The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+


    DCxMa.jpg


    [FONT=&quot]ඔන්න පොරොන්දු වුන විදියට පසුගිය වසර තුල ඉතාමත් සාර්තක වූ හින්දි චිත්‍රපට අතරින් එකක් අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වසරේ Filmfare සම්මාන සදහා නිර්දෙශිත වුන චිත්‍රපට මොනාද කියලා. ඒ නිර්දෙශිත නම් මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුලුවන්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා මම අද අරගෙන ආපු මේ චිත්‍රපටය. චිත්‍රපටයේ දිවෙන්නෙ 80 දශකයේ සිනමාවේ සිදුවුණු කතාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න මූලික හේතුව වුණේ මෙහි ප්‍රධාන චරිතය කරන Vidya Balan නිසයි. දැනටමත් ප්‍රධාන සම්මාන උලෙලවල් ගණනාවක ඇය හොදම නිලියට හිමි සම්මානය දිනාගෙන ඉවරයි. එ වගේම මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය වෙලාත් තියෙනවා. මට හිතෙන විදියටනම් Filmfare සම්මානත් බොහෝ විට මෙම චිත්‍රපටයට සහ Vidya Balan ට යන්න ඉඩ තියෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙන්න මෙහෙමයි කතාව කෙටියෙන්. පලමුවෙන්ම කියන්න ඕන චිත්‍රපටය හදලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ හිටපු සරාගී නිලියක් වුණු Silk Smitha ගේ චරිතය ඇසුරු කරගෙනයි. ඇයගේ චරිතයම විතරක් නෙවේ තවත් දකුණු ඉන්දීය සිනමාවේ හිටපු සරාගී නිලියන් කිප දෙනෙක් සහ ලෝක ප්‍රසිද්ධ මැරිලින් මොන්රෝ ගේ චරිතයගෙනුත් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන තියෙනවා මේ කතාවට. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කතාව මෙහෙමයි. රේශ්මා කියන්නේ හරියටම කියනවානම් නිලි පිස්සුව ඔලුවට ගහපු කෙනෙක්. ඇය චෙන්නායි වල ජීවත් වෙන්නේ. ඇයව කසාද බන්දලා දෙන්න සියල්ල සුදානම් කරලා තිබෙන අතරතුර කසාදෙට කලින් දවසේ ඇය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහින් ඇය චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැසිලා චරිතයක් ඉල්ලනවා. ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නෑ. ඔය අතර ඇයට චිත්‍රපටයක සහාය නැටුමකට අවස්ථාව ලැබෙනවා. රේෂ්මා මොකද කරන්නේ දන්නවද… ඇයට ලැබුන චාන්ස් එකෙන් නටන්න තියෙන නැටුම වෙනුවට ඇය සරාගී දර්ශනයක් කරනවා. කොහොමහරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ඒබ්‍රහිම් මෙම දර්ශන අයින් කරලා චිත්‍රපටය තිරගත කරනවා. චිත්‍රපටය අසාර්ථක වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔය අතරතුර චිත්‍රපටය නිෂ්පාදනය කරපු සෙල්වා ගනේෂ් දවසක් දකිනවා රෙශ්මා කරපු අර රංගනය. ඔහු ඇයව තමාගේ චිත්‍රපට වලට ගන්න හිතනවා. ඔන්න ඔහොමයි රේශ්මාට රගපාන්න චාන්ස් එක ලැබෙන්නේ. ඇයගේ නම එදා පටන් Silk වෙනවා. ඉතිං මම කතාවම කියන්න යන්නේ නෑ. එදා ඒ පටන් ගත්ත සරාගී රන්ගනය නිසා ඇය ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරන චරිතයක් වෙනවා ඇය. ඇත්තම කියනවානම් විද්‍යා බාලන්ගේ රංගනය නමේ විදියටම හරිම Dirty. සමහර වෙලාවට හිතාගන්න බෑ සම්මානනිය නිලියක් මෙහෙම රගපානවද කියලා. ඇය ඒ තරමටම සරාගීව රංගනය ඉදිරිපත් කරනවා. ඇත්තටම ඇය ඉතා දක්ෂ නිලියක්. ඇය ඔප්පු කරා ඕන චරිතයක් ඇයට කරන්න පුලුවන් කියලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 දෙසැම්බර් මස 02 වෙනිදා එනම් Silk Smitha ගේ උපන්දිනය යෙදුනු දවසේ සිටයි. ඉතාමත් සාර්තක ලෙස තිරගත වන ආදායම් වාර්තා බිදපු චිත්‍රපටයක්. රංගනයෙන්, [/FONT]Vidya Balan, Naseeruddin Shah, Tusshar Kapoor, Emraan Hashmi යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය Milan Luthria විසින්, නිෂ්පාදනය Ekta Kapoor විසින්. චිත්‍රපටයේ මනරම් සංගීතය Vishal - Shekhar විසින්. මෙහි එන ගීතයක් වන Ooh La Laදැනටමත් සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා.

    උපුටා ගැනීම



    මෙන්න ඒකත් පොඩ්ඩක් බලන්නකෝ.





    එහෙනම් මේතනින් බාගන්න

    nkkuQ.gif

    Part 1

    http://www.mediafire.com/?8ybkai0kn139ntm
    Part 2

    http://www.mediafire.com/?3llbo1wiumcfto2
    Part 3

    http://www.mediafire.com/?k48rgm8xydt2pfl
    Part 4

    http://www.mediafire.com/?j61rjly18xkt1uj

    Password
    tinymoviez.com



     
    • Like
    Reactions: Xcluzive89

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඔයාලා දන්නවානේ මේ චිත්‍රපටයට ෆිල්ම්ෆෙයාර් සම්මාන ලැබුණා. සම්මාන සදහා නිර්දේශ වුන චිත්‍රපට සහ සම්මාන දිනාගත් චිත්‍රපට මොනාද කියලා වැඩි විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඒ වගේම ඒ චිත්‍රපට වල පොඩි විස්තරයක් එක්ක බාගන්නත් අවස්තාව තියෙනවා.

    Capture.JPG



    මෙන්න මෙතනින් බලන්න ඒ සේරම.