Tesla Model 3 එළිදැක්වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Tesla Model 3 එළිදැක්වෙයි

    ටෙස්ලා සමාගමේ අලුත්ම සාමාජිකයා Tesla Model 3 අද දින සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වන Elon Musk විසින් එලිදක්වනු ලැබුවා. සාමාන්‍ය පාරිභෝගිකයා සඳහා එළිදක්වන ලද පළමු ටෙස්ලා මෝටර් රථය මෙයයි.

    කැලිෆෝනියාවේ දී පැවති එළිදැක්වීමේ උළෙලේ දී Elon Musk පවසා සිටියේ එක් වරක් විදුලියෙන් ආරෝපනය කළ හැකි මේ මෝටර් රථය ඩොලර් 35000ක මිලකට ‍වෙළඳපලට නිකුත් කරනු ඇති බවයි.

    එමෙන්ම මේ නව Tesla Model 3 මෝටර් රථයට පැයට සැතපුම් 60ක වේගයක් ලබාගැනීම සඳහා ගතවන්නේ තත්පට 6කටත් අඩු කාලයකි.

    Tesla Moder S මෙන්ම නව Model 3 ද පසුපස රෝද ධාවන (Rear Wheel Drive) මාදිලියක් මෙන්ම සියළු රෝද ධාවන (All Wheel Drive) මාදිලියක්ද වශයෙන් මාදිලි දෙකක් නිකුත් කෙරේ. තවද අඟල් 17ක විශාල ස්පර්ශ සංවේදී තිරයක් මඟින් සියළුම ක්‍රියාවලි සකස් කල හැකි මෙහි ස්වයංක්‍රීය ධාවනයට අදාල සියළුම දෘඩාංග ඇතුලත් කර ඇත. Elon Musk පවසන අයුරින් Tesla සමාගමේ අභිප්‍රාය පාරිභෝගිකයා වෙත සුවපහසුව සැපයීම අතර මේ මෝටර් රථයේ පහසුවෙන් 5 දෙනෙකුට ගමන් කල හැකියි.

    කෙසේ වෙතත් Tesla Model 3 මෝටර් රථය 2017 අග භාගය වන තෙක් වෙළඳපලට නිකුත් නොවනු ඇත. එසේ නමුත් අද පටන් $1000ක් ගෙවා වෙන්කරවා ගත හැක.



    Ce7bfAeW8AACdmS.jpg


    Ce7bEuXWEAE0xDW.jpg


    Ce7bcwRWAAA9SYi.jpg


    Ce7b_rPXIAALOZJ.jpg







    techgurulk​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Tesla Model 3 announced: release set for 2017, price starts at $35,000


    red_1.0.jpg


    black_1.0.jpg


    teslareservations-marked.0.jpg


    tesla-model-3-first-ride-028-1020.0.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එච්චර පෙනුමක් නම් නැ වගේ ..එකපාරක් චාර්ජ් කරලා කොච්චර දුර යන්න ප්ලුවන්ද ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    මරුසිරා;19942806 said:
    එච්චර පෙනුමක් නම් නැ වගේ ..එකපාරක් චාර්ජ් කරලා කොච්චර දුර යන්න ප්ලුවන්ද ?

    346 KM.:)