අවුරුදු ගනනාවක් හිතේ තිබෙන ලොකු කැක්කුමක් ගැන කියන්නට සිතුනේ මෙය කියවන අයට මන් මාර පොරක්,නැතිනම් මූ පව් බන් කියා සිතෙන්නට නොවේ.ඔලුවක් තියෙන අයට ටිකක් හෝ ඇත්ත තේරෙන්නටය.හේතුව මෙය මගේ චරිතාපදානයක් නොවන බැවිනි.ප්‍රාථමික පන්තියේ පටන් මා ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙනි .මට සිටියේ සිංහල යාලුවන්ය. ඔවුන් අදහන්නේ කුමන ආගම දැයි සොයන්නට මට අවශ්‍යය නොවුනි.හේතුව ඔවුන් කතා කරන්නේ සිංහල නිසාවෙනි.දෙමල භාෂාව කතාකරනවාට වැඩ සිංහල කතාකිරීම මට මහත් ආඩම්බරයක් යයි සිතුනි.හේතුව මට දෙමළ වලට වඩා සිංහල කජුකනවා වැනිය.මගේ ආගම ඉස්ලාම් වුවත් ජාතිය මුස්ලිම් වුවත් මගේ යාළුවන් මාව තම්බියා ලෙස අමතද්දී මට දැනුනේ කේන්තියක් නොව මගේ ලොකු අය්යල උන්ට තේරෙන භාෂාවෙන් මට මල්ලියේ කියා කතාකරනවා කියාය.එදා පාසලේ එකට ඉඳන් අපේ ගෙදරින් අරන් යන කෑම වේල කට්ටියම එකට ඉඳන් කෑවෙමු .ඒ ගෙවල් වලින් කෑම ගෙනාවොත් මට මස් කෑම තහනම්ය.ඒ ඒවා හලාල් නොවන නිසාය.ගෙදරකට සිංහල අවුරුද්දට ගියත් නත්තල් වලට ගියත් කෑම ගැන මුලින් හැඳින්වීමක් මට විශේෂයෙන් කරයි.ඒ මට නරකක් කල යුතු බව තුන් හිතකින් වත් මගේ යාළුවන් නොහිතන නිසාය.රැකියාවක් පටන් ගත දා පටන් ඒ සිරිත එසේම විය.හේතුව ඒ කාලේ ලංකාවේ මිනිස්සු සිතාගෙන හිටියේ හැමෝම ගයන්නේ එකම ජාතික ගීයක් කියාය.ඒ නිසා අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් කියාය.එදා මාධ්‍යට පුවත් තිබුණි.වාර්තා කලේ යුද්ධය ගැනය.කිව්වේ ත්‍රස්ත වාදීන් ගැන මිස දෙමල අය ගැන නොවේ.ත්‍රස්තවාදය රටට හෙනයක් කියා හැමෝම සිතුහ.දෙමල අය පිළිලයක් කියා සිතුවේ නැත.එය එසේ නොවන බව සිතුවේ දේශපාලකයෝ පමණය.මේ ප්‍රශ්නයට උත්තරය හෙව්වේ හැමෝම එකට එකතු වී බව හැමෝම දනිති.කට්ටිය හමුදාවට එකතු වෙන්නට පටන් ගත්තෝය.හමුදා ලේඛන වල ලියවුනේ සිංහල නම් පමණක් නොවේ.දෙමල මුස්ලිම් නම් පමණක් නොව ඉන්දියානු පාබල හමුදාවේ නම්ද පකිස්තානු ගුවන් නියමුවන්ගේ නම්ද එයට ඇතුලත් වුනි.ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමටය.හැමෝම එකට එකතු වුනෙමු.උත්සාහය සාර්ථක විය.හතුරන් විනාශ වූහ.පාරවල් වල සතුටු සැමරුම් පිරී ඉතිරිනි.සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු දෙමල මිනිස්සු.සතුටින් සිනාසුනේ එකට එකතුවී පෙළපාලි ගියේ අපි හැමෝම එකම බඩ වැලෙන් ආපු එවුන් ලෙසිනි.මේක සිංහල රටක් මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි පෙළපාලි යන්ඩ එපා යයි කවුරුත් කිව්වේ නැත.ඒ කාලයේ මුන් ඔක්කොම අපේ මිනිස්සුනේ .ඔක්කොම සමරපල්ලා කියන හැගීම හැම හිත් තුලම තිබුණි.කාලය ගෙවුණි.නිදහස තිබුණි.ජිනීවා තුරුම්පුවක් රටට එරෙහිව යලිත් ගැස්සුනේය.යලිත් ඒ මිනිස්සු ටිකම.අපි කට්ටියම.පාරක් පාරක් ගානේ උගුරේ ලේ රහ දැනෙනකම් කෑ ගැසුවේ අපි ඔක්කොටම එකට ඉඳ දීපියව් කියාය.කවුරුත් සින්හලයාව වත් දෙමලාව වත් මුස්ලිමානුවාවවත් පාවාදී ඇත සොදගත්තේ නැත.
