ජංගම දුරකථනයට අවුරුදු 40 යි
ජංගම දුරකථනය හඳුන්වා දී ඉකුත් 03 වැනිදාට වසර 40 ක් සම්පූර්ණ විය.1973 අප්‍රේල් 03 වැනිදා මෝටරෝලා ආයතනයේ සේවක මාටින් කූපර් නිව්යෝක්‌හිදී මෝටරෝලා ජංගම දුරකථනයකින් ගත් ඇමතුම පළමු ජංගම දුරකථන ඇමතුම ලෙස ඉතිහාසගතවී ඇත.
එම ජංගම දුරකථනය අඟල් නවයක් උස වූ අතර පැය දහයක් ආරෝපණය කළ යුතුවිය. එහි බර කිලෝවකට වැඩිවිය.
වර්තමානයේ 85 හැවිරිදි වියේ පසුවන කූපර් ජංගම දුරකථනයේ පියා ලෙස සැලකේ.ජංගම දුරකථනය මනුෂ්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බව කූපර් කියයි.
එදා පළමු ජංගම දුරකථනයේ වටිනාකම පවුම් 2300 ක් විය.

