TGV දුම්රිය සේවය ...

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
TGV දුම්රිය සේවය ...

ඉතින් සිංහලු ගිය නිවාඩු කලේ ගිය පොඩි සවාරියක් ගැන තමයි කියන්න යන්නේ. ඇත්තටම සවාරිය ගැන කිවුවට සවාරිය ගනමත්ම නෙමෙයි සවාරිය යද්දී යන්න හම්බුනු දුම්රියක් ගැන තමයි මම අද කියන්නේ. සවාරිය ගැන විස්තරය පස්සේ මම කියන්නම්. මම සවාරිය පටන් ගත්තේ ඔස්ට්‍රියාවෙන්.
මෙන්න ඔස්ට්‍රියාවේ ඉඳන් සුවිස්ටර්ලන්තයට ගියේ මේ කෝච්චියෙන් තමයි.

මේක ඔස්ට්‍රියන් දුම්රිය දෙපර්තමින්තුවට අයත්..

20150328_075223.jpg


ඔන්න ඉතින් වේගය...

20150328_081559.jpg


ඉතින් මුලින්ම ස්විස්ටේර්ලන්තයටතයේ සුරිච් නුවරටත්, මීළඟට නෙදර්ලන්තයේ amstardaam නුවරටත් (ඔව් පොඩි ජෝඉන්ට් පාරක් දැම්මා සිංහලු ;) ) ඉන් පැරීසියටත් තමයි සෙට් උනේ.ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ ගමන යද්දී ගිය එක දුම්රියක් වූ TGV දුම්රිය ගැන තමයි.

20150330_150336.jpg


ඔය තියෙන්නේ

ප්රංශ භාෂාවෙන්: Train à Grande Vitesse, නැතහොත් "අධිවේගී දුම්රිය" කියන තේරුම ඇති මෙය SNCF නැතහොත් ''Société nationale des chemins de fer français" ප්‍රංශ ජාතික දුම්රිය සේවයට අයිතියි. මෙම SNCF යටතේ TGV නැතහොත් ප්රංශය අධිවේගී දුම්රිය මාර්ග ජාලය ඇතුළු රටේ ජාතික දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. එහි කටයුතු මගී ප්රවාහනය හා දුම්රිය සේවා මෙහෙයුම, සහ දුම්රිය යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ සංඥා ලබාදීමද ඇතුළත්.


z7001.jpg


මචන් එකදාස් නමසිය බර ගණන් වලත් කොච්චි එහෙ කොච්චරනම් දියුණුද නේද? :)

ECH19891064_1.jpg


ඔය තියෙන්නේ එන්ජිමනේ ..:nerd:

ඔන්න ඉතින් ඔකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් එය මුල්ම නිෂ්පාදනය ආරම්භ උනේ GEC - Alsthom සහ SNCF විසින් 1970 දී . මුලින් ගෑස් ටර්බයින විසින් තල්ලු කිරීමට දුම්රිය සැලසුම් වුවත්,1973 තෙල් අර්බුදය සමග විදුලි දුම්රිය බවට විකාශනය වුනා.1981 දී පැරිස් හා ලියෝන් (මද්‍යම ප්‍රංශය) අතර සමාරම්භක සේවය ආරම්භ වුවත් ඉන් පසුම මුළු ප්‍රංශය පුරාම පැතිරුනා. SNCF ලොව පුරා රටවල් 120 පමණ 180,000 කට අදික පිරිසක් සේවය කරනවා. එහි දුම්රිය මාර්ග පද්ධතිය මාර්ග පදදතිය 32,000 km පුරා විහිදී යයි. ඒවගේම දවසකට දුම්රිය 14000 කට වඩා ක්‍රියාත්මක වෙනවා.:yes:

_44252782_tgv_routes_map416.gif


ගමනාන්ත ..

SNCF කොම්පැනිය පටන් ගත්තේ ලෝකයේ වේගවත්ම දුම්රිය ජලය විදියට ක්‍රියාත්මක වීමටයි. අද TGV දුම්රිය මිලියන 100 ට වඩා මගීන් අවුරුද්දකට ගෙන යනවා. TGV රැහැන් හා TGV තාක්ෂණය දැන් දකුණු කොරියාව අමතරව යුරෝපීය රටවල් කිහිපයක පැතිරී තියනවා. Test TGV දුම්රියක් 2007 අප්‍රේල් තුන්වෙනිදා 574.8 km/h (357.2 mph) වේගයකින් ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙස වාර්තාවක් තියන්න සමත් උනා. .

IMG_7339_7_8_lzn.jpg


වාර්තාව තැබූ අවස්ථාව:cool:



img_tgv_pro_2.jpg


ටික්කො.. මෙන්න මේ මහත්තරු තමයි කෝච්චියේ ටිකට් බලන්නේ.. :oo:

die-inneneinrichtung-eines-tgv-2-160153.jpg


ඔන්න මචන් සැප පහසුව..:cool:

Paris_train_station.jpg


පැරිස් දුම්රිය ස්ථානයේ පින්තුරයක්.. හැබැයි මම ගත්ත එකක් නම් නෙමෙයි..:yes:

20150328_135314.jpg


ඔන්න ලොකොමොටිව් වලට කැමති අයට මම ගත්ත අනිත් පින්තුර ටිකකුත්:)

20150328_135314.jpg


ස්විස් දුම්රිය

20150328_201138.jpg


ජර්මන් දුම්රිය

20150330_204056.jpg


ඔන්න අවසාන වශයෙන් අයිෆල් කුලුනේ මම ගත්ත පින්තුරෙකුත් ..:);) ඉතින් සවාරියේ විස්තරත් එක්ක අයෙත් ලිපියකින් හම්බුවෙන තුරු .. වැරදි ඇතොත් සමාව .. බොහොම ස්තුති..:)
 
Last edited:

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
ඔන්න ගත්ත තව පින්තුර ටිකකුත් දැම්ම.. ඕකෙන් ඔය mustang එක නම් විශේෂයි.. මම පලවෙනි පාරට classical mastang එකක් දැක්කේ සිංහලු.. ඇත්තටම මාර quality යට තිබ්බා..



සුරිච් නගරය & Lake Zürich






























මේ පින්තුරේ අයිෆල් කුලුනේ උඩ ඉඳන් ගත්තේ.. කොහොමද විව් එක ?? :P



 
Last edited:
  • Like
Reactions: Sachira123

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පැරිස් දුම්රිය ස්ථානයේ පින්තුරයක්.. හැබැයි මම ගත්ත එකක් නම් නෙමෙයි..:yes:

    මේ පෑරිස් නෙමෙයි ලොක්කා, මේ මිලාන් සෙන්ට්‍රල් ස්ටේශන් එක
     
    ඔන්න ගත්ත තව පින්තුර ටිකකුත් දැම්ම.. ඕකෙන් ඔය mustang එක නම් විශේෂයි.. මම පලවෙනි පාරට classical mastang එකක් දැක්කේ සිංහලු.. ඇත්තටම මාර quality යට තිබ්බා..



    සුරිච් නගරය & Lake Zürich






























    මේ පින්තුරේ අයිෆල් කුලුනේ උඩ ඉඳන් ගත්තේ.. කොහොමද විව් එක ?? :P




    පට්ට මචන් tfs rep++