Tesla Autopilot වාහන අසාර්ථක ද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෟද හුත්තො ඇලන් මුස්ක්... :D ජෝන් ඩෝයි නැමති මාද්‍යෙව්දියා පැනමා පේපර් රිලීස් කරා කියලා ලියපු මීඩියාවල උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... :P :P :D :D :D :D
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    සුප්‍රසිද්ධ Tesla සමාගම විසින් නිෂ්පාදනය කර ඇති රියඳුරන් රහිතව ධාවනය කල හැකි Autopilot පහසුකම් සහිත වාහනවල සාර්ථකත්වය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා. BBC සහ US Today ඇතුළු මාධ්‍ය ගණනාවක් මේ සම්බන්ධයෙන් විවේචනාත්මක මත පලකිරීම සමග එය තවදුරටත් ලෝක ව්‍යාප්ත මාතෘකාවක් බවට පත්ව තිබේ.

    Tesla සමාගම දීර්ඝ පර්යේෂණ මාලාවකින් පසු Autopilot තාක්ෂණය සහිත වාහන ලොවට හඳුන්වාදුන්නේ රියඳුරෙක් නොමැතිව ධාවනය කල හැකි ලොව ප්‍රථම වාහන මාදිලිය ලෙසින් ය. ඉතා දියුණු තාක්ෂණික පහසුකම් සහිත මෙම වාහන මාදිලි සඳහා කැමරා 8 ක් සහිත සංවේදක වාහනය වටා ස්ථානගත කර ඇති අතර, ඒ මගින් අංශක 360ක සීමාව ග්‍රහණය කරගෙන ඒ සීමාවේ මීටර් 250ක් දුර රේඩාර් තාක්ෂණයට සමාන ආකාරයකින් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒ මීටර් 250 සීමාවේ ඇති ඝන සහ මෘදු වගේම ජීවී අජීවී ඕනෑම දෙයකට ප්‍රතිචාර දක්වමින් ඒ බාධා මගහැර ගමන් කරන්න Tesla Autopilot තාක්ෂණය සහිත වාහනවලට හැකියාව තියනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කලේ.

    කොහොම වුනත් පසුගිය සතියේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ අනතුරක් නිසා Tesla මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනලා ගසක හැපිලා ඒ සමගම ඇතිවූ ගින්න නිසා රථය සම්පූර්ණයෙන්ම දැවී ගිහින්. රථය තුල ගමන් කරමින් හිටපු මගීන් දෙදෙනාගේ සිරුරු පසුව හමුවෙනවා. ඒත් මගීන් දෙදෙනාම ගමන් කරලා තිබෙන්නේ එක් අයෙක් රියඳුරු අසුනට මෙහා අසුනේ සහ අනෙක් කෙනා පසුපස අසුනක. එයින් පොලිසිය හෙළිදරව් කරගත්තේ රියඳුරු අසුනේ කිසිවෙක් ගමන් කරලා නෑ කියලා.

    ඒ නිසා පොලීසිය චෝදනා කලේ මෙම Tesla රථය Autopilot Mode එකෙන් ක්‍රියාත්මක වෙමින් තිබියදී අනතුර සිදුවෙන්න ඇති කියලා. නමුත් Tesla සමාගමේ හිමිකරු ඇලන් මුස්ක් කියා සිටියේ රථයේ ගබඩා වී ඇති දත්ත අනුව අනතුර සිදුවන විට එහි Autopilot පහසුකම ක්‍රියාත්මකවෙලා තිබිලා නැහැ කියලා. කොහොමවුනත් මේ සිදුවීම එක්ක Tesla Autopilot පහසුකම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇතිබවට මතයක් ගොඩනැගෙන්න පටන්ගත්තා.

    උපුටා ගැනීම: Colomboplus.com
    https://www.nytimes.com/2021/04/18/business/tesla-fatal-crash-texas.html
    Elon Mask said that their system required Active supervision by the driver - not fully autonomous driving