The Best Actor JAGATH CHAMILA - Congratulation

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    149593598jaga-L.jpg


    නව පරපුරේ කුසලතාපූර්ණ රංගධරයෙකු වන ජගත් චමිල අමෙරිකවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවී තිබේ.

    අප රටේ රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය යයි සැලකෙයි.

    ශ්‍රී ලංකාව නියෝජනය කළ ජගත් චමිල සමග තවත් සිව්දෙනෙකු , එනම් ඩොමිනික් පසෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග්(අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් )ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් සම්මානය සඳහා නිර්දේශ වී තිබුණි.

    එහෙත් අවසානයේ " සැමීගේ කතාව " නම් නිර්මාණයේ කළ රගපෑම වෙනුවෙන් ජගත් ට ජාත්‍යන්තර නිව්යෝර්ක් සිටි සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මානය ලැබී තිබේ.


    src: adaderana

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි.............!!!
    අඩේ පට්ටම හැපිය............වෙන දෙයක් නිසා නෙවෙයි, ඩොමිනික් පෘසෙල් වගේ අසාමාන්‍ය රංග ප්‍රතිභාවකින් හෙබි රංගධරයෙක් පරදවන්න පුළුවන් නම් අයේ ඉතිං ලොවෙත් නැත..............

    මගේ ලංකාවේ නාමය තවත් දිදුලාවා..!!!!!!!!!!!!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ පාන්දරම sms ඇලර්ට් එක ආවා........ මිට කලින් ඔය සම්මාන උළෙලට ජගත් චමිල නිර්දේශ වුනා කියලා කිව්වම මටඅරනම් හිතුනා ශුවර් එකටම මෙය තමා දිනන්නේ කියලා.........

    සුභ පතනවා ලබපු ජයග්‍රහණයට........... :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජගත් චමිල කියන්නේ දක්ෂතාවය වගේම නිහතමානී රංගන ශීල්පියෙක්, ඇත්තට ජගත් වර්තමානයේ ඉන්න නලූ බට්ටන් අතරේ ඉන්න සැබෑම නලූවෙක්.

    ලංකාවේ නම බැබලවු ජගත් චමිලට මගේ සුභ පැතුම් ! !
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    වැඩකාරයට බොරු බැ .... පට්ට වැඩර් කෙනෙක්ට නියම තැන ලැබිලා ....
    හරි සතුටුයි ... ජය වේවා....