The Da Vinci Code (2006)

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    NA0ZtBj.jpg

    මම මේ කියන්න යන ෆිල්ම් එක 2003 වසරෙදි නිකුත් වී වැඩිම ආදායම් උපයපු “Dan Brown” කියන ලේඛකයා විසින් රචිත “The Da Vinci Code” කියන ප්‍රභන්ධ කතාව පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ලෝකේ විශාල ආන්දෝලනයක් ඇතිකලා. රෝමානු කතෝලික ආගමට අපහාස කලාය එම නිසා මෙම ෆිල්ම් එක නොබලා ඉන්නය කියල රෝමානු කතෝලික පල්ලිය ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් පවාකලා.
    කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්. අනිත් එක මගේ ප්‍රියතම නලුවෙක් ඉන්න නිසාත් වෙනස් ආරක කතා තේමාවක් අඩන්ගු නිසාත් මම හිතුව ඔයලත් මේ ෆිල්ම් එකට අසාවෙයි කියල.
    මේ කතාවෙන් කියන්න හදන්නෙ මරිය මග්දලේනා කියන කාන්තාව (අභිසාරිකාවක් කියල මිනිස්සු ගල් ගහල මරන්න හදපු වෙලවෙ ජේසු තුමා ඉදිරිපත් වෙලා කවදාවත් පාපයක් නොකරපු අයෙක් පලමු ගල ගසන්න කී නිසා මරනින් බේරුනු කාන්තව) ජේසු තුමාගෙ බිරිද බවත්, ඔවුන්ගේ දරුවන් රකින්න වෙනමම රහස් කන්ඩායමක් පත්කර ඇති බවත් (ලියනාඩෝ ඩාවින්චි, සර් අයිසැක් නිව්ටන් වික්ටර් හියුගෝ වගේ අය – ලියනාඩෝ ඩාවින්චිගෙ මොනලිසා වගේ චිත්‍රවල ඒ රහස් සන්විධනයෙ අය ගැන විස්තර රහස් සOකේත වලින් කියවෙනව කියලයි කියන්නේ) වර්තමනයෙත් ජේසු තුමාගෙන් පැවතෙන දරුවො ඉන්නා බවත්, ඒ අය ආරක්ශා කිරීමට පාරම්පාරිකව පත් කල අය ඉන්නා බවත්, ඒ මතය හෙලි උනොත් ඒකෙන් රෝමානු කතෝලික ආගමේ කියන විදිහට ජේසු තුමා ශුද්ධාත්මයක් ඇති කෙනෙක් කියන මතයට කැලලක් වෙයි කියන බයට පල්ලිය විසින් ජේසු තුමාගෙන් පැවත එන අයත් ඒ අයව ආරක්ශා කරන අයවත් හොයල විනශ කරන්න දරන උත්සහයත් ගැන තමයි මේ කතාව පුරා දිව යන්නෙ.

    https://thepiratebay.org/torrent/4321584/The.Da.Vinci.Code%5B2006%5DDvDrip%5BEng%5D-aXXo

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.wordpress.com/2009/05/25/the-da-vinci-code-2006-දන්න-දේට-වඩා-වෙනස්-යමක/
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay and IKL