The Train Trip Season II

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕකේ තමයි අපි ඉස්සර ඉස්කෝලේ යන්නෙත්...උදේ 6.38 ගනේමුල්ලට එනවා...ඒත් මම ඉස්කෝලේ ගිහිල්ල නතර කරනකන් ජීවිතේට වෙලාවට ආපු දවසක් නෑ.....උදේ 10.15 ට ආයෙත් ගම්පහට එනවා කොටුවට යන්න....පොඩ්ඩක් ඒ වෙලාවට ඇවිල්ල බලපන්කො ගම්පහට....අනිවා දාලා තියෙනවා විනාඩි 30ක් ප්‍රමාදයි කියල..

    uba 6.38 yanna kalin api oke giye 6.52 ban... 6,7,8 wasarawala anthima pettiye anthima dore, OL wenakan 1 pettiye 2 dora, at last AL kale genu lamaya nagina pettiyata :P:P:P:P:P


    ade priliminary approval eka ok una eye. podi ekata asaneepe godak wedi nethnam mamath gmpaha idivi welawatama....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    uba 6.38 yanna kalin api oke giye 6.52 ban... 6,7,8 wasarawala anthima pettiye anthima dore, OL wenakan 1 pettiye 2 dora, at last AL kale genu lamaya nagina pettiyata :P:P:P:P:P


    ade priliminary approval eka ok una eye. podi ekata asaneepe godak wedi nethnam mamath gmpaha idivi welawatama....


    අඩේ එදාට ගම්පහින් නගින උන් කීදෙනෙක් විතර ඉන්නවද බං..
    :rolleyes::rolleyes::rolleyes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ලංකාවේ හිටියනම් අනිවා එනවා. කෝච්චියේ ගිහිපු කාලයක් මතක නැහැ. හුඟ කාලෙකට කලින් රුහුණු කුමාරියේ වැඩට ආපු කාලේ මතක හරිම සුන්දරයි. ඒ කාලේ රුහුණු කුමාරි දිව්වේ M 4 එකකින්. සුපිරි එන්ජිම.
    M4%20copy.jpg

    හවසට කොටුවෙන් අදින ඇදිල්ල කළුතරට එනකම්ම සුපිරි වේගෙකින් එන්නේ. හවසට මරදානේ ස්ටේෂන් එකේ කෝච්චිය එනකම් ඈත බලන් ඉන්නකොට යාර්ඩ් එකෙන් M 4 එක ඇතින් මතුවෙනකොට දැනෙන සන්තෝසේ ඒවා මතක් වෙද්දී තාමත් දැනෙනවා වගේ. M 4 එන්ජිම අතරමග කැඩුනේ බොහොම කලාතුරකින් තමයි. මේ කියන්නේ 1998 -2005 අතර කාල පරාසය. අද උනත් රුහුණේ පස්සෙම පෙට්ටියට ගොඩ උනොත් එදා එකට ආව ගිය එකෙක් හරි ඉන්නවම තමයි. ඒ කාලේ හරිම සුන්දරයි. කෝච්චියේ එක සීට් එකේ ගිය එකෙක් විශ්‍රාම යනකොට දැනෙන කනගාටුව හරිම සංවේදියි. ඔක්කොම එකම සහෝදරයෝ වගේ. අලුත්ගමින් නගින මුස්ලිම් යාළුවො එයාලගේ අවුරුදු කාලෙට අපිට වටලප්පන් ගෙනවාමයි. එකෙක් විශ්‍රාම යනකොටත් සිංහල අවුරුද්දටත් කොහෙහරි පාටි එකක් දානවම තමයි. එකට ආව ගිය එකෙකුගේ මළගෙදරට මගුල්ගෙදරට රුහුණු කුමාරියේ සීට් එකේ කට්ටියගේ සහභාගිත්වය වරදින්නෙම නැහැ. අවුරුද්දට පස්සේ වැඩට යන මුල් දවසට හැමෝම එන්නේ මොනවා හරි කැවිලි ජාතියක් අරගෙනම තමයි. උදේට එනකොට අපි ගියේ ඉස්සරහම පෙට්ටියේ හින්ද අවුරුදු කැවිලි පෙවිලි M 4 එක පදවන රියදුරාටත් සහයකයටත් අනිවාර්යෙන්ම කොටසක් දෙනවාමයි. හරිම සුන්දර මතකයක්.

    කාලයක් සමුද්‍රදෙවියේත් ගියා. සමුද්‍රදේවී දිව්වේ M 8 ඉන්දියන් එන්ජින් එකකින්.
    6610595477_2d519511f9_z.jpg


    ඒ කාලේ හැටියට පෙට්ටි 17 ක් අදින්න පුළුවන් එකම එන්ජිම M 8 එක වෙන්න ඕන. හරිම ගෝසාව හැබැයි. පෙරේරාගේ කොච්චි ත්‍රෙඩ් එක දැකල ඒ සුන්දර මතකේ අලුත් උනා.

    කෝච්චියේ නලාව ගහන විදිහ බ්රේක් ගහන විදිහ අපිට කොයි තරම් සංවේදීද කියනවනම් කෝච්චියට මනුස්සයෙක් හැප්පුනොත් ඩ්‍රයිවර් හොර්න් එක ගහන සද්දෙන් බ්රේක් ගහන විදිහෙන් කෝච්චිය නවත්තන්න කලින් අපි දන්නවා මනුස්සයෙක් හැප්පුනා කියල.


    නියම ස්ටෝරි එක :cool::cool::cool:
    ඒ වුනාට දැන් ඔය දෙකම S11 :angry::angry: