The Prestige - කිර්තිය වෙනුවෙන්
_________________________________
මෙය අනර්ඝතත්වයේ සිනමා පටයක්. නරඹපු නැති අය බලන්න . අනිවාර්යයෙන් ඔබ විද්‍යාත්මකදේ ගැනත් තවත් බොහොදැ මෙම චිත්‍රපටිය තුලින් ඉගෙනගනියි. මොකද The Prestige කියන චිත්‍රපටිය තුල අතිතයේ සිදුවු විද්‍යාත්මක සොයාගැනිම් වල රහස්‍ය සැගවි ඇති නිසාවෙනි.
සුපුරුදු පරිදිම නොලන් බොසා චිත්‍රපටිය පටන් ගන්නේ චිත්‍රපටියේ අවසාන රුප රාමුවෙනි. කිසිවිටෙකත් සිනමාපටය ඒකරේඛියව ( එකම කාලයක / එකම විදියට ) ගලා නොයයි. චිත්‍රපටියේ නොලන් බොසා පොලු පාර ප්‍රෙක්ෂකයාගේ ඔලුවට ගසන්නේ චිත්‍රපටිය අවසාන විමට මිනිත්තු කිහිපක් තියාය....
️ බලපු නැති අය චිත්‍රපටිය බලලා කියවන්න
️
දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමු .....
1890 ගණන් වල ලන්ඩන් හි රොබර්ට් ඇන්ජියර් සහ ඇල්ෆ්‍රඩ් බෝර්ඩන් ගුරුහරුකම් ලබාගෙන ඉන්ද්‍රජාලිකයෙකුගේ වැඩ කටයුතු කරගෙන ගියේය . ජෝන් කටර්, වේදිකා මැජික් නිර්මාණය කරන ඉංජිනේරුවෙකි . එක දවසකදි නොසිතු මොහොතක ඇන්ජියර්ගේ බිරිඳ ජූලියා ජල ටැංකි ප්‍රයෝගයේදී පැන යාමට නොහැකි වූ අතර එහිදි දියේ ගිලී මිය ගියාය. බොර්ඩන් විසින් ගැසු අවදානම් සහිත ගැටයක් භාවිතා කිරීම ඇගේ මරණයට හේතු වේ.
ඇන්ජියර් බෝර්ඩන්ගෙන් ඇසුවේ ඔහු භාවිතා කළේ කුමන ගැටයද යන්නයි. බෝඩන් පවසන්නේ තමා එය නොදන්නා බවයි. එතනින් පසු දෙදෙනා දැඩි සතුරන් බවට පත් වෙති.
ඇන්ජියර් සහ බෝර්ඩන් තමන්ගේම මායා කර්මාන්තයක් ආරම්භ කරන අතර ඇන්ජියර් කාටර් සමඟ වැඩ කරයි. බෝර්ඩන් ෆැලන් නම් වු ඔහුගේ සහයකයා සමඟ වැඩ කරති. ඇන්ජියර් ඔහුගේ බිරිද මැරිම වෙනුවෙන් සහ ඔහුගේ මැජික් සමග ගත වු ජිවිතය අවුල් කල නිසා බොඩන්ගේ පලිගැනිමට සිතයි. ඇන්ජියර් බෝඩන්ගේ මැජික් සංදර්ශනයකට පැමිණ බොඩන්ගේ අතට වෙඩි උණ්ඩයක් වැදිමට සලස්වා ඔහුගේ එක් රංගනයක් කඩාකප්පල් කරයි .
එහිදි බෝර්ඩන්ගේ ඇඟිලි දෙකක් අහිමි විය. එයට වාඩුව ගැනිමට බොඩන් විසින් ඇන්ජියර්ගේ මැජික් සංදර්ශන විනාශ කරයි. . බෝර්ඩන් ඔහුගේ ලෙස හඳුන්වන අලුත් උපක්‍රමයක් දියුණු කරයි.
එය ප්‍රවාහනය කළ මිනිසා ( ටෙලිපොටර් මැන් ) නම් විය. වේදිකාවේ ප්‍රතිවිරුද්ධ කෙලවරක අල්මාරි දෙකක් අතර බොඩන් එක් අල්මාරියකින් ඇතුලු වි ක්ෂණයෙන් අනෙක් අල්මාරියෙන් මතුවෙයි. බෝර්ඩන්ගේ ක්‍රමය තේරුම් ගැනීමට නොහැකි වූ ඇන්ජියර් ජෙරල්ඩ් රූට් නමැති ඇන්ජියර්ගේ හැඩරුවට සමාන රුපයක් ඇති මිනිසෙකු යොදාගෙන ඔහුගේම ක්‍රමයකට එය සිදුකලේය . අනුකරණය කිරීම වඩාත් සාර්ථක වූවත් බොඩන්ගේ ප්‍රවාහන මිනිසා අංගයේ සත්‍ය දැනගැනිමට නොහැකි විම නිසා ඇන්ජියර් අසතුටට පත් විය.
ඇන්ජියර්ට බෝඩන් ප්‍රවාහනය කළ මිනිසා මැජික් එක කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔහුගේ සහායිකාව වන ඔලිවියා , බොර්ඩන් වෙත යවයි. ඒ ඔලිවියාට කියා බොර්ඩන්ගේ රහස් ලබාගැනිමටයි. කෙසේ වෙතත්, ඔලිවියා බෝර්ඩන් සමඟ ආදරයෙන් බැඳී ඔහුගේ සහායකයා බවට පත්වේ. ඇගේ උදව්වෙන් බෝර්ඩන් ඇන්ජියර්ගේ මැජික් සංදර්ශන කඩාකප්පල් කරන අතර එම ක්‍රියාවලියේදී ඔහුව අවමානයට ලක් කරයි.
දවසක් ඔලිවියා පැමින
ඇන්ජියර්ට " මෙන්න බොර්ඩන්ගේ සියලු මැජික් රහස් මේ පොතේ ඇති " ලෙස පවසා බොඩන්ගේ දින පොත ඇන්ජියර්ට ලබාදුන්නේය.
නමුත් බෝර්ඩන්ගේ දිනපොත කියවිමට නම් එක් වචනයක් අවශ්‍ය වෙයි. එම වචනය මත පොත තුල ඇති සියලු කරුනු පරිවර්තනය කරගත හැක. ඇන්ජියර් ෆැලන්ව මරා දමන බවට තර්ජනය කිරීමෙන් බොර්ඩන්ගේන් රහස් වචනය ලබාගනි. එම වචනය "ටෙස්ලා" නම් විය.
ඇන්ජියර් දිනපොතද රැගෙන ඇමරිකාවට ගොස් ටෙස්ලා විද්‍යාඥයා හමුවීමට යයි. ඇන්ජියර් විශ්වාස කරන ආකාරයට නිකොලා ටෙස්ලා විසින් බොර්ඩන්ට යන්ත්‍රයක් තැනුවේය. ඇන්ජියර්ට අවශ්‍ය වුයේ එවැනි යන්ත්‍රයක් ටෙස්ලාට කියා නැවත සාදාගන්නටය. නමුත් බෝර්ඩන් විසින් ඇන්ජියර්ගේ අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස නිර්මාණය කරන ලද දිනපොත වංචනික බව ඇන්ජියර් පසුව තේරුම් ගනී. ටෙස්ලා විසින් ඔහු වෙනුවෙන් යන්ත්‍රය නිපදවන නමුත් වස්තූන් ටෙලිපෝට් කිරීම වෙනුවට ටෙස්ලාගේ නව යන්ත්‍රය එහි තැබූ ඕනෑම දෙයක් අනුපිටපත් කරයි. පසුව තොමස් අල්වා එඩිසන්ගේ ගොලයන් විසින් ටෙස්ලාව කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වෙතින් පලවා හැරියේය. නමුත් ඉට පෙර යන්ත්‍රය ඇන්ජියර් වෙත භාර දී ඇත. ටෙස්ලා විසින් එය විනාශ කරන ලෙස ඇන්ජියර්ට උපදෙස් දෙන අතර එයින් එය ඔහුට ගෙන එන්නේ දුකක් පමණක් බව පවසමිනි.
බෝර්ඩන්ගේ බිරිඳ සාරා විසින් ඔලිවියාගේ සහ බොර්ඩන්ගේ අනියම් ඇසුර හා පරස්පර විරෝධී පෞරුෂය හේතුවෙන් සියදිවි නසා ගැනීමට පෙළඹේ. තමා කිසි විටෙකත් සාරාට ආදරය නොකළ බවත්, ඔහු ඔලිවියාට වැඩි වැඩියෙන් ආදරය කරන බවත් බෝර්ඩන් ඔලිවියාට හෙළි කරයි.
බෝඩන් සහ ඇන්ජියර්ගේ වෛරය නිසා වෙහෙසට පත් වූ ඔලිවියා බොර්ඩන්ව ඇත හැර පිටව යයි.
ලන්ඩනයේ, ඇන්ජියර් විසින් ටෙස්ලාගේ යන්ත්‍රය භාවිතා කරමින් නියම ප්‍රවාහනය කළ මිනිසා රඟහල හරහා විකාශනය කළ බවක් පෙනෙන්නට තිබේ. දවසක් බෝර්ඩන් ඇන්ජියර් තම මැජික් අංග ඉදිරිපත් කිරිමේදි බොඩන් මැජික් සංදර්ශනයේ පිටුපසට දිව යන්නේ එහි කුමක් සිදුවේදැයි සොයාබැලිමටයි. එහි විශාල වතුර ටැංකියක් තිබු අතර එක විටම ඇන්ජියර් වෙිදිකාව උඩ සිට වතුර ටැංකියට වැටි ගිලී මිය යයි. කටර් විසින් බොඩන්ව ඇන්ජියර් ඝාතනය කලායැයි සොයාගෙන පොලිසියට භාර දෙන ලදි. ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොහැකි වූ බෝර්ඩන් මිනීමැරුමක් සිදු කළ බවට වරදකරු වී මරණ දණ්ඩණය නියම වේ.
ටෙස්ලාගේ යන්ත්‍රය ධනවත් මිනිසෙකුට විකුණනු ලැබේ. එම ධනවතා කැල්ඩ්ලෝ නම් විය. ඇත්තටම සිදු වුයේ ටෙස්ලාගේ යන්ත්‍රය මගින් ඇන්ජියර්ගේ අනුපිටපතක් ( ඇන්ජියර් වගේම කෙනෙක් ) සැදිමයි. දැන් ඇන්ජියර්ලා දෙන්නෙක් ඉන්න නිසා එක් ඇන්ජියර් කෙනෙක් මිය යායුතුය. එක් ඇන්ජියර් කෙනෙක් මිය යන්නේ වේදිකාව යටවු වතුර ටැංකියට ඇද වැටිමෙනි. අනෙක් ඇන්ජියර් කැල්ඩ්ලෝ ස්වාමිවරයා ලෙස වෙස්වලා ගනි.
බොඩන් සිරගෙදර සිටින විට කැල්ඩ්ලෝ ස්වාමිවරයා ලෙස පෙනි සිටින ඇන්ජියර් එහි ආවේය. බෝර්ඩන්ගේ දියණිය වන ජෙස්ද කැල්ඩ්ලෝ සතුවිය. තම දියණියට යන්න දෙන්නැයි බෝර්ඩන් ඇන්ජියර්ගෙන් ඉල්ලා සිටියද ඇන්ජියර් ජෙස් සමඟ පිටව යයි. ඇන්ජියර් තවමත් ජීවතුන් අතර සිටින බව කටර් තේරුම් ගත් විට, බෝර්ඩන්ට දඩුවම් නියම කිරීමට ඇන්ජියර් අවසර දීම ගැන ඔහු පිළිකුලට පත් වූ නමුත් ටෙස්ලාගේ යන්ත්‍රය විනාශ කිරීමට උදව් කිරීමට ඔහු එකඟ විය.
ඇන්ජියර්ගේ ඝාතනය සම්බන්ධයෙන් බෝර්ඩන් එල්ලා මරා දමන ලදී.
ඇන්ජියර් නැවත රඟහල වෙත යයි. ආගන්තුකයෙකු ඇතුළු වී ඇන්ජියර්ට වෙඩි තබා තමා බෝඩන් බව හෙළි කරයි.
ඇන්ජියර් එහිදි තෙරුම් ගනුයේ ෆැලන් සහ බොර්ඩන් යනු සමනිවුන් දරුවන් බවයි. එම සහෝදරයන් එක්ව ප්‍රවාහනය කළ මුල්ම මිනිසා ( Teleporter Man ) සිදු කළහ. එක් වෙලාවකට අයෙක් "බෝර්ඩන්" වූ විට අනෙක් කෙනා "ෆැලන්" ලෙස වෙස්වලාගෙන ඇත. දිවි ගලවා ගත් නිවුන් සොහොයුරා ( ෆැලන් ලෙස ) සාරාට ප්‍රේම කළහ. අනෙක් නිවුන් සොහොයුරා ඔලිවියාට ආදරය කලේය.
එතනින් ඉතුරු වුයේ එක් බොර්ඩන් කෙනෙකු පමනකි.
ඉතින් බලපු අය දැක්කනේ අවසානය වෙනකන් හිතාගන්න බැ මොකක්වෙනවද කියලා.
සටහන - CJS Theekshana Lankara