The Burried Truth (වළ දැමූ සත්‍ය)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරනු ලැබු යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නෙත් එෆ් එම් බැලුම්ගල සකස් කළ වාර්තා චිත්‍රපටය අද පළමුවරට ජාත්‍යන්තර ප්‍රදර්ශණයට එක් කරනවා. ඒ අනුව බි්‍රතාන්‍ය, අමෙරිකාව, ස්වීඩනය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද ප්‍රදර්ශණය කරනු ඇතියි.



    නෙත් එෆ් එම් බැලුම්ගල මෙම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයක්.

    මෙම වාර්තා චිත්‍රපටය ඉදිරියේදී තවත් විදෙස් රටවල ප්‍රදර්ශණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේද අවධානයට යොමු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරනු ලැබූ බව කියන යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජාත්‍යන්තරයේ බොහෝ අදහස් පළ වුවද එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරනු ලැබු යුධ අපරාධ සම්බන්ධයෙන් අදහස් පළ වන්නේ සීම සහිතවයි.

    ඒ අනුවයි එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරනු ලැබු යුධ අපරාධ ඇතුළත් මෙම වාර්තා චිත්‍රපටය නෙත් එෆ් එම් බැලුම්ගල විසින් නිර්මාණය කරනු ලැබුවේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර ගොං මයිනා හොරාකන්නයි, බයියන්ට සල්ලි දිදී ජෙප්පන්ට මඩ ගහන්නයි දැඟලුවා ඇරෙන්න ඔය වගේ වැදගත් වැඩක් කරේ නෑනෙ. ඒවත් වෙන මිනිස්සු කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: shenat