මේක Meme එකක් නං නෙවෙයි එත් කියවන්න ආතල්
තුන්වෙනි ලෝක යුද්ධය සඳහා ටසිරිලංකාවේ සූදානම !
1)One-Shot Iyoow පොකුරු මිසයිල පද්ධතිය.
ටසිරිලංකා සන්නද්ධ හමුදාවන්ට අලුතින්ම එක්වූ මෙම මිසයිලයකින් විවිධාකාරයේ ඉලක්ක කිහිපයක් වෙත එකවර පසුපසින් (backside) ප්‍රහාර එල්ල කර සතුරා විශ්මයට පත් කිරීමේ හැකියාව පවතින අතර මෙය පතිතවන කේන්ද්‍රයද ඉන් බොහෝ ඈතින් පිහිටි මර්මස්ථානද විනාශ කිරීමේ හැකියාවෙන්ද සන්නද්ධය. මේ සඳහා ඉලක්ක සොයාගන්නේ දුරකතන සංඥා හරහා නිසා සතුරාගේ සමීපයටම නිරවද්‍යව ගමන් කළ හැකිවීම සුවිසේෂී ලක්ෂණයකි.
මේ මිසයිල ( සුරතල් නාමය - බබා මෝටාර් ) ප්‍රවාහනය උදෙසාම ඉංජිනේරු බලකාය මගින් Ramana - Yaka - 01 නම් විශේෂ මිසයිල විදිනය නිශ්පාදනය කර ඇත.
2)කොලොන්නාවේ නිශ්පාදිත HIRU වර්ගයට අයත් සන්නාහ සන්නද්ධ ඩිෆෙන්ඩර් බලකාය.
මෙය GO- TA 2020 සන්නද්ද සුදුවෑන් රථ විශ්‍රාම යාමෙන් පසු සංග්‍රාම භූමියේ සතුරන් මර්දනය සඳහා යොදා ගැනුනා..
දැන් ලෝක යුද්ධයට මුහුණ දීමට සන්නද්ධ සුදුවෑන් රථ නැවත කැඳවා තිබෙනවා.
( ප්‍රධාන අවිය - Wedi Tiyana ApE Wiruwa - WTAW හිකි හිකි තුවක්කුව. )
3) PU-Ta-Naan 47 ප්‍රහාරක හෙලිකොප්ටරය.
ඕනෑම දුෂ්කර ස්ථානයකට ඉතා අවම පහසුකම් සහිතව ක්ෂණිකව ළඟා වී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම ආයුධය සකසා ඇත. ඒ දණ්ඩක් මතට හෝ ගොඩබෑමේ සමබරතාවයක් සහිත මෙම හෙලිකොප්ටරය ඕනෑම රාත්‍රියක සතුරාගේ දෙපතුල සමීපයටම ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතියි.
මෙම යානයක Arya න්‍යෂ්ඨික යුධ ශීර්ෂ සහිත රොකට් ගෙනයන අතර එක බොත්තමකින් යානයත් මිසයිලයත් සතුරාත් සමග සියල්ලම සුණු විසුණු කරයි. මේජර් ප්‍රේම් SJ මෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා වන අතර සංග්‍රාමභූමියේ වික්‍රමයන්ට උපහාර පිණිස රණශූර සදාලෝකපූජිත ජනාධිපති වර්ණ ලැබූ එකම බලකාය වේ.
4) RWkS-Unp ගුවන් යානා ප්‍රහාරක න්‍යෂ්ඨික යුධ නෞකාව.
කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ නිශ්පාදිතය.
වසර 30 ක් හෝ ඊට අධික කාලයක් එක් ඉන්ධන පිරවුමකින් විශ්‍රාම නොගෙන සේවය කිරීමට හැකියාව පවතියි.
එය Man-Gala, Sa-Gala, Ma-lik, A-කිලර්, ආදී වූ කෲස් මිසයිල දසලක්ෂයක වෙඩි බලයකින් ද සමන්විතයි.
5) HI-TAN - 225 අන්තර් ග්‍රාමසේවාවසම් බැලස්ටික මිසයිල පද්ධතිය.
සතුරා විශ්මයට පත් කරමින් Mi-3 රොකට් මගින් Laughing Gas ප්‍රහාර එල්ල කර, ඒ අතරතුර අනෙක් සේනාංකවලට සතුරා වෙත ළඟා වීමේ අවස්ථාව උදාකර දෙයි.
6) ශ්‍රී ලංකා පොලීසියේ නිශ්පාදිත An - Tare ජලකර ප්‍රහාරක රථ. සතුරු භූමියේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා බිඳහෙලීම සඳහා අධිපීඩන ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් රසායනික ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා අතර මෙය ලෝකයේ ඇති එවැනි එකම ආයුධය වෙයි.
7) H-RIN වර්ගයට අයත් බදුල්ලේ නිශ්පාදිත ගූගල් ලූන් ප්‍රහාරක බැලූන.
දීර්ඝ කාලයක් තිස්සේ සතුරු භූමියට ඉහළ අභ්‍යාවකාශයේ රඳවා තබා අවශ්‍ය වූ විට දුරස්ථව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව පවතියි. තවම අත් හදා බලා නැත.
8) ජෛවරසායනික රහසිගත අවි -
තනපට, කොත්තු, සීට් කවර සහ කිරි මගින් සතුරා වඳ කිරීම ආදි ජීව විද්‍යාත්මක ප්‍රහාර එල්ල කරන ආයුධයකි. දුබල සේනාව. මහසෝං බලකාය, රාවණා, සිංහලේ, යන රෙජිමේන්තු මෙයට දායකත්වයක් ලබා දී ඇත.. ඒ වගේම සන්නද්ධ සටන් වලදී ඉරාන ඇමරිකානු හමුදා වලට එරෙහිව සටන් වැදිය හැකි දේශීය අංගම් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිල්ලි හූනියම්, බලි,කනප්පු, වලින්ද ශක්තිමත්ය. මේජර් G.නසාර , ලුතිනන් දුටුගැමුණු ප්‍රියසාද්, හා බුද්ධි අංසය සඳහා බ්‍රිගේඩියර් B නාලක අණදෙනු ලබයි.. මෙයට යම්කිසි අභියෝගයකට ඇත්තෙ ඉන්දියානු හමුදාව පමණි.
9) දිගුදුර විහිදුම් පැරෂුට් භට ඛණ්ඩය
3 දෙනෙකුගේ කුඩා කණ්ඩායම් වලින් සතුරු නගර වල උස් කුලුණු මතට නැග එයින් නගර මැදට පැන මරාගෙන මැරෙන ප්‍රහාර සිදුකරයි. AKD3 මැෂින් තුවක්කු වලින් සන්නද්ධය. "ජයග්‍රහණය තෙක්" (Till win ) යන්න ඔවුන්ගේ තේමා පාඨය වෙයි.
10) බලාකලකාය -
රටත් දැයත් එක්සේසත් කිරීම සඳහා අනුපමේය සේවයක් කරන ලද පසුව විශ්‍රාම සුවයෙන් කල් ගෙවා නැවත සේවයට කැඳවූ මෙම බලකාය රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදාගනියි. මේජර් A කමලනාත් , කොමදෝරු වේරලියැද්ද , සාමාන්‍ය සෙබල පිංපොං , බලඝණ නායිකා A දමයන්ති මෙනවිය ප්‍රමුඛ .
11) මූල්‍යාරක්ෂා බලකාය.
මහබැංකු ප්‍රහාරය, පර්පචුවල් සටන , රවි අපාර්ට්මන්ට් පාවාදීම ඇතුළු සංග්‍රාම භූමියේ සුප්‍රසිද්ධ සටන් වලදී විශිෂ්ට සේවයක් රට වෙනුවෙන් ඉටු කරන ලද බලකායකි. සතුරු භූමියට ගොස් ඔවුන්ගේ ආර්ථිකය හා සැපයුම් විනාශ කරමින් යුද්ධය සඳහා අවශ්‍ය මූල්‍ය හැකියාව විනාශ කර දමන උපක්‍රමික සංග්‍රාමික අවියකි.
මෙහි ප්‍රධාන අණ දෙන නිලධාරී ලෙස මේජර් ජෙනරාල් වික්‍රමසිංහ R කටයුතු කරන අතර සෙසු නිලයන් වන්නේ බ්‍රිගේඩියර් කරුණානායක RVI, ලුතිනන් සේනසිංහ SJV , කොමදෝරු මහේන්ද්‍රන් ARJ බලගන නායක ඇලෝසියස් ARJ යන රණ විරුවන් ය.
12) සුප්‍රීම් සැට් අන්තර් අභ්‍යාවකාශ රොකට් සහ චන්ද්‍රිකා තාක්ෂණ පද්ධතිය
මෙමගින් සතුරු භූමිය අධිතාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීම දත්ත ලබා දීම විශ්ලේෂණය කිරීම හා ඒවාට ප්‍රහාර එල්ල කිරීම සිදුකරයි.
Chi-chi මිසයිල සහ , ro-HIT අධිතාක්ෂණික ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියද මෙයට අයත් වේ.
13) One man army
ඉහත සියළු සංග්‍රාමික සන්නද්ධ සහ බුද්ධිමය ගුණාංග වලින් සමන්විත තනි පුද්ගල හමුදාවක් ලෙස සැලකෙන මිනිස් ආයුධ කිහිපය ටසිරිලංකාව සතු වටිනාම යුධෝපක්‍රමය වෙයි. ඉන්දියාවට rajni kanth, ඇමරිකාවට ආනෝල්ඩ්, ජොන් වික්, චක් නෝරිස් මෙන් ටසිරිලංකාවේ තනි පුද්ගල හමුදාවන්.
ජෙනරාල් Senaratne CTR ( විශ්වයේ අංක 01)
ජෙනරාල් Ramana Yaka R ( නිර්වස්තෘ One-Shot Iyoow පොකුරු මිසයිල පද්ධතිය.)
ජෙනරාල් Weera wansa WM ( බටහිර කුමණ්ත්‍රණ යුධ විශේෂඥ )
#ww3
ටසිරිලංකා යුධ පුවත් වාර්තාකරු
- චමල් අකලංක පොල්වත්තගේ