The අංජනම - අංජනම ලමයා සොයා දෙයි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    The අංජනම - අංජනම ලමයා සොයා දෙයි

    කරුවලගස්‌වැව නිවසින් අතුරුදන් වූ
    බබා තබ්බෝව කැලෑවෙන් හමුවේ

    * පැය 12 ක්‌ පා ගමනින් කිලෝමීටර් 15ක්‌ දුර ගිහින්
    * වනාන්තරය මැදින් ගියත් දෙපාවල සීරීමක්‌වත් නෑ
    * දැරිය සිටින තැන දැන ගත්තේ අංජනමෙන්

    1-2.jpg

    කරුවලගස්‌වැව පහරිය ප්‍රදේශයේ නිවසින් පෙරේදා (29 වැනිදා) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දැරියක්‌ කිලෝමීටර් 15 කට ආසන්න දුරින් පිහිටි තබ්බෝව රක්‍ෂිත වනාන්තරයේ වැවක්‌ ආසන්නයේ සිටියදී ඊයේ (30 වැනිදා) අලුයම පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.

    මෙම දැරිය කිසිවකු විසින් පැහැර ගෙන ගොස්‌ නොමැති බව ද පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. කුඩා දැරිය පැය දොළහක්‌ තිස්‌සේ පා ගමනින් කිලෝමීටර් 15 ක්‌ පමණ දුර කැලෑවේ ගමන් කර ඇති බව ද පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    තුන් හැවිරිදි දැරිය කැලෑව තුළදී සොයා ගන්නා අවස්‌ථාව වන විට ඇය කිසියම් සිහිමඳ තත්ත්වයකින් සිටි බව පොලිසිය කියයි. දැරිය සොයා ගැනීමෙන් පසු ඇය රෝහල්ගත කර ඇති අතර ඊයේ දහවල් වන විට ඇය යථා තත්ත්වයට පත්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

    කිරිහෙට්‌ටිගේ දිනිති අහිංසා නමැති තුන් හැවිරිදි දැරිය පදිංචිව සිට ඇත්තේ කරුවලගස්‌වැව පහරිය ප්‍රදේශයේය. පවුලේ එකම දරුවා වූ ඇය තම මවුපියන් සමඟ ජීවත් වෙයි.

    පෙරේදා සවස 3.50 ට පමණ ඇය හිටි හැටියේම අතුරුදන්ව තිබිණි. ඇගේ මවුපියන් සහ අසල්වාසීන් දැරිය සොයා ගම පීරූ අතර ඇය පිළිබඳ කිසිදු තොරතුරක්‌ ලැබී නැත. දැරියගේ ඥති කාන්තාවක විසින් පවසා ඇත්තේ සවස 3.30 ට පමණ දිනිති දැරිය තම නිවස ඉදිරිපිට මාර්ගය ඔස්‌සේ තනිවම ගමන් කරනු දුටු බවයි.

    එම කාන්තාව තම දියණියට කතා කර දිනිති දැරිය කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඇය මාර්ගය දෙසට යද්දී දැරිය ආගිය අතක්‌ සොයා ගැනීමට නොහැකි වූ බවද හෙළිකර තිබේ.

    දිනිතිගේ අතුරුදන්වීම පිළිබඳව කරුවලගස්‌වැව පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත නානායක්‌කාර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නුවන් පෙරේරා ඇතුළු නිලධාරීන් දැරිය සොයා මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය.

    මෙම මෙහෙයුම සඳහා ගම්වාසීන් 200 කට අධික පිරිසක්‌ ද එක්‌ව සිටියහ. කරුවලගස්‌වැව පහරිය ගම්මානය දෙවනත් කරමින් දැරිය සොයා බැලුවද ඇය පිළිබඳ කිසිදු තොරතුරක්‌ ලැබී නොමැත.

    ඒ වන විට රාත්‍රි කාලය එළඹීම නිසා දැරිය සෙවීමේ කටයුතු නතර කළ යුතු යෑයි බොහෝ දෙනකු පවසා ඇත.

    එහෙත් කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් තම උත්සාහය අත් නොහැර තබ්බෝව රක්‍ෂිත වනාන්තරය තුළ දැරිය සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    එහිදී ගම්වාසීන් පවසා ඇත්තේ රාත්‍රි කාලයේ තබ්බෝව රක්‍ෂිතයට වන අලින් සහ නොයෙකුත් වන සතුන් පැමිණෙන නිසා එහි ඇතුළුවීම භයානක බවය. තවද රක්‍ෂිතයේ බඳින තුවක්‌කු සවිකර තිබීම නිසා එහි යැම ඉතාම භයානක බව ද ගම්වාසීන් පවසා ඇත.

    එහෙත් දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් මෙම අභියෝගවලට මුහුණ දිය යුතු බව පවසා ඇති පොලිස්‌ පරීක්‍ෂක නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් ඇය සොයා තබ්බෝව වනයේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

    පොලිසිය ඉදිරිපත් වීම නිසා ගම්වාසීන් ද මෙම මෙහෙයුමට එක්‌ වී ඇත. තබ්බෝව වනාන්තරයේ ඇළ මාර්ගයක්‌ ආසන්නයේ වගුරු ප්‍රදේශයක දැරිය ගමන් කළ පා සලකුණු හඳුනාගත් පොලිසිය ඒ ඔස්‌සේ ගමන් කර තිබේ. දැරිය පදිංචි නිවසේ සිට කිලෝමීටර් 12 ක්‌ පමණ දුරින් පිහිටි ප්‍රදේශයක්‌ දක්‌වා මෙම පා සලකුණු සටහන්ව තිබී ඇත. කැලෑව මැද පිහිටි ගල් තලාවක්‌ අසලින් මෙම පා සටහන් නතර වී ඇත.

    එතැන් සිට දැරිය ගමන් කළ දිසාවක්‌ සොයා ගැනීමට පොලිසියට හැකි වී නැත. ඒ වන විට දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ගම්වාසීන් අංජනමක්‌ බලා තිබිණි. එම අංජනමට අනුව ඔවුන්ට පවසා ඇත්තේ දැරිය වනාන්තරය මැද පිහිටි ගල් තලාව පසුකර ඊට යාබදව වූ විශාල වැවක්‌ ආසන්නයේ කටු පඳුරක්‌ අසල සිටින බවයි.

    පිරිමි පුද්ගලයන් කිසිවකු ඇය අසලට ගමන් නොකළ යුතු බවත් එසේ වුවහොත් ඇය සොයා ගැනීමට නොහැකි වන බවත් අංජනම්කරු ප්‍රකාශ කර තිබිණි. දැරිය ආසන්නට යා යුත්තේ ඇයට සමීප කාන්තාවක්‌ බව ද අංජනම්කරු ප්‍රකාශ කර ඇත.

    එම අංජනමෙන් ලබාදුන් තොරතුරු ගම්වාසීන් විසින් පොලිසියට පවසා තිබේ. ඒ අනුව මෙහෙයුම තවදුරටත් කරගෙන යැමට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ.

    පොලිස්‌ නිලධාරීන් සහ ගම්වාසීන් කණ්‌ඩායම් දෙකකට බෙදී වනය මැද පිහිටි ගල් තලාව පසුකර වැව ආසන්න ප්‍රදේශය පරීක්‍ෂා කර ඇත.

    ඒ අවස්‌ථාවේ කුඩා දිනිති දැරිය වැව ආසන්නයේ වූ කටු පඳුරක්‌ අසල සිටින ඡායාව පොලිස්‌ නිලධාරීන් දැක තිබේ.

    අංජනම්කරු ලබාදුන් තොරතුරුවලට අනුව කාන්තාවක්‌ දැරිය ආසන්නට ගොස්‌ 'සුදු අම්මා' යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත. එය ඇසුණු සැණින් දැරිය 'ආහ්' යනුවෙන් ඊට පිළිතුරු දී තිබේ.

    පසුව එම කාන්තාව නැවතත් "සුදු අම්මා මම ඔයාව හොයාගෙන ආවා" යෑයි පවසා ඇත. එම හඬට කන්දුන් දැරිය එම කාන්තාව සිටි දෙසට පැමිණ තිබේ.

    දැරිය සොයා ගන්නා අවස්‌ථාව වන විට ඇය කිsසියම් භීතියකට පත්ව අන්දමන්ද වූ තත්ත්වයක සිටි බව ද පොලිසිය පවසයි.

    පසුව දැරිය බේරාගත් පොලිසිය සහ ගම්වාසීන් ඇය කරුවලගස්‌වැව රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම දැරියගේ මිත්තනිය ද මීට වසර 35 කට උඩදී මේ ආකාරයෙන්ම හිටිහැටියේ නිවසින් අතුරුදන් වී තිබිණි. එම කාන්තාව ද තබ්බෝව රක්‍ෂිතයට ඇතුළුÊවූ බවට තොරතුරු ලැබී තිබුණ ද ඇය පිළිබඳව අද වන තුරුත් කිසිදු තොරතුරක්‌ නොමැත.

    තබ්බෝව කැලෑවට ගිය ආකාරය පිළිබඳව දැරියගෙන් විමසුව ද ඒ පිළිබඳව කිසිවක්‌ මතකයේ නැති බව ඇය පවසා ඇත. මෙම දැරිය වනසතුන් ගහන වනාන්තරයක කිලෝමීටර් 15 කට ආසන්න දුරක්‌ රාත්‍රි කාලයේ ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව සිතා ගැනීමට අපහසුq කරුණක්‌ බව පොලිසිය පවසයි.

    තුන් හැවිරිදි දැරිය කටු පඳුරුවලින් ගහන වනාන්තරයේ කිලෝමීටර් 15 ක්‌ දුර ගමන් කර තිබුණ ද ඇගේ පාදවල කුඩා කටුවක්‌ ඇනී හෝ සීරීමක්‌ නිසා වූ තුවාලයක්‌ පවා සිදු වී නොතිබීම විමතියට කාරණයක්‌ බව ද පොලිසිය කියා සිටියි.

    දැරිය බේරාගත් මෙහෙයුමට නායකත්වය දුන් කරුවලගස්‌වැව පොලිසියේ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතා කියා සිටියේ මෙවැනි අත්දැකීමක්‌ ලැබූ මුල්ම අවස්‌ථාව මෙය බවයි.

    "මේ වගේ පුංචි දරුවෙක්‌ ඝන වනාන්තරේ ඇතුළේ රාත්‍රි කාලයේ කිලෝමීටර් 15 ක්‌ දුර යන්නේ කොහොමද කියලා සිතා ගන්න බැහැ.

    ඒ වගේම දැරිය සිටින ස්‌ථානය පිළිබඳව අංජනම තුළින් තොරතුරු ලැබුණු ආකාරය ගැනත් පුදුම හිතෙනවා.

    නවීන ලෝකයේ මේ අංජනම් වැනි දේ විශ්වාස නොකළත් දැරිය රැඳී සිටින ස්‌ථානය ඉතාම නිවැරැදිව හඳුනාගන්න ලැබුණේ එම තොරතුරු නිසා බව ද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කියා සිටියේය.

    පොලිසිය සහ ගම්වාසීන් තමන්ට එල්ල වූ අභියෝග සහ අනතුරු පසෙකලා දැරිය සොයා ගැනීමට කටයුතු නොකළා නම් ඇය අද ජීවතුන් අතර නැති බව ද නුවන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විෙ-ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති ඉන්දු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත, සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත නානායක්‌කාර මහත්වරුන්ගේ උපදෙස්‌ මත කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොස්‌තාපල් (37414) දයාරත්න. (5165) විෙ-බණ්‌ඩාර (66540) කරුණාරත්න, 668632) අමිල දිසානායක (67337) ජිනදාස ඇතුළු නිලධාරීහු මෙහෙයුමට එක්‌ව සිටියහ.

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    අංජනම් හරියටම හරියන වෙලාවල් තියෙනවා බං, ඒත් සමහර වෙලාවට හරියන්නෙ නැ, ඒ වෙලාවට කපුවො බොරු කියනවා, එකයි ඔය ශාස්තරෙ බල්ලට යන්නෙ.

    එක පාරක් අපේ තාත්තගෙ බඩු වගයක් දාපු බැග් එකක්, බයික් එකෙන් එන වෙලාවක වැටිලා හොයාගන්නම බැරි උනා, දෙපාරක් විතර ආයෙත් ගමන පටන් ගත්ත තැන ඉදන් මග දිගට බලන් ආවත් කිසිම හෝඩුවාවක් ලැබුනෙ නැ,

    නිකමට වගෙ අපි අදුරන කපු සීයා කෙනෙක්ලගට ගිහින් කිව්ම ඒ සියා බලලා කිව්වා පාලමක නමත් කියලා ඒ පාලම පහු කරලා ගියාම හම්බ වෙන ගරාජ් එකේ දොරෙ එල්ලලා ඇති පාර්සලෙ, කෙනෙක් ඇහිදලා එතනට ගෙනත් දීලා කියලා.

    අපිත් සෙට් එකක්ම ගියා එතනට හරියටම කියපු තැන කියපු විදියටම බඩු හැව්. :shocked: ඇහුවම කිව්වා පාරෙ වැටිලා තිබිලා දැකලා කෙනෙක් ඇවිත් මෙතන එල්ලලා ගියා කියලා :nerd:

    ---------------
    තවත් දවසක 2008 විතර මම අපේ කඩේ cashier හිටියා, ඒදා මම ලග තිබ්බෙ නොකියා color display phone එකක්. (ඒ දවස් වල ඒක ඉතින් ලොකු Phone එකක් )

    ඔහොම cashier එකේ ඉන්න වෙලාවක කවුරු හරි මගේ Phone එක උස්සලා තිබුනා ring කරලා බලනකොට off කරලා, ගොඩක් අය අවා ගිය හින්ද සැක කරන්න කෙනෙකුත් නැ,

    ලග ලග Phone කඩවලට ගිහින් කිව්වා මගෙ Phone එක උස්සලා කවුරු හරි විකුනන්න ආවොත් බලන්න කියලා. එත්කොට ඒ කඩෙක අය්ය කෙනෙක් කිව්වා යමංකො මම හොයලා දෙන්නම් කියලා. පස්සෙ පොර මට කිව්වා මල්ලි මම මන්තර කේස් පොඩ්ඩක් දන්නවා, ට්‍රයි එකක් දෙමුද කියලා, මූ මට කියලා බුලත් ටිකක් ගෙන්නගෙන මතුරලා කිව්වා, මල්ලි බය වෙන්න එපා Phone එක අරන් දෙන්නම් කියලා.

    මම කිව්වා දැන්ම ඕන කියලා (පොඩි එකානෙ), අය්ය කිව්වා උස්සලා තියෙන්නෙ වෙන කෙනෙක් නෙමෙයි අල්ල්පු Shop එකෙ මුදලාලි, ඒත් දැන් ඒක හංගලා තියෙන්නෙ මට තියෙන තැන නම් කියන්න බැ, ඒත් ඕන ම නම් මිනිහවම බන්දලා පෝන් එක ගෙන්නගමු කියලා

    එහෙම කියලා Phone එකේ charger එකයි, නුල් කැල්ලක් එහෙම අරන් අපි ගියා ඉස්සරහා Shop එකෙ උඩතට්ටුවට, පස්සෙ Phone කඩෙ අය්ය පොඩ්ඩක් මතුරනකොට අර අංකල් අපේ කඩෙට ඇවිත් Phone එක තියලා ගියා, මට ඇරියා වගෙ:eek::eek:

    පොර කිව්වා කාටවත් සීන් එක කියන්න එපා, මල්ලි හින්දා තමයි කරලා දුන්නෙ කියලා,

    ඔය මට උන හොදම සිද්දි දෙකක්,

    පස්සෙ මට ආසවක් හැදුනා ඕවා ඉගෙනගන්න, පොත් එහෙම Order කරලා ගෙන්නගෙන වැඩේ පටන් ගත්තා, ඒත් ඔක්කොටම කලින් දිශ්ටියක් බන්දගන්න ඕන අංජනම් බලන්න, ඒ නිසා වැඩේ අතඇරියා.

    අපි විද්‍යාව කිය කිය ඕවා බොරු කියනවා, ඒත් ඇමරිකාව බිලියන ගනං සල්ලි වියදම් කරගෙන මේ ශාස්ත්‍ර ගැන research කරනවා, කවදා හරි උන් මේවට පේටන්ට් එකත් ගනි :(
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Anjanam dial eka seka sahithai

    sure 1tama anjanam karayage wadak :P

    ඔව් අංජනම් කාරය අවුරුදු තුනේ ළමයට කියනවා අනිත් ගමේ ගෙවල්වලට පෙන්න පයින් යන්න. කියල . ඊට පස්සේ උ කිලෝ මීටර් 15 ලමයව උස්සගෙන ගිහිල්ල ගල් තලාවට වෙලා ඉන්න කියනවා. ඊට පස්සේ කට්ටිය එනකල් ළමය එතනටම වෙලා ඉන්නවා.

    වෙන්න බැහැ නේද වැඩේ ?

    උඹ පිළිගන්න කැමති උනත් නැතත් මේ වගේ ශාස්ත්‍ර වල ඇත්තක් තියනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අංජනම් හරියටම හරියන වෙලාවල් තියෙනවා බං, ඒත් සමහර වෙලාවට හරියන්නෙ නැ, ඒ වෙලාවට කපුවො බොරු කියනවා, එකයි ඔය ශාස්තරෙ බල්ලට යන්නෙ.

    එක පාරක් අපේ තාත්තගෙ බඩු වගයක් දාපු බැග් එකක්, බයික් එකෙන් එන වෙලාවක වැටිලා හොයාගන්නම බැරි උනා, දෙපාරක් විතර ආයෙත් ගමන පටන් ගත්ත තැන ඉදන් මග දිගට බලන් ආවත් කිසිම හෝඩුවාවක් ලැබුනෙ නැ,

    නිකමට වගෙ අපි අදුරන කපු සීයා කෙනෙක්ලගට ගිහින් කිව්ම ඒ සියා බලලා කිව්වා පාලමක නමත් කියලා ඒ පාලම පහු කරලා ගියාම හම්බ වෙන ගරාජ් එකේ දොරෙ එල්ලලා ඇති පාර්සලෙ, කෙනෙක් ඇහිදලා එතනට ගෙනත් දීලා කියලා.

    අපිත් සෙට් එකක්ම ගියා එතනට හරියටම කියපු තැන කියපු විදියටම බඩු හැව්. :shocked: ඇහුවම කිව්වා පාරෙ වැටිලා තිබිලා දැකලා කෙනෙක් ඇවිත් මෙතන එල්ලලා ගියා කියලා :nerd:

    ---------------
    තවත් දවසක 2008 විතර මම අපේ කඩේ cashier හිටියා, ඒදා මම ලග තිබ්බෙ නොකියා color display phone එකක්. (ඒ දවස් වල ඒක ඉතින් ලොකු Phone එකක් )

    ඔහොම cashier එකේ ඉන්න වෙලාවක කවුරු හරි මගේ Phone එක උස්සලා තිබුනා ring කරලා බලනකොට off කරලා, ගොඩක් අය අවා ගිය හින්ද සැක කරන්න කෙනෙකුත් නැ,

    ලග ලග Phone කඩවලට ගිහින් කිව්වා මගෙ Phone එක උස්සලා කවුරු හරි විකුනන්න ආවොත් බලන්න කියලා. එත්කොට ඒ කඩෙක අය්ය කෙනෙක් කිව්වා යමංකො මම හොයලා දෙන්නම් කියලා. පස්සෙ පොර මට කිව්වා මල්ලි මම මන්තර කේස් පොඩ්ඩක් දන්නවා, ට්‍රයි එකක් දෙමුද කියලා, මූ මට කියලා බුලත් ටිකක් ගෙන්නගෙන මතුරලා කිව්වා, මල්ලි බය වෙන්න එපා Phone එක අරන් දෙන්නම් කියලා.

    මම කිව්වා දැන්ම ඕන කියලා (පොඩි එකානෙ), අය්ය කිව්වා උස්සලා තියෙන්නෙ වෙන කෙනෙක් නෙමෙයි අල්ල්පු Shop එකෙ මුදලාලි, ඒත් දැන් ඒක හංගලා තියෙන්නෙ මට තියෙන තැන නම් කියන්න බැ, ඒත් ඕන ම නම් මිනිහවම බන්දලා පෝන් එක ගෙන්නගමු කියලා

    එහෙම කියලා Phone එකේ charger එකයි, නුල් කැල්ලක් එහෙම අරන් අපි ගියා ඉස්සරහා Shop එකෙ උඩතට්ටුවට, පස්සෙ Phone කඩෙ අය්ය පොඩ්ඩක් මතුරනකොට අර අංකල් අපේ කඩෙට ඇවිත් Phone එක තියලා ගියා, මට ඇරියා වගෙ:eek::eek:

    පොර කිව්වා කාටවත් සීන් එක කියන්න එපා, මල්ලි හින්දා තමයි කරලා දුන්නෙ කියලා,

    ඔය මට උන හොදම සිද්දි දෙකක්,

    පස්සෙ මට ආසවක් හැදුනා ඕවා ඉගෙනගන්න, පොත් එහෙම Order කරලා ගෙන්නගෙන වැඩේ පටන් ගත්තා, ඒත් ඔක්කොටම කලින් දිශ්ටියක් බන්දගන්න ඕන අංජනම් බලන්න, ඒ නිසා වැඩේ අතඇරියා.

    අපි විද්‍යාව කිය කිය ඕවා බොරු කියනවා, ඒත් ඇමරිකාව බිලියන ගනං සල්ලි වියදම් කරගෙන මේ ශාස්ත්‍ර ගැන research කරනවා, කවදා හරි උන් මේවට පේටන්ට් එකත් ගනි :(

    :shocked::shocked::rolleyes:

    uba danna ewa thread ekaka dapanko
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    maara seen ekak ne ban. achchi ammath ehema athuru dahan wela thiyenawa kiyanne. parampara gath rogayak :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle vala DADALLE area eketh SOMADASA kiyala kenek innava, KANAPPUVA aviddhala horu hoyala denava.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඕව තමා බිස්නස්. හරක් වෑන් පිටින් බස් පිටින් එන්නෙ :lol: