The Prestige - කිර්තිය වෙනුවෙන්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    The Prestige - කිර්තිය වෙනුවෙන්
    _________________________________

    277707631_3314840258794349_3858731247398218692_n.jpg

    මෙය අනර්ඝතත්වයේ සිනමා පටයක්. නරඹපු නැති අය බලන්න . අනිවාර්යයෙන් ඔබ විද්‍යාත්මකදේ ගැනත් තවත් බොහොදැ මෙම චිත්‍රපටිය තුලින් ඉගෙනගනියි. මොකද The Prestige කියන චිත්‍රපටිය තුල අතිතයේ සිදුවු විද්‍යාත්මක සොයාගැනිම් වල රහස්‍ය සැගවි ඇති නිසාවෙනි.
    සුපුරුදු පරිදිම නොලන් බොසා චිත්‍රපටිය පටන් ගන්නේ චිත්‍රපටියේ අවසාන රුප රාමුවෙනි. කිසිවිටෙකත් සිනමාපටය ඒකරේඛියව ( එකම කාලයක / එකම විදියට ) ගලා නොයයි. චිත්‍රපටියේ නොලන් බොසා පොලු පාර ප්‍රෙක්ෂකයාගේ ඔලුවට ගසන්නේ චිත්‍රපටිය අවසාන විමට මිනිත්තු කිහිපක් තියාය....

    ⚠️
    ️ බලපු නැති අය චිත්‍රපටිය බලලා කියවන්න
    ⚠️

    📌️
    දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමු .....
    1890 ගණන් වල ලන්ඩන් හි රොබර්ට් ඇන්ජියර් සහ ඇල්ෆ්‍රඩ් බෝර්ඩන් ගුරුහරුකම් ලබාගෙන ඉන්ද්‍රජාලිකයෙකුගේ වැඩ කටයුතු කරගෙන ගියේය . ජෝන් කටර්, වේදිකා මැජික් නිර්මාණය කරන ඉංජිනේරුවෙකි . එක දවසකදි නොසිතු මොහොතක ඇන්ජියර්ගේ බිරිඳ ජූලියා ජල ටැංකි ප්‍රයෝගයේදී පැන යාමට නොහැකි වූ අතර එහිදි දියේ ගිලී මිය ගියාය. බොර්ඩන් විසින් ගැසු අවදානම් සහිත ගැටයක් භාවිතා කිරීම ඇගේ මරණයට හේතු වේ.
    ඇන්ජියර් බෝර්ඩන්ගෙන් ඇසුවේ ඔහු භාවිතා කළේ කුමන ගැටයද යන්නයි. බෝඩන් පවසන්නේ තමා එය නොදන්නා බවයි. එතනින් පසු දෙදෙනා දැඩි සතුරන් බවට පත් වෙති.
    ඇන්ජියර් සහ බෝර්ඩන් තමන්ගේම මායා කර්මාන්තයක් ආරම්භ කරන අතර ඇන්ජියර් කාටර් සමඟ වැඩ කරයි. බෝර්ඩන් ෆැලන් නම් වු ඔහුගේ සහයකයා සමඟ වැඩ කරති. ඇන්ජියර් ඔහුගේ බිරිද මැරිම වෙනුවෙන් සහ ඔහුගේ මැජික් සමග ගත වු ජිවිතය අවුල් කල නිසා බොඩන්ගේ පලිගැනිමට සිතයි. ඇන්ජියර් බෝඩන්ගේ මැජික් සංදර්ශනයකට පැමිණ බොඩන්ගේ අතට වෙඩි උණ්ඩයක් වැදිමට සලස්වා ඔහුගේ එක් රංගනයක් කඩාකප්පල් කරයි .
    එහිදි බෝර්ඩන්ගේ ඇඟිලි දෙකක් අහිමි විය. එයට වාඩුව ගැනිමට බොඩන් විසින් ඇන්ජියර්ගේ මැජික් සංදර්ශන විනාශ කරයි. . බෝර්ඩන් ඔහුගේ ලෙස හඳුන්වන අලුත් උපක්‍රමයක් දියුණු කරයි.
    එය ප්‍රවාහනය කළ මිනිසා ( ටෙලිපො⁣ටර් මැන් ) නම් විය. වේදිකාවේ ප්‍රතිවිරුද්ධ කෙලවරක අල්මාරි දෙකක් අතර බොඩන් එක් අල්මාරියකින් ඇතුලු වි ක්ෂණයෙන් අනෙක් අල්මාරියෙන් මතුවෙයි. බෝර්ඩන්ගේ ක්‍රමය තේරුම් ගැනීමට නොහැකි වූ ඇන්ජියර් ජෙරල්ඩ් රූට් නමැති ඇන්ජියර්ගේ හැඩරුවට සමාන රුපයක් ඇති මිනිසෙකු යොදාගෙන ඔහුගේම ක්‍රමයකට එය සිදුකලේය . අනුකරණය කිරීම වඩාත් සාර්ථක වූවත් බොඩන්ගේ ප්‍රවාහන මිනිසා අංගයේ සත්‍ය දැනගැනිමට නොහැකි විම නිසා ඇන්ජියර් අසතුටට පත් විය.
    ඇන්ජියර්ට බෝඩන් ප්‍රවාහනය කළ මිනිසා මැජික් එක කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔහුගේ සහායිකාව වන ඔලිවියා , බොර්ඩන් වෙත යවයි. ඒ ඔලිවියාට කියා බොර්ඩන්ගේ රහස් ලබාගැනිමටයි. කෙසේ වෙතත්, ඔලිවියා බෝර්ඩන් සමඟ ආදරයෙන් බැඳී ඔහුගේ සහායකයා බවට පත්වේ. ඇගේ උදව්වෙන් බෝර්ඩන් ඇන්ජියර්ගේ මැජික් සංදර්ශන කඩාකප්පල් කරන අතර එම ක්‍රියාවලියේදී ඔහුව අවමානයට ලක් කරයි.
    දවසක් ඔලිවියා පැමින
    ඇන්ජියර්ට " මෙන්න බොර්ඩන්ගේ සියලු මැජික් රහස් මේ පොතේ ඇති " ලෙස පවසා බොඩන්ගේ දින පොත ඇන්ජියර්ට ලබාදුන්නේය.
    නමුත් බෝර්ඩන්ගේ දිනපොත කියවිමට නම් එක් වචනයක් අවශ්‍ය වෙයි. එම වචනය මත පොත තුල ඇති සියලු කරුනු පරිවර්තනය කරගත හැක. ඇන්ජියර් ෆැලන්ව මරා දමන බවට තර්ජනය කිරීමෙන් බොර්ඩන්ගේන් රහස් වචනය ලබාගනි. එම වචනය "ටෙස්ලා" නම් විය.
    ඇන්ජියර් දිනපොතද රැගෙන ඇමරිකාවට ගොස් ටෙස්ලා විද්‍යාඥයා හමුවීමට යයි. ඇන්ජියර් විශ්වාස කරන ආකාරයට නිකොලා ටෙස්ලා විසින් බොර්ඩන්ට යන්ත්‍රයක් තැනුවේය. ඇන්ජියර්ට අවශ්‍ය වුයේ එවැනි යන්ත්‍රයක් ටෙස්ලාට කියා නැවත සාදාගන්නටය. නමුත් බෝර්ඩන් විසින් ඇන්ජියර්ගේ අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස නිර්මාණය කරන ලද දිනපොත වංචනික බව ඇන්ජියර් පසුව තේරුම් ගනී. ටෙස්ලා විසින් ඔහු වෙනුවෙන් යන්ත්‍රය නිපදවන නමුත් වස්තූන් ටෙලිපෝට් කිරීම වෙනුවට ටෙස්ලාගේ නව යන්ත්‍රය එහි තැබූ ඕනෑම දෙයක් අනුපිටපත් කරයි. පසුව තොමස් අල්වා එඩිසන්ගේ ගොලයන් විසින් ටෙස්ලාව කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වෙතින් පලවා හැරියේය. නමුත් ඉට පෙර යන්ත්‍රය ඇන්ජියර් වෙත භාර දී ඇත. ටෙස්ලා විසින් එය විනාශ කරන ලෙස ඇන්ජියර්ට උපදෙස් දෙන අතර එයින් එය ඔහුට ගෙන එන්නේ දුකක් පමණක් බව පවසමිනි.
    බෝර්ඩන්ගේ බිරිඳ සාරා විසින් ඔලිවියාගේ සහ බොර්ඩන්ගේ අනියම් ඇසුර හා පරස්පර විරෝධී පෞරුෂය හේතුවෙන් සියදිවි නසා ගැනීමට පෙළඹේ. තමා කිසි විටෙකත් සාරාට ආදරය නොකළ බවත්, ඔහු ඔලිවියාට වැඩි වැඩියෙන් ආදරය කරන බවත් බෝර්ඩන් ඔලිවියාට හෙළි කරයි.
    බෝඩන් සහ ඇන්ජියර්ගේ වෛරය නිසා වෙහෙසට පත් වූ ඔලිවියා බොර්ඩන්ව ඇත හැර පිටව යයි.
    ලන්ඩනයේ, ඇන්ජියර් විසින් ටෙස්ලාගේ යන්ත්‍රය භාවිතා කරමින් නියම ප්‍රවාහනය කළ මිනිසා රඟහල හරහා විකාශනය කළ බවක් පෙනෙන්නට තිබේ. දවසක් බෝර්ඩන් ඇන්ජියර් තම මැජික් අංග ඉදිරිපත් කිරිමේදි බොඩන් මැජික් සංදර්ශනයේ පිටුපසට දිව යන්නේ එහි කුමක් සිදුවේදැයි සොයාබැලිමටයි. එහි විශාල වතුර ටැංකියක් තිබු අතර එක විටම ඇන්ජියර් වෙිදිකාව උඩ සිට වතුර ටැංකියට වැටි ගිලී මිය යයි. කටර් විසින් බොඩන්ව ඇන්ජියර් ඝාතනය කලායැයි සොයාගෙන පොලිසියට භාර දෙන ලදි. ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොහැකි වූ බෝර්ඩන් මිනීමැරුමක් සිදු කළ බවට වරදකරු වී මරණ දණ්ඩණය නියම වේ.
    ටෙස්ලාගේ යන්ත්‍රය ධනවත් මිනිසෙකුට විකුණනු ලැබේ. එම ධනවතා කැල්ඩ්ලෝ නම් විය. ඇත්තටම සිදු වුයේ ටෙස්ලාගේ යන්ත්‍රය මගින් ඇන්ජියර්ගේ අනුපිටපතක් ( ඇන්ජියර් වගේම කෙනෙක් ) සැදිමයි. දැන් ඇන්ජියර්ලා දෙන්නෙක් ඉන්න නිසා එක් ඇන්ජියර් කෙනෙක් මිය යායුතුය. එක් ඇන්ජියර් කෙනෙක් මිය යන්නේ වේදිකාව යටවු වතුර ටැංකියට ඇද වැටිමෙනි. අනෙක් ඇන්ජියර් කැල්ඩ්ලෝ ස්වාමිවරයා ලෙස වෙස්වලා ගනි.
    බොඩන් සිරගෙදර සිටින විට කැල්ඩ්ලෝ ස්වාමිවරයා ලෙස පෙනි සිටින ඇන්ජියර් එහි ආවේය. බෝර්ඩන්ගේ දියණිය වන ජෙස්ද කැල්ඩ්ලෝ සතුවිය. තම දියණියට යන්න දෙන්නැයි බෝර්ඩන් ඇන්ජියර්ගෙන් ඉල්ලා සිටියද ඇන්ජියර් ජෙස් සමඟ පිටව යයි. ඇන්ජියර් තවමත් ජීවතුන් අතර සිටින බව කටර් තේරුම් ගත් විට, බෝර්ඩන්ට දඩුවම් නියම කිරීමට ඇන්ජියර් අවසර දීම ගැන ඔහු පිළිකුලට පත් වූ නමුත් ටෙස්ලාගේ යන්ත්‍රය විනාශ කිරීමට උදව් කිරීමට ඔහු එකඟ විය.
    ඇන්ජියර්ගේ ඝාතනය සම්බන්ධයෙන් බෝර්ඩන් එල්ලා මරා දමන ලදී.
    ඇන්ජියර් නැවත රඟහල වෙත යයි. ආගන්තුකයෙකු ඇතුළු වී ඇන්ජියර්ට වෙඩි තබා තමා බෝඩන් බව හෙළි කරයි.
    ඇන්ජියර් එහිදි තෙරුම් ගනුයේ ෆැලන් සහ බොර්ඩන් යනු සමනිවුන් දරුවන් බවයි. එම සහෝදරයන් එක්ව ප්‍රවාහනය කළ මුල්ම මිනිසා ( Teleporter Man ) සිදු කළහ. එක් වෙලාවකට අයෙක් "බෝර්ඩන්" වූ විට අනෙක් කෙනා "ෆැලන්" ලෙස වෙස්වලාගෙන ඇත. දිවි ගලවා ගත් නිවුන් සොහොයුරා ( ෆැලන් ලෙස ) සාරාට ප්‍රේම කළහ. අනෙක් නිවුන් සොහොයුරා ඔලිවියාට ආදරය කලේය.
    එතනින් ඉතුරු වුයේ එක් බොර්ඩන් කෙනෙකු පමනකි.
    ඉතින් බලපු අය දැක්කනේ අවසානය වෙනකන් හිතාගන්න බැ මොකක්වෙනවද කියලා.

    සටහන - CJS Theekshana Lankara
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    📌️
    පැහැදිලි කිරිම් පැත්තට යමු දැන්
    📌️

    ඇත්තටම ඇන්ජියර් රවට්ටන්න ගිහින් බොර්ඩන් රැවගෙනවා වගේම බොර්ඩන් රවට්ටන්න ගිහින් ඇන්ජියර් රැවටෙනවා. අවසානයේ දෙදෙනාගේම ජිවිත වලින් වන්දි ගෙවනවා.
    ⭕
    බොර්ඩන් සහ ෆැලන් එකිනෙකින් වෙන් කරගන්නේ කොහොමද ?
    චිත්‍රපටියේ අවසානයට යන්න. අවසානයේ ඉතුරු වෙන්නේ " ෆැලන් " කියන සොහොයුරා . ඔහු ආදරය කරන්නේ සාරාට . ( ඉදිරියට ඔහුව ලිපියේ සාරාගේ පෙම්වතා ලෙස හදුනවා )
    එල්ලා මැරිමට ලක්වෙන්නේ " බොර්ඩන් " විදියට ඉන්න සොහොයුරා. ඔහු ආදරය කලේ ඔලිවියාට . ( ඉදිරියට ඔහුව ලිපියේ ඔලිවියාගේ පෙම්වතා ලෙස හදුන්වනවා )
    ⭕
    දැන් අපි සාරාගේ පෙම්වතා සහ ඔලිවියාගේ පෙම්වතාගේ වෙස්වලාගැනිම් ටික වෙන් කරලා ගමු .
    🔴
    චිත්‍රපටියේ ආරම්බය ලෙස බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතා අතින් තමයි ජුලියා මැරෙන්නේ .
    🔴
    ඇන්ජියර්ගේ බිරිදගේ මරණය වෙලාවේ අවමගුලට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා
    🔴
    ඉස්සෙල්ලාම සිදුවන " Bullet Catch " කියන මැජික් සංදර්ශනයේදි මැජික් කාරයා වුනේ ඔලිවියාගේ පෙම්වතා . ඔහුට ඇන්ජියර් තියෙන වෙඩිල්ල නිසා ඇගිලි දෙකක් අහිමි වෙනවා. ඒක නිසා එතන ෆැලන් ලෙස හිටපු සාරාගේ පෙම්වතාටත් සිදුවෙනවා තමාගේ අතේ ඇගිලි දෙකක් කපාගන්න .
    🔴
    ලන්ඩන් වල තියෙන ටෙස්ලගේ විද්‍යාත්මක ප්‍රදර්ශනය නැරඹිමට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා. ඔහු එතනදි බොර්ඩන් විදියට හැසිරෙනවා.
    🔴
    ඉලගට ටෙලිපොටර් මිනිසා මැජික් අංගය ඉදිරිපත් කරනකොට සහොදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඇතුලට ගිහින් අනිත් කෙනා ඒ මොහොතෙම වේදිකාවේ අනිත් පැත්තෙන් එලියට එනවා
    🔴
    ඇන්ජියර්ගේ සහයිකාව විදියට එන ඔලිවියාට බොර්ඩන් විදියට මුලින්ම හමුවෙන්නේ ඇය පසු කලෙක ආදරය කරන බොර්ඩන්මයි
    🔴
    ඇන්ජියර්ගේ ටෙලිපොටර් මිනිසා අංගයට යොදාගන්නා ඔහු වගේම මිනිසා වන ජෙරල්ඩ් රූට්ට බාර් එකේදි මුන ගැහෙන බොර්ඩන් විදියට එන්නේ ඔලිවියාගේ පෙම්වතා.
    🔴
    ඇන්ජියර් පැහැරගනු ලබන ෆැලන් ලෙස සිටින්නේ සාරාගේ පෙම්වතා වන අතර එහිදි බොර්ඩන් ලෙස ඔලිවියාගේ පෙම්වතා සිටියි.
    🔴
    චිත්‍රපටියේ පෙන්වන දර්ශනයක හෝටලයක රාත්‍රි බොජන සංග්‍රහයට සාරා සහබාගි වෙලා තිබුනා. එතනට බොර්ඩන් විදියට ඔලිවියාගේ පෙම්වතත් ෆැලන් විදියට සාරාගේ පෙම්වතත් ආවා.
    නමුත් එහිදි ඔලිවියාගේ සහ බොර්ඩන්ගේ හැසිරිම පිලිබද සාරාට සැකයක් මතු වුනා. එහිදි බොර්ඩන් තමන් ගැන සාරාට පුරසාරම් කියන කොට ෆැලන් ලෙස සිටි සාරාගේ ඇත්තම පෙම්වතා එහිදි සිදුවන අපහසුතාවය චිත්‍රපටියේ කදිමට පෙන්නුම් කරලා තිබුනා.
    🔴
    චිත්‍රපටියේ එක් දර්ශනයක සාරාගේ දුවට අවශය වෙලා තිබුනා සත්තුවත්තට යන්න. එහිදි සාරා සමග බොර්ඩන් විදියට කතා කරන්නේ ඇය ඇත්තටම ආදරය කරන ඇයගේ පෙම්වතාමයි.
    එතිනින් පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා , ෆැලන් ලෙස සිටි ඔලිවියාගේ පෙම්වතාට කියනවා " දුවව සත්තු වත්ත බලන්න ඒකකන් යන්න කියලා " . ඉන්පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා තමයි ඔලිවියා හමුවිමට යන්නේ .
    🔴
    සාරා සහ බොර්ඩන් අතර සිදුවන බහින්බස් විමේදි බොර්ඩන් විදියට හිටියේ ඔලිවියාගේ පෙම්වතා .
    🔴
    ඇන්ජියර්ගේ මැජික් සංදර්ශනය බලන්න ගිහින් හිරේ යන්නේ බොර්ඩන් විදියට ඉදපු ඔලිවියාගේ පෙම්වතා . එහිදි ෆැලන් විදියට සාරාගේ පෙම්වතා හිටියා
    🔴
    මරන දඩුවම ලැබුනේ බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතාට. ඒ වගේම ඇන්ජියර්ට වෙඩිතියන්නේ සාරාගේ පෙම්වතා
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    ⭕
    ඒවගේම තමයි මැජික් ගැන ඉතා ඉහල උනන්දුවක් තියෙන්නේ ඔලිවියාගේ පෙම්වතාට . ඔහුයි මැජික් පසුපස ගියේ. සමහර වෙලාවට ඔලිවියාගේ පෙම්වතා සාරා එක්ක කාලය ගත කලා. මේ දෙන්න මාරුවෙන් මාරුවට බොර්ඩන් සහ ෆැලන් විදියට වෙස් වලා ගත්තා . බොහො වෙලාවට බොර්ඩන් නම් මැජික්කාරයා වුනේ ඔලිවියාගේ පෙම්වතා. ෆැලන් වුනෙ සාරගේ පෙම්වතා . ඒ නිසාමයි සාරාට බොර්ඩන්ගේ අමුතු දේවල් දකින්න ලැබුනේ
    ⭕
    ඇන්ජියර්ගේ නෝනා මැරුන වෙලාවේ ඇන්ජියර් අහනවා " එදා ඔයා ගහපු ගැටය මොකද්ද කියලා " බොර්ඩන් ඒ වෙලවේ උත්තරය දෙන්නේ ටිකක් කල්පනා කරලා " මම දන්නෙ නැ කියලා "
    මොකද ජුලියා මැරෙන්නේ බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතා ගහන ලිහා ගන්න අමාරු ගැටය නිසා. නමුත් ජුලියාගේ අවසාන කටයුතු වෙන කොට අවමංගල්‍යයට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා . ඇත්තටම ඔහු දන්නැ ඔහුගේ සහොදරයා එදා දාපු ගැටය මොකද්ද කියලා . ඒකයි ඔහු කියන්නේ " මම දන්නැ කියලා". එතනින් පසු බොර්ඩන්ලා දෙන්නම " මම දන්නැ" කියන එක පාවිච්චි කලා.
    ⭕
    ඒ වගේම මේ Movie එකෙන් තවත් ප්‍රසිද්ධ රහසක් , රහසක් විදියටම එලි කරනවා .
    ඒ තමයි ඇත්තටම තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල සොයා ගත්තාද? බොහෝවිට එය මෙසේ විය ." තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල ලොවට හදුන්වා දුන් පුද්ගලයා විය" . ඒ මොකද ඔහුට පෙර වෙනත් පුද්ගලයෙකු විදුලි බුබුල ගැන පරික්ෂණ සිදු කලා . නමුත් පරික්ෂණවලට අධික වියදමක් යන නිසා පරික්ෂණ අතර මග නතර වුනා. තොමස් අල්වා එඩිසන් යනු සල්ලිකාරයෙකි. ඔහු බොහෝ පරික්ෂණ අන්අයගෙන් ලබාගෙන වැඩි දියුණු කලේය.
    විදුලි බුබුල ගැන පරික්ෂණ සිදුකරපු කෙනෙක් තමා නිකොලා ටෙස්ලා කියනේනේ. විදුලි බුබුල නිපදවිමේ ගෞරවය ඔහුටද හිමිවිය යුතුය. එය නොලන් සර් Movie එක තුල සැමටම රහසක් වශයෙන් ඉදිරිපත් කලේය .
    • ඇන්ජියර් කොලරාඩෝ වලට ඇවිත් බහින කොටම ඔහු දකිනවා නගරයේම ආලොක පහන් දල්වා තිබෙනවා. අසල සිටි මිනිසාගෙන් ඇහුවේ " නගරයටම විදුලිය තිබෙනවාද යනුවෙන් " ඔහුට පිලිතුර වශයෙන් " ඔව් සර් " ලෙස ලැබුනි. ඒ නගරය තුල විදුලිය සහ විදුලි පහන් ස්ථාපනය කලේ කවුද? අහෝ පුදුමයකි... ඒ තැනැත්තා නිකොලා ටෙස්ලා නම් විය .
    • ඒ වගේම ටෙස්ලගේ සහයකයා සහ ඇන්ජියර් අර විදුලි බුබුලු සහිත තැනිතලාවේ සිටින විට ටෙස්ලා විසින් නිපදවු විදුලි ජනක හා ඉතා විශාල විදුලි බල්බ ගැන පෙන්වනවා. ඒ වගේම වයර් සම්බන්ධ නොකල බල්බ් එකක් ඇන්ජියගේ අතේ තියලම පත්තු කරලා පෙන්වනවා. ඒ සියලු දේ නිශ්පාදනය වුයේ ටෙස්ලා අතින්. ඔය වගේ සියුම් තැන් ඉස්මතු කරලා පෙන්වනවා Movie එක තුල.
    ⭕
    ඒ වගේම තවත් සුප්‍රසිද්ධ රහසක් චිත්‍රපටියේ නොලන් බොසා අන්තර්ගත කලා. ඒ තොමස් අල්වා එඩිසන් විසින් ටෙස්ලාගේ විද්‍යාගාරය ගිනි තබා විනාශ කිරිම .
    තොමස් අලවා එඩිසන් සහ ටෙස්ලා අතර විදුලි යුද්ධයක් තිබුනි. එඩිසන් යනු සල්ලිකාරයෙකි. පරික්ෂණ සිදුකිරිමට මුදල් නොමැති පුද්ගලයන්ගේ පරික්ෂණ ඔහු විසින් මිලදි ගෙන ඉදිරියට පවත්වාගෙන යයි. එඩිසන්ට සිටි ලොකුම හතුරා ටෙස්ලා විය. ටෙස්ලා අරුම පුුදුම මිනිසෙකි. ඔහුට ඕනැම සංකිර්ණ රුපයක් , සැලැස්මක් මතකයේ තබා ගතහැකිය. ඔහුට ඕනැම යන්ත්‍රයක සැලැස්ම මතකයෙන් ගොඩනැග්මට හැකි විය . එඩිසන්ට පෙර ටෙස්ලා විසින් විදුලි බුබුල ගැන පරික්ෂණ සිදු කලේය. ඔහු විදුලි බුබුලහි මුලික ආකෘතිය නිර්මාණය කලේය . නමුත් එය තවදුරටත් වැඩි දියුනු කිරිමට හැකියාව ( මුදල් ) ඔහු සතුව නොතිබුනි. එයින් ප්‍රයොජනය ගත් එඩිසන් සිදුකර තිබුනේ ටෙස්ලාගේ පරික්ෂණාගාරය ගිනි තබා පරික්ෂණ වල සැල්ස්මවල් සොරාගැනිමයි. එම සැලැස්මල් එතිනින් පසු විවිධ විද්‍යාඥයන්ට හිමි විය. එතින්න් පසු එඩිසන් ලොක්කා ලොකෙට ලොක්කෙක් විය. නමුත් ටෙස්ලාගේ සංකිර්ණ කරුනු මතින් ගොඩනැගුනු විදුලිබුබුල නිර්මාණය කරගැනිමට ලොකු වෙහෙසක් දැරිමට එඩිසන්ට සිදුවිය. එඩිසන්ට 999 වතාවක් එය උත්සහ කරන්නට වුයේ විදුුලිබුබල ඔහුගේම නිර්මාණයයක් නොවන නිසාය.
    ⭕
    ටෙස්ලාගේ තාක්ෂනය අප අදටත් භුක්ති විදති. ටෙස්ලා නොමැති වුයේ නම් අද ලොකයේ බොහෝ සෙයින් වෙනස්විමට පුලුවන. අද අපි ඔය පාවිච්චි කරන බොහෝ සංකිර්ණ යන්ත්‍රවල අඩිතාලම දැමුවේ ටෙස්ලාය . ටෙස්ලාගේ අරුම පුදුම සොයාගැනිමක් වන්නේ ගුවන්විදුලි යන්‍ත්‍රයයි. ටෙස්ලාගේ විද්‍යාගාරයේ ආකෘතියක් ලෙස නිමවුන ගුවන්විදුලි යන්ත්‍රයේ මුලික අඩිතාලම් සැලැස්ම ලැබුනේ ගුග්ලිමෝ මාකොනි අතටය. ඔහු එතනින් ලොකෙට ලොක්කෙක් විය. නමුත් මැතකදි ගුවන්විදුලිය සොයාගැනිමේ සමඅයිතිය නිකොලා ටෙස්ලාටද හිමිවිය
    ❤
    .
    ⭕
    ඒ වගේම ඇන්ජියර් තුල වු මැජික් පිලිබද දැඩි ඇල්ම ටෙස්ලා දකිනවා. ඒ මොකද ටෙස්ලාත් විද්‍යාත්මක දේ සම්බන්ධව දැඩි ඇල්මක් සහිත පුද්ගලයෙක් නිසා. ටෙස්ලා ඒ වෙලාවේ කියනවා " දැඩි ඇල්ම නිසා මම අද ඒකේ වහලෙක් වෙලා. දවසක ඒක මාව විනාශ කරයි " . එය එසේම සිදුුවුනා. ඒ වගේම ඇන්ජියර්ටත් තමාගේ දැඩි ඇල්ම නිසා ජිවිතය වැරදුනා.
    ⭕
    ඒ වගේම මේක ඇතුලේ හොදට පෙන්වන දෙයක් තමයි ඇන්ජියර් සත්‍ය දුටුවත් එය හදුනානොගන්නා එක. ඒ මොකද බොඩර් ටෙලිපොටර් මිනිසා අංගය සිදුකරන්නෙ තවත් මිනිසෙකුගේ උදව්වෙන් බව කාටර් පැවතුවත් ඇන්ජියර් සිතුවේ ඒක ඊට වඩා සංකිර්ණයි කියලා. එතනයි ඇන්ජියර්ට වැරදුනේ.
    ⭕
    ඒ වගේම ටෙස්ලා හදලා දෙන ක්ලොන කරන යන්ත්‍රය නිසා තවත් ඇන්ජියර් කෙනෙක් සැදුනා. එහිදි සිද්ද වුනේ මේකයි. ඇන්ජියර් යන්ත්‍රය ඇතුලට ගියාම එයාව ක්ලොනකරනය නැත්නම් පිටපත් වෙනවා. නමුත් පිටපත සැදෙන්නේ යම් දුරකින්. ඒ වගේම යන්ත්‍රය ඇතුලට යන ඇන්ජියර් වේද්කාවේ තියෙන සිදුරකින් අර වතුර ටැංකියට වැටෙනවා. පස්සේ අර පිටපත් වුන ඇන්ජියර් පරණ ඇන්ජියර් වගේ පෙන්න එනවා. ආයේත් ඉලග දවසේ දැන් ඉන්න ඇන්ජියර් වතුරට වැටිලා මැරෙනවා. අනිත් ඇන්ජියර් මිනිස්සුන්ට පෙන්න එලියට එනවා.
    ✅
    ඇයි ඇන්ජියර් වතුරටම වැටුනේ? වෙන ක්‍රමයක් තිබුනේ නැද්ද මැරෙන්න ?
    මතකද කටර් ඇන්ජියර්ගේ නොනා මැරන වෙලාවේ ඇන්ජියර්ට කියනවා " මම දැන ගෙන හිටියා එක සේලරුවෙක්ව . ඔහු නැවේ ගිහින් මුහුදේ රැලි අතර හිර වෙලා . එයාට විනාඩි 5 ක් ගිහින් කැස්සක් එන්න. එයා කිව්වේ හරියට ගෙදර ගියා වගේ කියලා " . ඇත්තටම කාටර් මෙතනින් අදහස් කලේ වතුරේ ගිලිලා මැරෙන එක හෙන කටුක දෙයක් කියලා . ඒ වගේම ටෙස්ලා කියනවා " මේක විනාශ කරන්න. ගැඹුරු මුහුදු පතුලට ගෙනිහින් දාන්න" කියලා. නමුත් ඇන්ජියර්ට තේරුම් ගියේ එය සාමාන්‍ය දෙයක් ලෙසින්. ඒකයි ඇන්ජියර් වතුරටම වැටිලා මැරුනේ. අන්තිමට දකින්න ඇති කාටර් චිත්‍රපටියේ අවසානයට ඇත්තම කියනවා " මම අදහස් කලේ ඒක කටුක දෙයක් කියලා ". එතකොටම ඇන්ජියර්ට ඇත්ත තේරුනා.
    ⭕
    ඒ වගේම කාටර්ගේ කිමට ඇන්ජියර් සහ බොඩන් යනවා චින මැජික් ශිල්පියෙක්ගේ මැජික් සංදර්ශනයක් නරඹන්න. දැක්ක ගමන්ම බොඩන් හදුනගන්නවා මැජික් ශිල්පියා කරන්නේ බොරුවක් හා මැජික් එක කරන ආකාරය. ඒ කොහොමද ඒ චින මැජික් ශිල්පියා තරැන කෙනෙක් . නමුත ඔහු රගපාන්නේ වයසක කෙනෙක් විදියට. බොඩන්ගේ ඒක දැක්කගමන් තෙරුම් ගියේ බොඩනුත් ඒ වෙනකොට ද්විත්ව චරිතයක් රගපාන නිසා.
    ⭕
    ඇත්තටම ජුලියා මරපු බොඩන් තමයි අවසානයේ එල්ලලා මරන්නේ. ඒ ඔලිවියාගේ බොඩන්. ඒ වගේම දරුවාගේ තාත්තා වෙන්නේ සාරාගේ බොඩන්.
    ⭕
    මේකේ දකින්න ඇතිනේ දින පොත් සින් එක. ඉස්සෙල්ලම බොඩන් ඔලිවියාගේ අතේ ඇන්ජියර්ට එවන්නේ බොරු දිනපොතක්. හිතා මතාම ඇන්ජියර් ලන්ඩන් වලින් ඇත් කරලා ඇමෙරිකාවේ යවලා ඇන්ජියර්ගේ සල්ලි හා කාලය නාස්ති කරවන්න.
    ඉලගට ඇන්ජියර් බොඩන්ට දෙන්නෙත් බොරු දිනපොතක්.
    😅
    . ඇන්ජියර් මැරුනේ නැ කියලා ඒත්උගන්වන්න.
    ⭕
    ඒ වගේම ටෙස්ලා කවදාවත් බොඩන්ට ටෙලිපොටර් මැෂින් එකක් හදලා දුන්නේ නැ. ඒක අර විදුලිය ජනනය කරන යන්ත්‍රයක්. නමුත් ටෙස්ලා ටෙලිපොටර් යන්ත්‍රයක් හදන්න ගිහින් අන්තිමට හැදුනේ ක්ලොනකරන ( පිටපත් කරන ) යන්ත්‍රයක්.
    The Prestige චිත්‍රපටිය එන්නේ 2006 දි . ගොඩක් විද්‍යාත්මක රහස් ගොඩකුත් එක්ක. ටෙස්ලාට සිදුවු අසාධාරණය වර්ථමානයේ කතාවට නැගුනද නොලන් බොසා එය ඉදිරිපත් කරන්නේ 2006 සිටය . සුපුරුදු පරිදි ඉදහිට ප්‍රෙක්ෂකයාගේ පොල්ලෙන් ඔලුවට ගසන නොලන් බොසා චිත්‍රපටිය මික්ස් රයිස් එකක් කර ඇත. ඒ චිත්‍රපටියේ රැප රාමු අනුපිලිවෙලට ගලා නොයන නිසාය. අවසාන මිනිත්තු කිහිපය ඇතුලත චිත්‍රපටිය උඩු යටි කුරු වන්නේ බොර්ඩන්ලා දෙන්නෙක් මතුවු බැවිනි.
    " කිර්තිය " උදෙසා තම ඕනැම දෙයක් කැප කල හැකි පුද්ලයන් දෙදෙනෙකු මත චිත්‍රපටිය ගොඩ නැගි ඇත. එකිනෙකා අභිබවා යමින් තම කිර්තිය අත්පත් කර ගැනිමට ඇන්ජියර් සහ බොර්ඩන් සුදානම් වි සිටි. ඔවුන්ට ඔවුන්ගේ කිසිම දෙයක් අහිමි වුනද ගානක් නැත. මැජික් පිලිබද ඔවුන් දෙදෙනාගේ උමතු සිතුවිලි වලින් ඔවුන් දෙදෙනාම විනාශ විය. ඇන්ජියර් හට ටෙස්ලා දෙන ඔවදනද සිහිතබාගන්න " ඕනම දෙයක් වෙත දැඩි සේ ආශා නොකරන්න මක් නිසාද යක් එය තමාගේ මෙන්ම තම අවසට සිටින පුද්ගලයන්ගේද විනාශය හේතුවක් විය හැකි නිසාය....."
    ජිවිතයට අවශය වන්නේ කිර්තිය නොව " යහපත් මිනිසෙකු විමයි "