The Peoples Bank

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    peoplesbank_thumb_medium100_.jpg

    ව්‍යාපාරිකයන් රැසකගෙන් මහජන බැංකුවට පොලු

    ගනුදෙනු කරුවන්ලෙස රටේ ජනතාව මහජන බැංකුවේ තැන්පත් කරන ලද මුදල්වලින් රුපියල් කෝටි තුන්දහස් එකසිය තිස් අටකට (රු.31,380,000,000) අධික මුදලක් ව්‍යාපාරිකයන් පනස් දෙදෙනෙකු (52) විසින් ණය ලෙස ලබා ගෙන ඇති අතර මේ වනවිටත් එම මුදල් ගෙවා නැති බව එම බැංකුව විසින් නිකුත් කළ කෝප් වාර්තාවේ දැක්වේ. බැංකුවෙන් අයිරා ණය පහසුකම් ලබා ගත් විසිනවදෙනෙකු රුපියල් එකසිය දහහත්කෝටි අසූ දෙලක්‍ෂ විසිහතර දහස් හාරසිය විසි හතක් (රු.1,178,224,427) ගෙවා නැත. තවත් රුපියල් පන්සිය අසූහත්කෝටි හැත්තෑඅට ලක්‍ෂ දොළොස්දහස් හාරසිය හැටක (රු. 5,877,812,467) මුදලක් ගනුදෙනුකරුවන් 109 දෙනෙකු විසින් ගෙවා නැත.
    ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි 29ක පමණ අලාභයක් සිදු වී ඇති බවත් බංකොලොත් වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයෙන් රුපියල් එකොළොස් කෝටි හැත්තෑ එක් ලක්‍ෂයක් අයවීමට ඇති බවත් වාර්තා වේ.


    lankatruth





    ආණ්ඩුව 'කිරි එළදෙන' විකුණයි

    රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට ආර්ථික වශයෙන් මහත් රුකුලක් වූ මහජන බැංකුව ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය හමුවේ පෞද්ගලීකරණය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය 15වැනිදා පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මේ බව සඳහන් කැබිනට් පත්‍රිකාව අනුමත වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන සංචිතය සඳහා පෞද්ගලික අංශ ආයෝජන අවස්ථාවත් බැංකුව කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමටත් මෙමගින් යෝජනා කෙරී ඇත.
    1961 අංක 29 මහජන බැංකු පනතට ඉදිරිපත් කර ඇති සංශෝධනය මගින් මේ දක්වා ස්ථාවර ලෙස පැවති බැංකුවේ ප්‍රාග්ධනය පෞද්ගලික ආයෝජන මගින් ඉහළ දැමීමට යෝජනා කෙරී තිබේ.
    මේ පිළිබඳව ඊයේ (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි සත්‍යතාව පිළිගත්තේය. කෙසේ වුවද ඔහු පවසා ඇත්තේ, මේ පිළිබඳ සිදුවිය යුතු පනත් සංශෝධනය සැකසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් එය සැකසීමෙන් අනතුරුව ගත හැකි පියවර දැනගත හැකි බවය.
    ආණ්ඩුවට ගත හැකි පියවර කිහිපයක් ඇති බව ඔහු පිළිගත් අතර පාලනයෙන් 51%ක් රජයේ අයිතියේ තබාගනිමින් මෙය සිදු කරගැනීමට හෝ පෞද්ගලික කළමනාකාරිත්වයකට පැවරීමට හෝ 100%ක් රජයේ අයිතිය තබාගනිමින්ම කොටස් වෙළඳපොළට විවෘත කිරීමට තමන්ට හැකි බව කියා තිබේ.


    lankatruth


    මෙහෙම ගිහිං කොහෙන් නවතියිද ????????????


     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    owa wediya prasidda karanne nea okkoma gihin bankuwen salli gaththoth nikamma bankoloth .ubalage salli thiyi nam danma aran daganilla kelawenna kalin
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    owata wadiya publicity den na. Premium depositors la salli withdraw kaloth nikanma bankoloth ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lokuma awula wenne minissu bayata deposits ain karagaththama thamai. wishesayen nrfc accounts.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් අහල තියන්නේ කිරි එළදෙන කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියල මොකද එයාල ගව ඩිපෝ සල්ලි ගෙඩිය පිටින්ම තියෙන නිසා