විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..