highway chase එක. ෆිල්ම් එකේ වෙලාව හරියට දෙකට බෙදෙන්නෙ නීල් 5..4..3..2..1 කියලා ගනන් කරන්න පටන් ගන්න තැනින්.

    මේ හයිවේ මිශන් එක පටන් ගනිද්දි අපිට පේන්නවා සේටොර්ගෙ ටීම් එකක් හයිවේ එකේ වෙන දේවල් ෆ්‍රීපෝට් එකේ ඉන්න සේටොර්ට කියනවා. කෝමහරි මේ හයිවේ සීන් එකේදි John සහ නීල් ප්ලූටෝනියම් අරගෙන BMW කාර් එකෙන් පැනලා යන්න හදනවා. ඒත් එතකොටම සේටොර් රිවස් එකට යන කාර් එකකින් ඇවිත් Johnගෙන් ප්ලුටෝනියම් කොටස ඉල්ලනවා ,දුන්නෙ නැත්තම් Katට වෙඩි තියනවා කියලා තර්ජනය කරනවා. (දැන් සේටොර්ල දෙන්නයි. ෆ්‍රීපෝට් එකේ ඉන්නෙ ඉස්සරහට යන එක්කෙනා. මෙතනදි කාර් එකේ ඉන්නෙ පිටිපස්සට යන කෙනා. කාර් එකේ ඉන්න Kat මාස්ක් එකක් දාල නෑ. ඒ කියන්නෙ සේටෝර් විතරයි රිවස් වෙලා ඉන්නේ.)

    ඉතින් මේ වෙලාවෙ John දකිනවා, accident උන කාර් එකක් රිවස් වෙලා එන බව. ඒකෙ ඇතුලෙ ඉන්නෙ තමන්ගේ අනාගත version ඒකක් කියලා John දකිනවා. ඒ නිසා එයා තැඹිලි පාට කේස් එක විතරක් සේටෝර්ට දීල ප්ලුටෝනියම් කොටස අනිත් කාර් එකට දානවා. ඊට පස්සෙ කැට්ව කාර් එකේ දාලා සේටොර් යනවා. ඉතින් John කැට්ව බේර ගන්නවා. ඒත් එක්කම සේටෝර්ගෙ කට්ටිය ඇවිත් Johnව සහ Katව අල්ලගෙන ෆ්‍රීපෝට් එකට එක්කන් යනවා.
    (අපිට පේනවා කාර් එකේ ඉදපු 'රිවස් ' සේටෝර් තමයි Katව ෆ්‍රීපෝට් එක ඇතුලට අරන් යන්නෙ. )

    Johnව අරන් යන්නෙ රතු පාට පැත්තට. ඒකියන්නෙ ඉස්සරහට යන පැත්තට. කැට් ඉන්නෙ පිටිපස්සට යන නිල් පැත්තෙ. (හැබැයි මතක තියාගන්න කැට්ගෙ එන්ට්‍රොපිය රිවස් වෙලා නැඑ. සේටොර්ගෙ විතරයි )
    නිල් පැත්තේ ඉන්න සේටොර් Johnගෙන් අහනවා කොහෙද plutonium කොටස හැංගුවේ කියලා. ඒ වෙලාවෙදි John බොරු කියනවා, ඒක තියෙන්නෙ එයයි නීලුයි පැදපු BMW car එකේ කියලා. ඒ වෙලේම රතු පැත්තෙ හිටපු සේටොර් එනවා. ඔය වෙලේම tenet military team එක මෙතනට පහර දෙනවා. ඒ එක්කම රතු පාට පැත්තෙ හිටපු සේටෝර් turnstile එකෙන් නිල් පැත්තට පැනගන්නවා. (මෙ සේටොර් නිල් පැත්තට යද්දිම දන්නවා හයිවේ ඒකේදි දෙන කේස් එකේ ප්ලුටෝනියම් කොටස නෑ කියලා. මොකද අර කලින් යවපු ටීම් එක විස්තර කියපු නිසා. සේටොර්ට ඕනෙ ඒක කොහෙද හැංගුවේ කියලා දැනගන්න. ඒක අහගන්න කැට්ට වෙඩි තියපු හැටි තමයි අපි කලින් Johnගේ කෝණයෙන් දැක්කෙ. දැන් ඒකම සේටොර්ගෙ පැත්තෙන් බලාගන්න පුලුවන්.// ඉතින් මේ නිල් පැත්තෙ ඉන්නෙ සේටෝර් තමයි හයිවේ එකේදි අපි දැක්කෙ.)

    ඊට පස්සෙ John රිවස් වෙලා යනවා හයිවේ එකට. ඒ යන්නෙ සේටොර් ප්ලුටෝනියම් කොටස ගන්න එක නවත්තන්න. John අරගෙන යන්නෙ ෆ්‍රීපෝට් එකේ නවත්තල තියෙන කාර් ඒකක්. කෝමහරි ආයෙ අර තැඹිලි පාට කේස් එක මාරු කරගන්න තැනට එනවා. එතකොට අපිට බලාගන්න පුලුවන් 'අතීත John' මේ අනිත් 'රිවස් වුන අනාගතෙන් අාපු John' ඉන්න කාර් එකට ප්ලුටෝනියම් කොටස දාන විදිය. හැබැයි මේ plutonium කෑල්ල අනිත් කාර් එකට දානවා සේටොර් දකිනවා. ඔන්න ඕක නිසා Johnට තේරෙනවා ප්ලුටෝනියම් කෑල්ල මේ කාර් එකට දාපු එක ලොකු අතපසුවීමක් කියලා. මොකද මේ කාර් එක ෆ්‍රීපෝට් එකෙන් අරන් ආපු එකක්. මේක රිවස් වෙලා අන්තිමට යන්නෙත් ෆ්‍රීපෝට් එකට. හැබැයි ඒ යන්නෙ ප්ලුටෝනියම් කෑල්ල එක්කම. දැන් සේටෝර්ට කිසි ප්‍රශ්නයක් නැතුව ආයෙත් ෆ්‍රීපෝට් එකේ කාර් එක නවත්තල තියෙද්දි ප්ලුටෝනියම් කොටස ගන්න පුලුවන්.

    (මේක තමා ෆිල්ම් ඒකේ තෝර බේර ගන්න අමාරුම මිශන් ඒක. ටිකක් පැහැදිලි මදි නම් මම post ඒකේ අන්තිම හරියෙදි temporal pnicer ගැන කියන්නම්. ඊට පස්සෙ පැහැදිලි වෙයි. මෙතනදි sator use කරන්නෙත් Temporal pincer ඒකක්. ඉස්සරහට සහ පිටිපස්සට යන ටීම් දෙකක් ඉන්නවා. )

    ඔය අතරෙ නීල් සහ කැට් එන්ට්‍රොපිය රිවස්‍ කරගන්නවා. ඒ කැට් වෙඩි වැදිලා උන තුවාලය හොද කරගන්න උවමනා නිසා. මේ රිවස් කරගත්ත entropy එක ආයෙ ඉදිරියට ගලන විදියට හරවගන්න මේ තුන්දෙනාට ආයෙ අර Oslo free-port ඒකේ තිබුන turnstile එකට යන්න වෙනවා. ඉතින් ඒකට සතියක් ආපහු පිටිපස්සට යන්න වෙන නිසා, ඒ කාලය වෙනකම් මේ තුන්දෙනා ඉන්නෙ container පෙට්ටියක් ඇතුලෙ. මෙතනදි තමයි අපිට ෆිල්ම් එකේ වෙන දේවල් ගැන ලොකු විස්තරයක් ලැබෙන්නෙ.

    අපිට දැනගන්න ලැබෙනවා මේ ප්ලුටෝනියම් කොටස නිකන්ම එකක් නෙමේ Algorithm කියන වස්තුවේ එක කොටසක් කියලා.
    'Algorithm' කියන්නෙ අනාගත විද්‍යාඥවරියක් විසින් හදපු සූත්‍රයක්. මේකෙන් පුලුවන් මුලු ලෝකෙම කාලය (entropy) උනත් අනිත් පත්තට හරවන්න. ඉතින් මේක පාවිච්චි කරලා මිනිස්සු ලෝකයේ පැවත්මට හානිදායක වෙන්න පුලුවන් දෙයක් කරයි කියන බය නිසාම මේ විද්‍යාඥවරිය මේ සූත්‍රය කොටස් වලට කඩලා, වස්තූන් 9කට දාලා අතීතයේ හංගනවා. ඊට පස්සෙ ඇය සියදිවි නසා ගන්නවා.

    Sator කොහොමද මේ ගැන දන්නෙ?

    මතකනෙ මන් අර කිව්ව සේටොර්ට එයා ඉපදුනු නගරෙදි විශේෂ දෙයක් හම්බෙනවා කියලා. ඒ තමයි අනාගත මිනිස්සු සේටෝර්ට එවපු case එකක්. මේක ඇතුලෙ, රත්තරං බාර් සහ Algorithm එක හොයාගන්න ඕනෙ විස්තර ඇතුලත් සේටෝර්ගෙ නමටම ලියපු පත්‍රිකාවක් සේටෝර්ට හම්බෙනවා. එතන ඉදන් සේටෝර් මේ කොටසක් 9 හොයනවා.

    ඇයි අනාගතයේ අයම algorithm එක හොයන්නෙ නැත්තෙ?
    bmp ekak dipn
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,125
    671
    113
    ඇයි අනාගතයේ අයම algorithm එක හොයන්නෙ නැත්තෙ?

    මොකද අනාගතයේ ඉන්න tenet කණඩායම් මේකට ඉඩ දෙන්නෙ නෑ. ඉතින් හොදම විකල්පය තමයි අතීතයේ ඉන්න කෙනෙක් දාල මේක අරගන්න එක.

    ඉතින් සේටෝර්ගෙ රාජකාරිය තමයි මේ කොටසක් නමය හොයලා Stalks-12 නගරයේ උමගකට දාලා ඒක වැහෙන්න බෝම්බයක් පුපරවලා ඒ උමග වහලා දාන එක. සේටෝර් අැල්ගොරිතම් ඒක එතන වැලලුවාම අනාගත මිනිස්සුන්ට අනාගතයෙදි ඒක ගන්න පුලුවන්. ඉතින් මේක වැලලුවා කියලා සේටෝර් අනාගත මිනිස්ස්සුන්ට දෙන signal එක තමයි සියදිවිනසා ගන්න එක. සේටෝර් අනාගත මිනිස්සු එක්ක communicate කරන එක නවත්තපු ගමන් අනාගත මිනිස්සු දන්නවා සේටෝර් ඇල්ගොරිතම් එක වලදාලා කියලා.

    ඉතින් ඇයි සිග්නල් එක විදියට සේටෝර් සියදිවි හානි කරගන්නෙ?

    මන් කලින් කිව්ව මතකනේ මෙයාගෙ නගරයේ න්‍යෂ්ටික අවියක් පුපුරනවා. මෙකෙ විකිරනවල බලපැම නිසා සෙටෝර්ට පිලිකාවක් හැදෙනවා. ඉතින් කෝම කරත් මෙයා මැරෙනවා. ඉතින් එයාට ඕනෙ එයා මැරෙන දවසේ ලෝකෙත් එක්කම මැරෙන්න. (එයා මැරුන ගමන් අනාගත අය ඇල්ගොරිතම් එක අරන් ලෝකෙම විනාශ කරන නිසා)

    ඇයි අනාගත මිනිස්සු වර්තමානෙ විනාස කරන්න හදන්නෙ?

    අනාගතයෙදී පෘථිවිය ජීවත් වෙන්න අමාරු වෙන තැනටම දූෂිත වෙලා. වර්තමානෙ ඉන්න මිනිස්සු කරපු පරිසර විනාශය නිසා තමයි මේක වෙලා තියෙන්නෙ. ඉතින් අනාගත මිනිස්සු හදන්නෙ වර්තමානෙ ඉන්න අයව නැති කරලා පරිසර විනාශය නවත්තන්න.

    දැන් තියෙන ගැටලුව තමයි වර්තමානයෙ ඉන්න මිනිස්සු මැරුනොත් අනාගතයේ ඉන්න අය ඉපදෙයිද?

    (නිකන් හිතන්න ඔයා අතීතෙට ගිහින් ඔයාගෙ සීයාව මැරුවොත්, ඔයා ඉපදෙන්න විදියක් නෑනෙ. මොකද සීය නැත්තං ඔයාගෙ තාත්තා නෑ. තාත්ත නැත්තම් ඔයත් නෑ ) ඔය මන් කිව්වෙ grandfather paradox සංකල්පයේ කොටසක්.

    ඔය ප්‍රශ්නේ ජෝනුත්, නීල්ගෙන් අහනවා. ඒකට දෙන උත්තරේ තමයි මේක.

    Neil: එයාලට වෙන විකල්පය්ක් නෑ. මේ ක්‍රමය උත්සාහ කරල බල්න්න එයාලට ඕනෙ. මොකද අනාගත මිනිස්සු කෝමත් මැරෙන්න ඉන්නෙ. එයලගෙ පරිසරය විනාශ වෙලා. (time travel නිසා මැරුනත් අනාගතයෙ පරිසර විනාශය නිසා මැරුනත් එකයි කියලා කියන්නෙ )

    ඔන්න ඉතින් ඔය කතාවෙන් පස්සෙ නීල්, සහ ජෝන්, කැට්ව අරන් යනවා. Oslo free-port එකට. එතනදි තමයි අපිට දකින්න පුලුවන් වෙන්නෙ අර මුලින් ජෝන් එක්ක fight කරපු කලු අැදගත්තු agent ජෝන්ගෙම අනාගත version එකක් කියලා. (මේ නිසා තමයි නීල් ඇවිත් මෙයාව මරන්න එපා කියලා ජෝන්ට කියන්නෙ ) ඔන්න ඉතින් කැට්ව සුව කරගන්න පුලුවන් වෙනවා. (හැබැයි සේටෝර් දන්නෙ නැ කැට් බේරුනා කියලා)

    ඔන්න ඉතින් දැන් සේටෝර් ගාව ඇල්ගොරිතම් එකේ කොටස් නවයම තියෙනවා. සේටෝර් මේක වලදාන්න හිතන් ඉන්නෙ ෆිල්ම් එක පටන් ගනිද්දි පෙන්නපු ඔපෙරා හවුස් එකේ සිද්දියට තවස් 14කට විතරක් කලින්.

    ඇයි සේටෝර් එහෙම සති දෙකක් අතීතයට ගියේ?

    මතකනෙ මන් කිව්වා, ඇල්ගොරිතම් එක වලදාල බෝම්බයම පිපුරුව ගමන් සේටොර් ජීවිතෙ නැති කරගන්න ඉන්නෙ. ඉතින් තමන්ගෙ අන්තිම මොහොතෙ බිරිද එක්ක ආදරෙන් ගත කරපු දවසට යනවා. (අර වියට්නාම සවාරිය )

    ඔන්න ඔතනට තමයි මේ වෙඩිල්ලෙන් බේරුන අනාගත කැට් සම්බන්ද වෙන්නෙ. ජෝන්, නීල් සහ ටෙනෙට් ටීම් එක, එයාලගෙ ෆයිනල් මිශන් එක ඉවර කරනකන්, සේටෝර්ව පන පිටින් තියාගන්න එක තමයි මේ කැට්ට පැවරෙන රාජකාරිය. ඉතින් කැට් කාලය හරහා ආපස්සට ගිලිල්ල පරන කැට් වගේ රගපාලා සේටෝර් ජීවිතේ නැති කරගන්න එක පහු කරනවා. මේ බෝටුවේ සිද්ධියයි stalks-12 වල යන මිශන් එකයි එකම වෙලාවෙ සිද්ධ වෙන්නෙ.

    එහෙනම් යමු ඒ මිශන් එක පැත්තට.

    ජෝන්, නීල් සහ tenet ටීම් එක සේටොර්ගෙන් Algorithm එක අරගන්න ප්ලෑන් කරනවා. මේකට මෙයාල පාවිච්චි කරන්නේ Temporal Pincer කියන ක්‍රමය.

    මිලටරි භාෂාවෙන් පින්සර් කියන්නෙ එකවර දෙපත්තකින් පහර දීමට. ඉතින් ටෙම්පෝරල් පින්සර් කියන්නෙ කාලයෙ දෙපත්තකින් පහර දීම.

    ඒ කියන්නෙ ටීම් දෙකක් ඉන්නවා. එක ටීම් එකක් කාලය හරහා ඉස්සරහට යනවා. අනිත් ටීම් එක කාලය හරහා පිටිපස්සට යනවා.
    (( තේරෙන විදියකට කියනවා නම් හිතන්න, ඔයා ගේම් එකක් ප්ලේ කරන්න හිතාගෙන ඉන්නෙ කියලා. ඔයා ගේම් එක පටන් ගන්න කලින්, ඒක පිටිපස්සෙ ඉදන් ප්ලේ කරපු යලුවෙක් ඔයාට ඇවිත් කියනවා වෙච්ච දේවල්. ඒ විතරක් නෙමේ එයා පිටිපස්ස්සෙ ඉදන් ඉස්සරහට එද්දි හිටපු එනෙමියොත් මරාගෙන එන්නෙ. මේ නිසා ඔයාට දැන් කිසි අවුලක් නැතුව ගේම් එක ඉවර කරන්න පුලුවන්./// මේ ඉස්සරහට සහ පිටිපස්සට ගේම් එකතු ප්ලේ කිරීම සිද්ද වෙන්නෙ එකම මොහොතෙ ))

    මේ අන්තිම මිශන් එකේදි රතු ටීම් එක ඉස්සරහට යනවා. මේකෙ තමා ජෝන් සහ අයිව්ස් ඉන්නෙ.
    නිල් ටීම් එක පිටිපස්සට යනවා. මේකේ තමා නීල් ඉන්නෙ.

    රතු ටීම් එක බෝම්බෙ පිපිරෙන්න කලින් ඇල්ගොරිතම් එක උමගෙන් ගන්න තමයි යන්නෙ. නිල් ටීම් එක බෝම්බෙ පිපිරෙන මොහොතෙ ඉදන් මිශන් එක පටන් ගන්න තැන දක්වා යන්නෙ. එයාල කරන්නේ රතු ටීම් එකට මිශන් එක ලේසි වෙන්න සේටොර්ගෙ සෙබලු මරල, මාර්ගය clear කරලා දෙන එක.

    ඉතින් විනාඩි දහයක් ඉස්සරහට සහ විනාඩි දහයක් පිටිපස්සට යන ටීම් දෙක නිසා තමයි film ඒකට tenet කියලා දාලා තියෙන්නේ. ඉංග්‍රිසියෙන් දහය නැත්තම් ten වචනය ඉස්සරහය සහ පිටිපස්ස ලිව්වම ඒන්නේ
    Ten+neT = TeneT. අපි කලින් දාපු පෝස්ට් ඒකේ ඉස්සරහට දහයයි පිටිප්සසට දහයයි කියලා දැම්මෙ ඔන්න ඔක නිසා.

    ඔන්න අයිව්ස් සහ ජෝන්, ඇල්ගොරිතම් එක තියෙන උමගට ඇතුල් වෙනවා. හැබැයි සේටෝර්ගෙ සෙබෙලෙක් මේ උමගෙ අැතුලු වෙන තැනට බෝම්බයක් හයි කරනවා, ඒ නිසා කවුරුහරි ඇතුල් උනොත් දොර වැහිලා එලියට එන්න බැරි වෙනවා. මේක රිවස් වෙලා ඉන්න නීල් දකිනවා. ඒ නිසා නීල් මේ camp එකේ තියෙන turnstile එකකින් කාලයේ ඉස්සරහ පැත්තට (රතු ටීම් එක්කෙ පැත්තට) හැරිලා යනවා, මේ උමං දොරේ තියෙන බෝම්බේ ගැන ජෝන්ට කියන්න. හැබැයි ඒ යද්දි අයිව්ස් සහ ජෝන් උමග ඇතුලට ගිහිල්ල ඉවරයි. (ජෝන්, අයිව්ස් මුලින්ම ඇතුලට දුවද්දි පිටිපස්සෙන් පෙන්නන, හෝන් ගහන ජීප් එකේ ඉන්නෙ නීල්). ඉතින් දැන් නීල් මේ දෙන්නව ගොඩට ගන්න විදියක් කල්පනා කරලා උමගේ උඩින් ඇරෙන දොර ගාවට යනවා.(මේ යන්නෙ අන්තිමට ජෝන්ලව බේර ගන්න කඹය දාන්න)

    ඔය අතරෙ උමග ඇතුලෙන් ගිහින් Algorithm එක තියෙන තැනට ජෝන් සහ අයිව්ස් යනවා. හැබැයි එතන ලොකු දොරක් තියෙනවා. ඒක අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි. ඒ වගේම දොර ලග වැටිල ඉන්නවා නිල් ටීම් එකේ සෙබලෙක්. මෙයාගෙ බෑග් ඒකේත් තියෙනවා. රතු පාට ටැග් එකක්. (හරියට අර ඔපෙරා හවුස් එකේදි ජෝන්ව බේරගත්ත කෙනාගෙ වගේම ටැග් එකක්). දොරෙන් ඇතුලෙ ඉන්න සේටොර්ගෙ මැරයා ජෝන්ට වෙඩි තියන්න එද්දිම අර නිල් ටීම් එකේ සෙබලා ඇතුලෙන් දොර ඇරල, වෙඩිල්ල ඉස්සරහට පැනල ජෝන්ව බේරගන්නව. (මේක රිවස් ඒකට අපිට පෙන්නන්නෙ ) ඉතින් මැරුණු නිල් සෙබලා දොර ඇරපු නිසා ජෝන් ඇතුලට ගිහින් අර සේටොර්ගෙ මැරයා මරලා ඇල්ගොරිතම් එක ගන්නවා. ඒත් මතකනේ උමගෙන් ඇතුලුවෙන තැන වැහිලා ජෝන්ට එලියට යන්න විදියක් නෑ. එතකොටම නීල් ඇවිත් කඹයක් දාලා ජෝන්වයි අයිව්ස් වයි එලියට ගන්නවා. ඔන්න ඉතින් මෙහෙයුම සාර්තකයි.

    සේටෝර්ගෙ බෝම්බය පිපිරුන නිසා එයාගෙ සෙබලු හිතන්නෙ Algorithm එක වැලලුනා කියලා. ඒත් ජෝන්, අයිව්ස් සහ නීල් ඇල්ගොර්තම් එක අරගෙන ඒක කොටස් තුනකට බෙදාගෙන හංගන්න තීර්ණය කරනවා.

    ඒත් මතකයිනෙ නීල් එයාගෙ මුල් මිශන් එක බාගෙට නවත්තලා තමයි ජෝන්ව බේර්ගන්න ආවෙ. ඒ නිසා එයා තමන්ගෙ algorithm කොටසත් ජෝන්ට දිල කියනවා එයාගෙ මිශන් එක ඉවර කරන්න යන්න ඕනෙ කියලා. එතනදි අපිට පෙන්නවා නීල්ගෙ බෑග් එකේ අර රතු පාට ටැග් එක තියෙන්වා.

    ඔව් ඔය නීල් යන්නෙ එයාගෙ මරණයට. එයා අයෙ රිවස් වෙලා අර දොර ඇරලා, වෙඩිල්ල ඉස්සරහට පැනලා ජෝන්ව බේරගන්න යන්නෙ.

    මේක දන්න නිසා ජෝන් emotional වෙනවා. මෙතනදි ජෝන් ආයෙ අහනවා කවුද නීල්ව මේ tenet සංවිධානයට බදව ගත්තෙ කියල. අපිට දැනගන්න ලැබෙනවා නීල්ව සංවිදානයට ගත්තෙ ජෝන් මයි කියලා. ටෙනෙට් සංවිදානය ආරම්භ කරන්නෙත් ජෝන්මයි. ඒ වගේම මේ සම්පූර්න ෆිල්ම් එකම Temporal pincer මිශන් එකක් කියලා නීල් කියනවා. අනාගතේ තැනකදි ජෝන්, නීල්ව tenet එකට බදවාගෙන එයාව කාලය හරහා පිටිපස්සට එවලා. ඒ එවල තියෙන්නෙ අතීතයෙ ඉදන් ඉස්සරහට යන ජෝන්ට උදව් කරන්න. (මේ ෆීල්ම් ඒකේ අපි දකින ජෝන්ට උදව් කරන්න.)

    (අර ගේම් උදාහරණයට දාල කිව්වොත්, ඔයා අනාගතේදි නීල් කියන යාලුවාව අතීතෙට එවනවා, ඔයාගෙම අතීත ස්වරූපයට ගේම් එක ගහන හැටි කියලා දෙන්න )
    නීල් සහ ජෝන් හොදම යලුවො දෙන්නෙක්, එයාලගෙ කතාව පටන් ගන්නෙ අනාගතයෙදි. ඒක ඉවර වෙන්නෙ නීල් මැරෙන වර්තමානයෙදි.

    ඔන්න ෆිල්ම් අන්තිමට අපිට පෙන්නනව ප්‍රියා සිං කැට්ව මරන්න ලැස්ති වෙලා ඉන්න බව. මොකද කැට් මේ මිශන් එක ගැන තොරතුරු දන්න්වානෙ. ඒක tenet එකට ලොකු අවධානමක්. ඒත් ජෝන් ඒක කරන්න දෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ප්‍රියාව මරනවා. ඔන්න ඔතනින් ෆිල්ම් එක ඉවරයි.