The Path To Freedom

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
42277691jf0.jpg
 
supun75

Member
Sep 18, 2007
4,425
23
0
Yes this is 100% true.
Most of our fellow Buddhists believe that they have to wail till Lord Maithree Buddha to attain Nirvana.
But if u follow this path u can certainly attain nirvana.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මෙතන සෝතාපන්න කියලා තියෙන්නෙ 'සෝවාන් වීම' කියන එකට...

සෝවාන් වෙන්නෙ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 නැතිකරාම

(සත්ත්වයා සසර බැද තබන සංයෝජන 10න් පළවෙනි 3)

සෝවාන් වීමේදී ඕරම්භාගිය සංයෝජන ඔක්කොම නැතිවෙන් නෑ....5න් 3යි නැතිවෙන්නෙ...
 
sudunone

Member
May 23, 2009
3,781
121

hari hari. bohoma pin.
ethakota sanyojana kiyanne sasarata bandennata hethu wena karana.

orambhagiya sanyojana kiyala kiyanne pancha upadanaskandha walatamada?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ මාර්ගයේ ගමන් කරන කෙනා මුළින්ම ශ්‍රද්ධානුසාරී වෙන්න ඕනෙ. ඊට පස්සෙ ධම්මානුසාරී වෙන්න ඕනෙ- ඒ කියන්නෙ හැකි පමණින් ධර්මය ජීවිතයට සමීප කර ගන්න ඕනෙ.
ඊට පසුව තියෙන්නෙ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි සහ අරහත් මාර්ග සහ ඵල.

රථූපම සූත්‍රයේ දැක්වෙනවා මෙහෙම: නිතර කරුණු 3ක් පුරුදු කරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත් වූ සතුටින්, සොම්නසකින් වාසය කරයි. කෙළෙසුන් මුළිනුපුටා දැමීමේ හැකියාව ඔහු තුල ඇති වේ. ඒ කරුණුනම්

  1. ඉන්ද්‍රියයන් මනා කොට රැක ගැනීම (ඒ කියන්නෙ නාන, හෝදන එක නෙවෙයි:P-ඇස, කණ,නාසය, දිව, කය මනස හරි විදිහට පරිහරණය කිරීම.)
  2. නුවණින් සළකා ආහාර ගැනීම (තණ්හාව ක්ෂය වෙන පරිද්දෙන්)
  3. නින්දට ඉඩ නොදී වීර්යයෙන් යුක්තව භාවනා කිරීම
ඒ වගේම මේ සඳහා නිතර සේවනය කළ යුතු කරුණු සතරකුත් දේශනා කර තිබෙනවා.:

  1. සත්පුරුෂයන් ඇසුර- ඒ කියන්නෙ බුදු දහම හරියට දන්න, ඒ අනුව හැසිරෙන, ඒ විදිහට හැසිරෙන්න අපවත පොළඹවන කළ්‍යාණමිත්‍රයො
  2. සද්ධර්මය නිතර ශ්‍රවනය කිරීම (නැත්තං කියවීම)
  3. යෝනිසෝමනසිකාරය (එසේ දැනගත් ධර්මය අවබෝධය ඇති වෙන පරිද්දෙන් නුවණින් සිහි කිරීම- කටපාඩම් කිරීම නෙවෙයි:rofl:)
  4. ධම්මානුධම්ම පටිපදා (උත්සාහයෙන් හා නුවණින් යුක්තව සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගැනීම
(ඵල සුත්ත)

ඔන්න එහෙම කරනකොට තමයිලු සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ. සම්මා දිට්ඨිය තමයි වැඩ පිළිවෙලේ පලවෙනි අංගය.
:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
orambhagiya sanyojana kiyala kiyanne pancha upadanaskandha walatamada?

:no: නෑ...පංච උපාදානස්කන්දය වෙනයි...පංච ස්කන්දය කියන්නෙ රූපස්කන්දය, වේදනාස්කන්දය, සංඥාස්කන්දය, සංඛාරස්කන්දය, විඤ්ඤාණස්කන්දය කියන ස්කන්ද 5ට...මේ ස්කනද 5 සත්ත්වයා විසින් "මගේ" කියලා උපාදානයකින් ග්‍රහණය කරගෙන ඉන්න නිසා තමයි පංච උපාදානස්කන්දය කියලා කියන්නෙ...

එතකොට ඔයා අහපු ප්‍රශ්නෙ, ඕරම්භාගීය සංයෝජන කියන්නෙ සත්ත්වයා සංසාරයේ පහල ලෝක වල නැවත නැවත ඉපදීමට හේතු කාරණා...
මෙතන පහල ලෝක කීවෙ human realm, animal realm, naraka realm.... වගෙ ඒවාට..ඒවාට "ඕර" කියන නම යෙදෙනවා...:yes:

ඕරම්භාගිය සංයෝජන 5:

සක්කාය දිට්ඨි - මමය මාගේය හැගීම
විචිකිච්ඡා - බුද්ධාදී අටතැන් පිළිබද සැකය
සීලබ්බත පරාමාස - සීල වත්‍ර වලට වහල් වීම
කාමරාග - පඤ්චකාම ආශාව (පංච නීවරණ වල කාමඡන්ද කියන්නෙත් මේක)
පටිඝය - ද්වේශය, ක්‍රෝධය (ව්‍යාපාදය)

අනිත් සංයෝජන 5 උද්ධම්භාගීය, ඒ කිව්වෙ
උඩ ලෝක වශයෙන් දැක්වෙන රූප ,අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදීම ලබාදීමට හේතුවන සංයෝජන...:yes:

එතකොට ඔක්කොම සංයෝජන 10යි...

උද්ධම්භාගීය සංයෝජන

රූපරාග
අරූපරාග
මාන
උද්ධච්ච
අවිද්‍යා...

:)
 
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරි හරි. බොහොම පින් මේ විස්තරේට. ඔය මුල තුන ඇරුණම මං ඉතිරි ඒව අහල තිබුණෙ නෑ.

මනුස්ස ලෝකෙත් පහළ ලෝකයක්, නෙහ්? දිව්‍ය ලෝකත්?

ඒ කියන්නෙ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කර ගත්තම, නිරය, තිරිසන් හා ප්‍රේත වගේ පහළ ලෝකවල ඉපදෙන එක නැති වෙනවා. සෝවාන් වුණාම ආපහු මිනිහෙක් වෙලා උපදින්නත් පුලුවන්ද? දෙවියෙක් වෙලා උපදින්න පුලුවන්. ( දෙවිවරු වෙලා උපන්න අය මිස මිනිස්සු වෙලා උපන්න අය ගැන අහල නෑනෙ.)
 
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ කියන්නෙ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කර ගත්තම, නිරය, තිරිසන් හා ප්‍රේත වගේ පහළ ලෝකවල ඉපදෙන එක නැති වෙනවා. සෝවාන් වුණාම ආපහු මිනිහෙක් වෙලා උපදින්නත් පුලුවන්ද? දෙවියෙක් වෙලා උපදින්න පුලුවන්. ( දෙවිවරු වෙලා උපන්න අය මිස මිනිස්සු වෙලා උපන්න අය ගැන අහල නෑනෙ.)

ඔව් සෝවාන් වුනාම ආයෙ මිනිසෙක් වෙලා ඉපදෙන්න ඉඩ තියනවා...සෝවාන් වුනාම මනුස්ස, දිව්‍ය භව 7යි නැවත ඉපදෙන්නෙ...සතෙක් වෙලා ඉපදෙන් නෑ...ප්‍රේත භවයක ඉපදෙන් නෑ...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව් සෝවාන් වුනාම ආයෙ මිනිසෙක් වෙලා ඉපදෙන්න ඉඩ තියනවා...සෝවාන් වුනාම මනුස්ස, දිව්‍ය භව 7යි නැවත ඉපදෙන්නෙ...සතෙක් වෙලා ඉපදෙන් නෑ...ප්‍රේත භවයක ඉපදෙන් නෑ...

එහෙම ළමයි වෙන්නැති මොන ආගමේ පවුලක ඉපදුනත් බෞද්ධ වෙන්නෙ. එක්කෙනෙක් මට කියල තියෙනව එයාගෙ අවුරුදු 10-11 ක් වෙන දුව නිසා තමයි ඒ ගොල්ලොත් ආගමට නැඹුරු වුණේ කියල. ඒ ළමය පොඩි කාලෙ ඉඳලම භාවනාවත් පුරුදු කළා.