The Eagle's Viewpoint - ශාන්තිපුර (ලංකාවේ උසම ගම) | 2025-02-08 සෙනසුරාදා.
ශාන්තිපුර මීට කලින් තිබ්බ වීව් පොයින්ට් එකට මම ගිහින් තියනවා. එහි තිබ්බ එක අයින් කරලා අලුතින් හදපු මේ Eagle's Viewpoint එක පසුගිය ජනවාරි මාසේ 26 විවෘත කලේ.. ඉතින් ලංකාවේ කොහෙ හරි අලුත් ස්ථානයක් විවෘත උනාම ඉක්මනින්ම ඒක බලන්න යන පුරුද්දක් මට තියන නිසා මේ අලුත් Viewpoint එක බලන්න යන්න හිතුනා... ඉතින් උදේ 5 ට ගෙදරින් පිට වෙලා බස් එකක ගිහින් උදේ 5.25 ට කිරිබත්ගොඩ ඇවිත් පාර පැනලා. හොල්ට් එකේ හිටියා, නුවරඑළිය යන බස් එකක් එනකන්. මේ වෙලාවට CTB බස් එකක් හා AC Rosa බස් එකක් එනවා. මුලින් එන එකේ නගිනවා. උදේ 5.32 නුවරඑළි යන AC Rosa බස් එක ආවා. ඒ බස් එක උදේ 5.15 ට කොළඹින් එන්නෙ. මම බස් එකට නැගලා වාඩි උනා. රු.1160/- ටිකට් එකක් ගත්තා නුවරඑළියට. රම්බඩ උමගත් පාස් කරලා 9.15 ට බස් එක රම්බඩ තේ බොන්න නැවැත්තුවා. මම කෙටි කෑම කීපයක් අරන් කෑවා. බීම බිව්වා. 9.30 ට බස් එක ආපහු ගියා. ගූගල් මැප් බලන්, මම නුවර එළියටම නොයා, උදේ 10.10 ට ශාන්තිපුර ගමට යන පාර ලගින් බැස්සා. පාර පැනලා බස් එකක් එනකන් ඉන්නෙ නැතිව, View Point එකට මෙතැන් සිට කි.මි 2 ක දුරක් තියන නිසා, වටපිට බලබල කදුකර, තියුනු වංගු සහිත පාරේ පයින්ම ගියා. 10.35 වෙද්දි මම ඊගල් විව් පොයින්ට් පිවිසුමට ආවා. ටිකට් කවුන්ටරේට ගියා. මගේ NIC නම්බර් එක හා ෆොන් නම්බර් එකත් අහලා QR Code එකක් සහිත පොඩි ටිකට් එකක් දුන්නා. ටිකට් එක රු.300 යි. ඒ ටිකට් එක Scan කරලා ඇතුලට යන්න දුන්නා. පඩිපෙල් දිගේ උඩට ගියා. පළමු මහලෙ Barista අවන්හලකුත් තිබ්බා. එතනින් ඉහලට යන්න ආපහු ටිකට් QR එක Scan කරගන්න ඕනා. ඊලග මහලෙත් තේ අලෙවිකරන ලස්සන අවන්හලක්/ ශොප් එකක් තිබ්බා. වීව් පොයින්ට් ඉහලටම ගිහින් අවට සිරි නැරඹුවා. පොටො වීඩියො කලා. (පහල ලින්ක් එකෙන් කෙටි වීඩියෝව බලන්න) තවත් සෙනග ගොඩක් ඇවිත් හිටියා. නුවරඑළිය නගරය අවට, ග්‍රෙගරි වැව, පිදුරුතලාගල කන්ද පැහැදිලිව දැක්කා... පැයකට වැඩි කාලයක් එහි ගත කරලා, ආපසු පිටවෙන්න. අතුරු පාර දිගේ මහ පාරට ගියා. පාර පැනලා බස් හෝල්ට් එකේ හිටියා. ටික වේලාවකින් ආපු ශාන්තිපුර රෝසා බස් එකේ නැග්ගා. රු.60 ටිකට් ගත්තා නුවරඑළියට. විනාඩි 15 කින් පසු නුවරඑළිය බස්ටෑන්ඩ් එකට ආවා. බස් එකෙන් බැහැලා, පාර පැනලා. පෝස්ට් ඔෆිස් පැත්තෙත්, අවටත් ඇවිද්දා. දවල්ට කෑවා. මීට මාස කීපයකට කලිනුත් නුවරඑළි ඇවිත් නැවතිලත් ඉදලා ගිය නිසා, අද මෙහෙ නවතින්නෙ, ඇවිදින්නෙ නැතිව, ආපහු ගෙදර එන්න බස් ටෑන්ඩ් එකට ගියා. වැලිමඩ -කොළඹ බස් එකක් තිබ්බා. ගිහින් වාඩි උනා..රු.825 ටිකට් ගත්තා කිරිබත්ගොඩට. දංඕවිට තේ බොන්න නවතා ආපහු ගියා. හවස් වෙද්දි කිරිබත්ගොඩ බැස්සා. ගෙවල් පැත්තෙන් යන 236 මාබිම බස් එකේ ඇවිත් රෑ..7.30 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම ලිව්වා.
.
* කිරිබත්ගොඩ - ශාන්තිපුරට යන පාර ලගට AC Bus : පැය 04 විනාඩි 30 | ටිකට් රු.1160/-
* ශාන්තිපුරට යන පාර ලග - View Point පයින් : විනාඩි 25
* View Point - නුවරඑළිය Bus : විනාඩි 15 | ටිකට් රු.60/-
* නුවරඑළිය - කිරිබත්ගොඩ Semi Lux Bus : පැය 05 විනාඩි 15 | ටිකට් රු.825/-
* වියදම : රු.3000 ක් විතර
.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.