The Last Stand - 02

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113




    මේ වීඩියෝ එක ප්‍රෝ-රුසියන් ටෙලිග්‍රෑම් චැනල් එකක දාලා තියෙන්නේ සෑහෙන්න කාලෙකට කලින්.රෙකෝඩ් කරලා තියෙන්නේ ඩ්‍රෝන් එකකින්.හුගක් වෙලාවට DJI වගේ චීන බඩුවකින් තමයි.

    o4rsOok.jpg

    රුසියන් විශේෂ බලකා සෙබලෙක් චීන DJI ඩ්‍රෝන් එකක් කන්ට්‍රෝල් කරමින්

    කියන විදියට උඩ වීඩියෝ එකේ ඉන්නේ යුක්‍රේන් සයිඩ් එකේ දෙන්නෙක්.මොවුන් දෙන්නා යුක්‍රේන හමුදාවේ සෙබලු දෙන්නෙකුට වඩා කුලී හේවායෝ වෙන්න පුලුවන් බව සාක්ෂි තියෙනවා.ඒ ගැන පස්සේ බලමු.දැන් යමු කතාවට.

    හුගක් අයට මේ වීඩියෝ එකේ පැහැදිලි පිළිතුරක් නැති ගැටලුවක් තියෙනවා.

    වීඩියෝ එක පටන් ගන්නේ ලඳු කැලෑවක් වගේ භූමියක වැතිරිලා ඉන්න සන්නද්ධ පුද්ගලයෝ දෙන්නෙක් එක්ක.එතනින් එකෙක් තුවාල වෙලා කියලා පේනවා.අනිකා තමන්ගේ තුවාල වුන සගයා දලා නොයන එකෙක් වගේ පේනවා.


    0uM7QBp.png



    00:50 මෙතනදී එකෙක් ලදු කැලෑව දෙසට වෙඩි තියෙන බව පේනවා.වීඩියෝවේ කියන විදියට මේක රැක සිට පහර දීමක්/ Ambush එකක්.බොහෝ විට මේ ඇම්බුස් එකෙන් බේරුණ යුක්‍රේන් සයිඩ් එකේ දෙන්නෙක් තමයි මේ ඉන්නේ.

    ඔවුන් දෙන්නා බොහොම අමාරුවෙන් පසුබහිමින් ඉන්නවා.තුවාලකාරයා එක්ක පසුබහින වේගය සෑහෙන්න බාල කරලා තියෙනවා කියලත් පේනවා.මොකද ඔහුට ඇවිද ගන්න අමාරු නිසා.

    බොහෝ වෙලාවට මෙහෙම අවස්ථාවකදී සාමාන්‍ය සෙබලෙක් නම් කරන්නේ තමන්ගේ ජිවිතය බේරගන්න පලා යන එක.එකේදී ඔවුන් තුවාලකාරයන් ගැන තැකීමක් කරන්නේ නෑ.එහෙම කරන්නත් බැහැ.

    නමුත් මෙතනදී අනික් කෙනා තුවාලකාරයා අතහැරලා යන බවක් පේන්නේ නෑ.

    01:07 මෙතනදී පේනවා ඔවුන් දෙන්නා ගාව රයිෆල් තුනක් තියෙනවා කියලා.එකක් තුවාලකාරයා ගාවත් අනික් දෙක හිටගෙන සිටින ඔහුගේ සගයා ගාවත්.

    දන්න විදියට හමුදාවේ සෙබලෙකුට නිකුත් කරන්නේ එක රයිෆලයක් විතරයි.ඒක නැති කරගත්තොත්,ඒකත් දඩුවම් තියෙනවා.මේ කියන්නේ සටනකදී රාජකාරි අවිය නැති වීම ගැන නෙමෙයි.

    ඔවුන් දෙන්නා දිහාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙන්නේ නෑ කියලා පේනවා.ඒ කියන්නේ ඔවුන්ගේ සතුරු පාර්ශ්වය පිරිස් බලයෙන් සහ වෙඩි බලයෙන් අඩුයි කියන එක.

    01:21 මෙතන ඉදලා ඔවුන් දෙන්නට යන්න වෙන්න කපොල්ලක් වගේ විවෘත කෙටි භූමියක් හරහා.නමුත් තුවාලකාරයා වේගය බාල කරනවා.


    eaVJcAz.png


    මේ වෙද්දී තුවාල කාරයා තමන්ගෙ රයිෆලයක් අතහැර දණ ගාගෙන යන්නේ.රයිෆල් තුනම දැන් ඔහුගේ සගයා ගාව.

    දැන් ඔවුන් විවෘත භූමිය තරණය කරමින් ඉන්නේ.තුවාල කාරයට පිටුපසින් ඔහුගේ සගයා එන්නේ.එක වරම තුවාලකාරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා.

    02:15 මෙතනදී බඩ ගාගෙන යන තුවාලකාරයාගේ හෙල්මට් එකේ වෙඩිල්ලක් වදිනවා.

    ඉන්පස්සේ ඔහුගේ සගයා වෙඩි ප්‍රහාරය එල්ල වුන දිශාවට වෙඩි තියෙනවා.

    ඇත්තම යුද්ධය,පෝන් එකේ ,කොම්පියුටර් එකේ කරන වීඩියෝ ක්‍රීඩා වගේ නෙමෙයි.ඩ්‍රෝන් එකක පිහිටක් නැත්නම් සතුරා ඉන්නේ කොහෙද කියලා හරියට අනුමාන කරන්න බෑ.හුගක් වෙලාවට සෙබලු කරන්නේ වෙඩි සද්දේ එන දිහාව වෙඩි තියෙන එක.

    නමුත් ස්නයිපර් කෙනෙක්ගේ වැඩේ මීට වඩා ලේසියි.එහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ.ඔවුන් දෙන්නා දැන් රුසියන් ස්නයිපර් වෙඩික්කාරයෙක්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ.කරන්න තියෙන්නේ හැකි ඉක්මණින් ආවරණයක් හොයාගන්න එක.නමුත් ඔවුන් ඒකට ප්‍රමාද වැඩියි.

    ඔතනින් ඉදිරියට සතුරු පාර්ශ්වයෙන් එල්ල වෙන වෙඩි ප්‍රහාරවල ඉම්පැක්ට් එක බලා ගන්න පුලුවන්..

    03:00 නිරුපද්‍රිතව ඉන්න කෙනා මෙතනදී තුවාලකාරයාව ඇදගෙන යන්න උත්සාහ කරනවා.

    03:12 ඔහුත් අවසානයේදී සතුරු වෙඩිල්ලක ඉලක්කයක් වෙනවා.වෙඩිල්ල ඔහුගේ පපුව දිහාවට වදින්න ඇති කියලා හිතන්න පුලුවන්.

    03:15 මෙතනදී ඔහුගේ ඇගෙන් දුමක් එන්න පටන් ගන්නවා..මේ සිද්ධිය තමයි හුගක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණේ.ඉස්සරහට මේ දුම වැඩි වෙලා ගින්නක් බවට පත් වෙනවා.

    03:39 දුම් නැගීම වේගවත් වෙනවා.

    ක්‍රමයෙන් එය ගින්න බවට පෙරලෙනවා.

    දුමට සහ ගින්නට හේතුව මොකක්ද?මේවා තමයි අනුමාන.

    1.ස්නයිපර් උණ්ඩයක් ඔහුගේ පපුවේ රදවා තිබූ පතරොම් කොපුවක වැදී ගිනි ගැනීම

    2.ස්නයිපර් වෙඩික්කරුවාගෙන් බේරීමට දුම් බෝම්බයක් ක්‍රියාත්මක කිරීම.නමුත් ඔහුගේ අතට වැදුණු වෙඩි පහර නිසා බෝම්බ විසි කිරීම නොහැකි වීම.

    3.දුම්බෝම්බයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම.

    4.විශේෂ ස්නයිපර් උණ්ඩයක් නිසා


    තමන්ගේ කැමැත්ත අනුව මේ ඕනේ හේතුවක් ගන්න පුලුවන්.

    මෙන්න තවත් අනුමානයක්..

    මේ ඉන්නේ යුක්‍රේන හමුදාවේ සෙබලුන් නෙමෙයි ,කුලි හේවායෝ...

    කොහොමද එහෙම කියන්නේ?

    1.ඔවුන් සතුව වෙපන් කිහිපයක් තිබීම.AK47 වගේ රයිෆල් තමයි හුගක් වෙලාවට මේ වගේ කන්ට්‍රෑක්ටර්ස්ලාට දෙන්නේ.

    2.හමුදා සෙබලුන්ට නිකුත් කරන බූට්ස්වලට වඩා වෙනස් සත්තු පැලද සිටීම.ස්පෝට්ස් වගේ සපත්තු පැළඳ සිටීම පහසුවක් ..

    3.තම සගයා හැර නොයාම.රුසියන්ද යුක්‍රේන්ද කියලා තුවාලකාරයා අතහැරලා දාලා යන එක සාමාන්‍ය දෙයක් හමුදා දෙකටම.ඒත් මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නෑ.

    4.යටත් නොවී දිවි නසා ගැනීම.අත්බෝම්බයක් පත්තු කරගෙන ජීවිතේ නැති කර ගන්න ගත් උත්සාහයේදී මේ ගින්න පටන් ගත්තා කියන අනුමානය එක්ක ගියොත් මේ කාරණය හරි වෙන්න පුලුවන්.

    හමුදාවක සෙබලෙකුට නම් යුද සිරකරුවෙක් වුනොත් නීතියෙන් පිහිටක් හරි තියෙනවා.ඒත් කුලී හමුදාවල අයට පණ පිටින් අහුවුනොත් ගැලවීමක් නෑ.ඒ කියන්නේ හිරකරුවන් හුමාරුවකට වත් සහභාගී වෙන්න නීතියෙන් ඉඩක් නෑ.හුගක් වෙලාවට ජීවිතාන්තය දක්වා හිර දඩුවම්,නැත්නම් මරණ දඩුවම.

    අන්න ඒ නිසා ඔවුන් යටත් නොවී දිවි නසා ගන්න උත්සහා කලා කියලා කාට හරි අනුමාන කරන්නත් පුලුවන්.



    --------------------------------------
    ගින්නට හේතුව දුරකතනයක් වෙන්නත් පුලුවන්.

    යුක්‍රේනේ බේරගන්න ආපු හුගක් බටහිර රටවල ඈයෝ ටික්ටොක් වගේ ඇප්වලින් වීඩියෝ ක්ලිප් දිදී ආතල් ගන්නවා දැකලා ඇතිනේ.මොවුන් ගාව අනිවාර්යෙන්ම පෝන් තියෙන්න ඕනේ.පෝන් එකට වැදුනා වෙඩිල්ලක්.බැටරිය ගිනි ගත්තා.ඒත් පෝන් එක තමන්ගේ ඇදුමෙන් අයින් කරගන්න ඒ හාදයට බැරි වුනා.ඊට කලින් ඔහුට වැදුණ වෙඩිල්ල මාරාන්තික එකක් වුනා නිසා එහෙම කරගන්න බැරි වෙන්නත් ඇති.

    මේ වීඩීයෝ එකේ ඉදලා බලන්න.ඒ දුමයි ගින්නයි.කතා කරන සිද්ධියේ දුමයි ගින්නයි අතර සමානකම් පේනවා.


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මුලින් තුවාලවෙලා හිටපු එක්කෙනාගෙ ඔළුවට වෙඩි වැදිලත් පණ තියෙනවනේ?
    හෙල්මට් නම් ස්නයිපර් රවුඩ් එකකට ඔරොත්තු දෙන්නේ කලාතුරකින්.මුගේ වාසනාවට වදින ඈන්ගල් එක මාරාන්තික නොවෙන්න ඇති කියලා තමයි හිතන්න වෙන්නේ.

     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    deshapaluwange uddachcha wada nisa nikan minissu marenwa :(
    මහල්ලෝ ගින්න අවුලෝනවා තරුණයෝ ගින්න අරගෙන දුවනවා.අන්තිමට ඔක්කොම ගිනි අරන්..


    උබලට ඕවා ඇනලයිස් කරන්න වෙලාවක් තියද බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    උබලට ඕවා ඇනලයිස් කරන්න වෙලාවක් තියද බන්
    උඹට තියෙන්නේ කියවන්න..අපි ඇනලයිස් කරන්නම් :P
     
    • Like
    Reactions: NRTG