Thathige Kapana hati.....

Jan 2, 2010
196
10
0
ෆොන්සේකා කොන්ඩය කපන්න දෙන්නේ විනාඩි හතයි ලු

ෆොන්සේකා හමුදාපතිව සිටින අවධියේ ඔහුගේ කොන්ඩය කැපීම සඳහා විවිධ රෙජිමේන්තු වලින් කරණවෑමීන්ව ගෙන්වා ඇත. මන්ද එක් අවස්ථාවක ගෙන්වන පුද්ගලයා නොගැලපේනම් සිදුවන්නේ ඊලග අවස්ථාවේ වෙනත් අයෙක් ගෙන්වීමටය. එසේම කොණ්ඩය කැපීමේදී සුළු හෝ අඩුපාඩුවක් සිදුවුවහොත් කරණවෑමියාට පමණක් නොව ඔහු ගෙන්වු පුද්ගලයාටද සිදුවන්නේ දඬුවම් විදීමටය. ‍


කොණ්ඩය කපන්නට එන පුද්ගලයාගෙන් දහඩිය දුගඳ හැමුවොත් ඔහුට අනිවාරයෙන්ම ෆොන්සේකාගෙන් දඬුවම් හිමිවේ. මේ නිසා ෆොන්සේකාගේ කොණ්ඩය කැපීම සඳහා යුධ හමුදා මූලස්ථානය වෙත ගෙන එනු ලබන පුද්ගලයාට මුලින්ම හොදින් ස්නානය කිරීම නියෝග ලැබෙන අතර ඉන් පසුව හොදින් සේදු ඇදුමක් ඇඳගෙන එයට සුවඳ විලවුන් ආලේප කිරීමට සිදුවේ.





අදාල පුද්ගලයා ෆොන්සේකා ඉදිරියට යැවීමට පෙර ජේෂ්ඨ නිළධාරියෙක් වෙත පමුණුවන අතර ඔහුගෙන් දහඩිය දුගඳ පැමිනෙන්නේද යන්න නිරීක්ෂණය කිරීමෙන් පසුව එසේ නෙමැතිනම් පමණක් කොණ්‍ඩය කපන ස්ථානය වෙත ඔහුව රැගෙන යයි.



ෆොන්සේකා කෙ‍ාණ්ඩ කපන ස්ථානයට පැමිණීමට ප්‍රථම සියළුම විද්යුත් උපකරණ විදුලි සැපයුම් සඳහා සම්බන්ධ කල යුතු අතර අනෙකුත් සියළුම උපකරන ඉතා පිළිවෙලට මේසය මත තබා තිබිය යුතුමය.



එක් අවස්ථාවක කොණ්ඩය කපන පුද්ගලයෙකු අතින් වැරදීමකින් සරත්‍ ෆොන්සේකාගේ මුහුණ කැපී ඇති අතර මුහුණේ ක්ලෝන් ආලේප කිරීමේදී දැනුනු වේදනාව හේතුවෙන් කෝපයට පත් සරත් ෆොන්සේකා කොණ්ඩය කපන ලද පුද්ගලයාගේ කන කප‍ා ඇත. අදටත් මෙම පුද්ගලයා යුධ හමුදා මූලස්ථානයේ සේවය කරනු ලබයි.



තවද ෆොන්සේකාගේ කොණ්ඩය කැපීම සඳහා උපරිමව වැය කල යුත්තේ විනාඩි හතක් හෝ අටක් පමණි. ඊට වඩා වැඩි වේලාවක් ගතහොත් එයද ෆොන්සේකාගෙන් දඬුවම් ලැබීමට සිදුවන කාරනයකි.



සරත් ෆොන්සේකා යනු සැබවින්ම දරදඬු පාලකයෙකි. මංගල සමරවීර ඔහු ගැලවීමේ හමුදාව අණ දීම සඳහා සුදුදු යැයි කීවද යුධ හමුදාව මෙහෙයවීම සඳහා ඔහු සුදුස්සෙකු වන්නේ ඔහුගේ දරදඬු පාලනය නිසාවෙනි.
මෙවන් දරදඬු ගතිගුණ ඇත්තෙකුට රට භාර දිය යුතුද?