Tesla driver killed in crash with Autopilot active

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි


    Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා මෝටර් රථයට ලම්භකව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ මෝටර් රථය ගැටීමෙනි.

    ඉබේ ධාවනය වීම සඳහා වන Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවත් මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුව ඇති බවයි ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Elon Musk පවසන්නේ. ටේලරයේ උසත්, මාර්ගයේ ඒ මොහොතේ පිහිටි ස්ථානයත් අනුව Tesla මෝටර් රථය ටේලරය යට ප්‍රදේශයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

    කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත.

    මේ අනතුරින් මියගිය පුද්ගලයා මීට පෙරද ටෙස්ලා මෝටර් රථය Autopilot යොදාගෙන ධාවනය වන අතරතුරේ අනතුරකින් බේරුනු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර ඇති අතර ඒ වීඩියෝව Elon Musk පවා Tweet කර ඇත. Joshua Brown නම් මේ 40 හැවිරිදි පුද්ගලයා සිය ටෙස්ලා මෝටර් රථයේ විවිධ දර්ශණ සිය යූ ටියුබ් චැනලය වෙත නිතර නිතර එකතු කරන පුද්ගලයෙකි.

    මේ අනතුර පිළිබඳව මේ වන විට ඇමරිකානු අධිවේගී මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් Autopilot පද්ධති තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, දත්ත හා පර්යේෂණ මත දිනෙන් දින එහි නිරවද්‍ය බව වැඩි වුවත් තවමත් රියැදුරුගේ සම්පූර්ණ අවධානය ධාවනය සඳහා අවශ්‍ය බවයි ටෙස්ලා සමාගම පවසන්නේ.


    tesla-model-s-crash-rollover-696x321.png


    tesla-model-s-crash-rollover1.png





    techgurulk
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Tesla ekata oka pataluna nam,tesla eka kohomada ape three wheel aiyalage hitha kiyawanne. Lankawe nam malata autopilet yanna bari wei :(
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    "කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත. "

    මුගේ වැරැද්ද.. :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113

    Tesla ekata oka pataluna nam,tesla eka kohomada ape three wheel aiyalage hitha kiyawanne. Lankawe nam malata autopilet yanna bari wei :(

    "කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත. "

    මුගේ වැරැද්ද.. :P

    not even those wheel guys know what turn they'll make next :sorry::sorry:


    :):sorry:
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    mama dakka samahara un autopilot dala nidagena yanawa, tesla eken kiyala thiyenawa ehema yanna epa kiyala
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    තමන්ගේ ජීවිතේ ඔහොම පරීක්ෂන මට්ටමේ තාක්ෂනේකට බාර දෙන එක ගොංකමක්